The title of the page
12th Fail (2023) Sinhala Subtitles
12th Fail (2023) Sinhala Subtitles
8.2
90
95

12th Fail (2023) Sinhala Subtitles | “ආයෙමත් පටන් ගන්න” | සිංහල උපසිරැසි සමඟ

(12th Fail (2023) Sinhala Subtitles ) (12th Fail Hindi Movie Sinhala Subtitles) (12th Fail Sinhala Subtitles) (12th Fail Movie (2023) Sinhala Subtitles)  (12th Fail (2023) Hindi Movie Sinhala Subtitles) (12th Fail Movie Sinhala Subtitles)

කොච්චර කාලෙකින් IMDB අගය උඩම තියෙන ෆිල්ම් එකක් බැලුවේ නැද්ද.?

ඒකත් ඉන්දියන් Top Rating ලිස්ට් එකේ තියෙන ෆිල්ම්ස් 5ක්‌ වගේ පොඩි ප්‍රමාණයක් අතරින් එකක්?

කොච්චර කාලෙකින් අඩ අඩ හිනා වෙවී ෆිල්ම් එකක් බැලුවෙ නැද්ද.?

කොච්චර කාලෙකින් බලලා ඉවර වෙලා “අඩෝ මේක නම් සුපිරි අප්පා” කියල කියවෙන විදිහේ ෆිලුමක් බැලුවේ නැද්ද.?

කොච්චර කාලෙකින් ජිවිතේට දෙයක් එකතු කරගන්න පුළුවන් වැදගත් ෆිල්ම් එකක් බැලුවේ නැද්ද.?

කොච්චර කාලෙකින් හොද මෝටිවේෂන් එකක් එන ෆිලුමක් බැලුවේ නැද්ද.?

ඔන්න එහෙනම් ඒ සේරම තියෙන රස එක ගුණ එක, මේ දවස් වල හැමෝම හොයන එක, හැමෝම fb එක පුරා හෑලි ලියන ඒ සුපිරි එක අරගෙන ආව..

හත්තිලවුවේ ඔන්න දැන් මට බනින්න එහෙම එපා මේක මෙච්චර පරක්කු වෙලා දුන්න කියලා ඇ.. කාලෙකින් මාත් එක්ක සබක් කරේ නෑ කියලා අපේ උචිනි අක්කට ඕන උනා මේ ෆිලුමට සබක් කරන්න.. ඔන්න ඒකට මාත් වැඩ ගොඩක් අස්සේ සෙට් උනා.. යන්කෝ එහෙනම් ෆිලුමේ විස්තරේ බලන්න..

රාජ්කුමාර් හිරාණි කියන සුපිරි අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කරපු 3 Idiots, Munna Bhai M.B.B.S. වගේ ෆිල්ම්ස් බැලුවද.? එකපාර දෙපාරක් නෙවෙයි විසි තිස්‌ පාරක් බලලා ඇති ගොඩක් අය.. මොකද ඒවගේ ෆිල්ම්ස් සාමන්‍යයෙන් බොක්කටම වැදුනා අපේ.. කවදාහරි ඒ ෆිල්ම්ස් වල Script එක ලියපු කෙනාට අවධානය දීලා තියෙනවාද ඔයාල..මං හිතන්නේ ගොඩක් අය නෑ..

මෙන්න මේ ෆිලුම එයාගේ වැඩක්.. අධ්‍යක්ෂණයත් එයාගේ..එයා තමයි Vidhu Vinod copra කියන්නේ..12th fail චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, පිටපත සහ නිෂ්පාදනය 3 මෙයාගේ..කියලා වැඩක් නෑ ගිණි ගින්දර වැඩක් දීලා තියෙනවා අපිට අමතක නොවෙන්නම..

මේ සැරේ ශාරුක්ගෙ Dunki එකත් හිරාණිගෙ උනාට Script එක නම් මෙතුමාගේ නෙවෙයි..මෙයා ඒ ෆිලුමට නොගෑවිච්ච එකත් Dunki ෆිලුමට මිශ්‍ර ප්‍රතිචාර ලැබෙන්න හේතුවක් උනාදෝ කියලා මට හිතෙනවා

දැන් මොකක්ද මේ 12th fail කියන්නේ.. මේ හින්දි ෆිලුම අයත් වෙන්නෙ Drama & Comedy කියන Category එකට..මේ ෆිලුම සත්‍ය කතාවක් පාදක කරගෙන ඒක සිනමා නිර්මාණයකට ගැලපෙන විදියට වෙනස්කම් කිහිපයක් කරල නිර්මාණය කරා කියලා තමයි කියන්නේ…කාලෙකට පස්සේ ගොඩක් හිතට වැදුණු ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.. ගොඩක් අය මේ ෆිලුම ගැන ලොකු අවධානයක්‌ දුන්නේ නෑ.. මොකද අපේ ගොඩක් මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ එකම ෆ්‍රේම් එකකට කොටු වෙච්ච ෆිල්ම්ස් බලන්න නේ.. මේක ගොඩක් අය නොබලා ඉන්න ලොකුම හේතුව තමයි බොලිවුඩ් සුපිරි නළුවෙක් නොහිටින එක.. හැබැයි ගිය අවුරුද්දේ ආපු ගොඩක් ෆිල්ම් බ්ලොක් බාස්ටර් කුඩු පට්ටම් කරත් ඒවගෙන් කීයෙන් කීයෙද “රහක්” තිබ්බේ.. ඒ අතරින් කීයෙන් කීයද හතර පස් වතාව ආයේ ආයේ බලන්න හිතෙන්නේ..මට නම් මේක බලලා ඉවර උනාම තේරුනා “අඩේ මේක එක්ක බලද්දී ඒවා සේරම කැලේ නේ ” කියලා.. 😌

මේ ෆිලුමේ ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නෙ Vikrant Massey කියන නළුවා.. එයාව ගොඩක් දෙනෙක්ට නෝට් නම් නැතුව ඇති.. හැබැයි එයා 2013 ඉදන් මේ දක්වා ෆිල්ම්ස් 13 කට ආසන්න ගානකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.. බොහෝ චිත්‍රපටි ගොඩක් ජනප්‍රිය ඒවා.. නොදන්න අය පොඩ්ඩක් ගුගල් කරල බලන්න හොයාගන්න පුළුවන් වේවී…මට මිනිහව දකින හැමවෙලේම මතක් උනේ 3 idiots එකේ අමීර්ගෙ ඇක්ට් එක.. අඩේ මාරම ඇක්ට් එකක් ඒක.. ඒ ඒ තැන් වලදී ඒ ඒ Facial Expressions Next Level තිබුන.. කොල්ලා අලුත් උනාට මොකද බොලිවුඩ් වල ඉස්සරහට සුපිරි ගේමක් ගහනවා නියතයි ❤️

ඊළගටට ප්‍රධාන නිලිය විදියට රංගනයෙන් දායක වෙන්නෙ Medha Shankar කියන නිළිය.. ටිකක් නුහුරු ගතියක් නම් ඇති.. මෙයා දැනට චිත්‍රපටි 4කට වගේ ප්‍රමාණයකට තමයි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ..ඇයගෙත් මාරම ගති රංගනයක් තිබුනා.. අවන්කවම මරු.. මේක බලලා ඉවර වෙද්දී මට හිතුනු තව දෙයක් තමයි “අනේ මටත් මේ වගේ කෙල්ලෙක් ඕනේ ” කියලා 🥺♥️

ඉතුරු කාස්ට් එක පහලින් දාන්නම්..

Vikrant Massey as Manoj Kumar Sharma
Medha Shankar as Shraddha Joshi
Anant V Joshi as Pritam Pandey
Anshumaan Pushkar as Gauri Bhaiya
Priyanshu Chatterjee as DSP Dushyant Singh
Geeta Aggarwal Sharma as Manoj’s mother
Harish Khanna as Manoj’s father
Sarita Joshi as Manoj’s grandmother

විස්තරේ පොඩ්ඩක් කියන්නම්කෝ..

අපේ කතාවේ වීරයා තමයි මනෝජ් කියන්නේ.. බොහොම දුප්පත් විදියට හරි අමාරුවෙන් ජීවත් වෙන්නෙ.. මිනිහා ට්‍රයි කරන්නේ හොර කරල 12 විබාගේ පාස් වෙන්නෙ.. හැබැයි වැඩේ කියන්නේ පොරගේ ඉස්කෝලේ ප්‍රින්සිපල් ඇතුළු ගුරුවරු හැමෝම හැම ළමයෙක්ට හොර කරල විභාගේ පාස් වෙන්න උදව් කරනවා.. කෙටියෙන්ම කියනවා නම් එළිපිට විභාගේ ලියන්නේ.. ඔහොම හොර කරල විභාගේ ලියන්න හදද්දී ගමට අලුතෙන් ආපු අකුරටම වැඩ අවන්කව දුෂ්යන්ත් කියන DSP නිලධාරීයා මේ වැඩේට උදැල්ල දානව.. අනික තමයි ඒ ගමේ හැමෝම වැඩ කරන්නේ නගරාධිපතිට ඕන විදියට.. කොටින්ම කියනවා නම් ඉස්කෝලේ පවා අයිති නගරාධිපතිට.. පොඩි කේස් එකක් වෙලා අපේ මනෝජ්ට අලුත් DSP තුමාව හොදට හිතට අල්ලලා යනවා..

එයා දවසක් DSP සර්ගෙන් අහනවා “ඔයා වගේ වෙන්න මොකක්ද කරන්න ඕන ” කියලා.. එතකොට DSP සර් දෙන උත්තරේ තමයි “හොර කරන එක නවත්තපං… ඒ ඇති ” ඔච්චරයි.. ඔන්න ඔය වචන ටික මනෝජ්ගෙ බොක්කටම වදිනවා.. ඔතනින් පස්සේ පොර හොර කරන්නේ නැතුව 3 පාරක් ට්‍රයි කරල 12 විභාගේ පාස් වෙනව.. ඊටපස්සේ දිල්ලියට යනවා DSP කෙනෙක් වෙන්න හිතාගෙන.. ඔය යන අතරමගදදි බස් එකේ ඉන්න ගෑනු කෙනෙක් මනෝජ්ගෙ සල්ලි ඇදුම් සේරම තිබ්බ බෑග් එක පිටින්ම උස්සනවා.. ඔතනින් තමයි මිනිහගේ ජිවිතේ කට්ට පටන් ගන්නේ..

බින්දුවට වැටිල නන්නත්තාර වෙලා ඉන්න මිනිහෙක් ගොඩ යන්නේ කොහොමද කියලා බලන්න, ජිවිතේට හොද ගැම්මක් ගන්න, සතුටු වෙන්න, දුක් වෙන්න, කල්පනා කරන්න සහ ගොඩ යන්න ගැම්මක් ගන්න ආස අයට මේ සුපිරි ෆිලුම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා..

මේක වැඩක් නෑ කියලා, නොබලා අතැරලා දාන ඔබ‍ට දෙයියන්ගේම පිහිටයි!

“මතක තියාගන්න ලක්ෂය, කෝටිය වගේ ලොකු ගණන් හැදිලා තියෙන්නේ “බින්දු ගොඩක් සහ එකම එක “1” ඉලක්කමක්‌ එකතු වෙලා “

මම ශානා..

උචිනි අක්කයි මායි වෙනුවෙන් කොමෙන්ට් එකක් දාගෙනම යං හැමෝම ❤️

ගිහින් එන්නම්..බුදුසරණයි! ජේසු පිහිටයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

10 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා ……….
    ගොඩක්ම ස්තූතියි උචිනි ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. thanks alot sub ekt

  3. Thanks shan bro.. Tejas film akatath sub denna puluwanda..

  4. Thanks for sub both of you

  5. Thank You සබ් එක ඔයාලා දෙනකම් බලන් හිටියේ

  6. සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි

  7. Pamudu Shehan
    Cineru_users

    Thnakyou bro subtitle ekata. Harlan coben’s shelter series ekatath sinhala sub dennako 🥺🥺🥺 meka 2023 awe

  8. Thanks for the sub!!!!!

  9. Krishani Maheshika
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login