The title of the page
The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles
The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles
4.9
21
54

The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles | “අමානුෂික ඝාතන” | සිංහල උපසිරැසි සමග

(The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles) (The Strangers: Chapter 1 (2024) Sinhala Sub)

(The Strangers: Chapter 1 Sinhala Subtitles) (The Strangers: Chapter 1 Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. සුපුරුදු විදිහට මේකත් කැම් පිටපතට කරලා තියාගත්ත නිසා තමයි අද මේ වගේ රිලීස් වුණ ගමන්ම දෙන්න පුළුවන් වුණේ.

හරි, අද මං ඔයාලට ගෙනාවේ The StrangersChapter 1 (2024).

Horror/Slasher කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 31යි. අධ්‍යක්ෂණය කරන්නේ Renny Harlin විසින්. රචනා කරන්නේ Bryan Bertino. චිත්‍රපටියටයේ බෙදාහැරීම් කරන්නේ Lionsgate Films ආයතනය. මේකට පාදක වෙන්නේ  Bryan Bertino විසින්ම රචනා කරලා  අධ්‍යක්ෂණය කළ The Strangers (2008) චිත්‍රපටියටය. 

ඊටපස්සේ ෆිල්ම් සීරිස් එකක් විදිහට මේකේ දෙවෙනි චිත්‍රපටියටය The Strangers: Prey at Night, 2018දී නිකුත් වෙනවා සීක්වල් එකක් විදිහට. 

ඒකෙන් පස්සේ  Bryan Bertino තීරනය කරනවා විවිධ අධ්‍යක්ෂකවරු යටතේ මේකට සීක්වල් ත්‍රීලොජියක් නිර්මාණය කරන්න. අන්න ඒ ත්‍රිලොජියේ පළවෙනි එක තමයි මේ The StrangersChapter 1 (2024) කියන්නේ. ඊටපස්සේ පිළිවෙළින් The StrangersChapter 2, 2024 අවුරුද්දේ අඟභාගයේදීත්, The StrangersChapter 3, 2025 අවුරුද්දෙදීත් නිකුත් කරන්න බලාගෙන ඉන්නවා.

The Strangers (2008) සහ The Strangers: Prey at Night (2018) චිත්‍රපටි බලලා නොතිබුණාට මේ චිත්‍රපටියටය බලන්න පුලුවන්. හැබැයි මේකෙන් පස්සේ එන චිත්‍රපටි බලන්න නම් මේක බලන්නම වෙනවා. මොකද කතාව එක දිගට කන්ටිනිව් වීමක් වෙන්නේ මේ චිත්‍රපටි 3.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Madelaine Petsch, Froy Gutierrez, Gabriel Basso, Ema Horvath ඇතුළු නළු නිළියන් පිරිසක්.චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ අමානුෂික ඝාතන එක්ක. කැළෑබද නගරයක් වීනස් කියලා. වැඩිය මිනිස්සු නෑ. ඉන්න මිනිස්සුත් හරි අමුතුයි. ඉතින් රයන් සහ මායා කියන ජෝඩුව මේ නගරය හරහා යනකොට එයාලගේ වාහනය අවාසනාවකට වගේ කැඩෙනවා. ඉතින් එයාලට එක රැයක් මේ නගරයේ ගත කරන්න සිද්ධවෙනවා. ඒකට එයාලට හම්බවෙන්නේ හුදකලා ප්‍රදේශයක තියෙන පුංච් ගෙදරක්. ඉතින් ඔය රෑ යාමෙදී තමයි මේ අමානුෂික සිද්ධිදාමය වෙන්නෙ. ඉතින් ඒ රාත්‍රියේ මොනවද වෙන්නේ, එයාලා කොහොමද ඒකට මූණදෙන්නේ, එයාලා ඒකෙන් බේරෙයිද වගේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. 

මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා රසවිඳින්නකෝ.

ඔයාලට ජය!!!

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


89
Total Subtitles

3 comments

  1. thank you.

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. laKMal
    Cineru_users

    thanks bro sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login