The Super Mario Galaxy Movie (2026) Sinhala Subtitles
The Super Mario Galaxy Movie (2026) Sinhala Subtitles
6.4
89

The Super Mario Galaxy Movie (2026) Sinhala Subtitles | “ තරු ලෝකයේ වික්‍රමය! ” | සිංහල උපසිරැසි සමඟ

(The Super Mario Galaxy Movie (2026) Sinhala Subtitles) (The Super Mario Galaxy Movie (2026) Sinhala Subtitle) (The Super Mario Galaxy Movie (2026) Sinhala Sub)

හායි යාළුවනේ, මම අද ඔයාලට අරගෙන ආවේ අපි හැමෝම ඇඟිලි ගැන ගැන බලන් හිටපු, අභ්‍යවකාශයේ සිද්ධ වෙන මාරම ලස්සන ඇනිමේෂන් මූවී එකක්. 2023 දී ආපු “The Super Mario Bros. Movie” එක බලපු අයට මතක ඇතිනේ ඒක කොයි තරම් ලස්සන එකක්ද කියලා. අන්න ඒකේ දෙවනි කොටස විදිහට තමයි Nintendo සහ Illumination එකතුවෙලා මේ The Super Mario Galaxy Movie එක අපිට අරන් එන්නේ.

මොකක්ද මේකේ වෙන්නේ!

කතාව පටන් ගන්නේ හරිම නිස්කලංක විදිහට. රොසලිනා (Rosalina) කුමාරිකාව එයාගේ පුංචි තරු දරුවෝ ටිකත් එක්ක ලස්සන කතාවක් කියව කියව ඉන්නවා. හැබැයි ඒ සතුට වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. එකපාරටම හෙණ ගහනවා වගේ ලොකු සද්දයක් ඇහෙනවා. රොසලිනා එළියට ගිහින් බලද්දී දකින්නේ මහා විසාල රොබෝ කෙනෙක් එනවා!
ඒ රොබෝ ඇතුළේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි, බවුසර්ගේ පුතා බවුසර් ජූනියර් (Bowser Jr.). එයා එන්නේ රොසලිනාව පැහැරගෙන යන්න. කොහොමහරි ඔය අස්සේ එක පුංචි තරු දරුවෙක් බොහොම අමාරුවෙන් පැනගෙන ඇවිත් පීච් කුමාරිකාවට මේ විපත්තිය ගැන කියනවා. ඉතින් රොසලිනාව බේරගන්න පීච්, මාරියෝ සහ ලුයිජි සෙට් එක වෙනත් ගැලැක්සියකට (Galaxy) යනවා එතනින් එහාට වෙනි සුපිරි දේවල් දැන් ගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා

ෆිල්ම් එකේ පසුබිම

Aaron Horvath සහ Michael Jelenic තමයි මේක අධ්‍යක්ෂණය කරන්නේ. හඬ දායකත්වයෙන් අපේ පරණ සෙට් එකම ඉන්නවා:

Chris Pratt – මාරියෝ

Anya Taylor-Joy – පීච්

Charlie Day – ලුයිජි

Jack Black – බවුසර්අලුතින්ම Brie Larson සහ Donald Glover වගේ සුපිරි නළු නිළියනුත් මේකට එකතු වෙලා ඉන්නවා.

තාක්ෂණික තොරතුරු
නිෂ්පාදනය: Illumination සහ Nintendo

වියදම: ඩොලර් මිලියන 110 (පට්ට බජට් එකක්!)

ධාවන කාලය: විනාඩි 98

සංගීතය: Brian Tyler

IMDB අගය: 6.5 / 10

පොඩි මතක් කිරීමක්:
ෆිල්ම් එක ඉවර වුණාම යන “Credits” ටික ඉවර වෙනකම්ම බලන්න. මොකද පස්සේ බලන්න වටින දර්ශන කිහිපයක්ම (Post-credit scenes) මේකේ අන්තිමට තියෙනවා.

එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මනින්ම මුණගැසෙමු. ඔයාලා හැමෝටම ජය වේවා!

සිංහල උපසිරැසි ගැන්වීම: අශේන් ගගනක (Ashen Gaganaka)

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් ගගනක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් ගගනක

October 31, 2025


43
Total Subtitles

One comment

  1. සබ්එකට තෑන්ක්ස් මල්ලි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login