The title of the page
Bade Miyan Chote Miyan (2024) Sinhala Subtitles
Bade Miyan Chote Miyan (2024) Sinhala Subtitles
8.4
74

Bade Miyan Chote Miyan (2024) Sinhala Subtitles | “මාතෘභූමිය වෙනුවෙන්..” | සිංහල උපසිරැසි සමග |

(Bade Miyan Chote Miyan (2024) Sinhala Subtitles) (Bade Miyan Chote Miyan (2024) Sinhala Sub) (Bade Miyan Chote Miyan  Sinhala Sub) (Bade Miyan Chote Miyan  Sinhala Subtitles) (Bade Miyan Chote Miyan  Sinhala Subtitle)

සුභ අලුත් අවුරුද්දක්‌ වේවා ඔයාලා හැමෝටම..

සිනෙරූ 5th ඇනිවසරි ෆිල්ම් වැස්සත් එක්ක පුරා හෝරා 36 ක්‌ තිස්සෙ එකතුවෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි ❤️

ඔන්න ඉතින් අපිට හිතුන, ෆිල්ම් වැස්ස ඉවර කරද්දීත් බ්ලාස්ට් එකක් දීලම වැඩේ ඉවර කරන්න.. යන්කෝ එහෙනම් ඒක දිහාට 😉

අනිවාර්යෙන්ම කියන්න ඕන මේ ෆිලුම තියෙටර් රිලීස් වෙලා අදට හරියටම දවස් 4යි.. මේ වෙනකොටත් තිරගත වෙමින් තියෙන්නේ මේක.. ඒ නිසා අපි ,ඒ සිංහල උපසිරැසිය අරන් ඇවිල්ල තියෙන්නේ කැම් පිටපතකට..
ඒකත් අසාලිවීමක් කරල, වැරදි අඩුපාඩු ටිකක් ඇති.. ඒවා ඔරිජිනල් ආවම අප්ඩේට් කරල දෙන්නම්. හින්දි අසා ලියනව කියන්නෙ ලේසි වැඩක් නෙවෙයිනේ 🙂

මේ සිංහල උපසිරසියට 100% ක්‌ම ගැලපෙන කැම් video පිටපත් අපේ සයිට් එකෙන්ම ගන්න කියලා මතක් කරනවා..

මං ෆිලුම බාරගෙන, බාගේ බාගේ ගහමුද කියලා කතා කරපු ගමන් මගේ සහෝදරයා ඉඳුවර මල්ලි එකෙම්ම වැඩේට එකතු උනා.. ඒවගේම එයා තමයි ගොඩක් මහන්සි උනේ වැඩේට ❤️ ආදරෙයි හැමදේටම ❤️
ඒවගේම හැමදේකදිම වගේ මගේ පස්සෙන් ඉදන් උදව් කරන උචිනි අක්කා.. එයා තමයි මේ ලස්සන Cover Image එකත් හදල දුන්නේ.. ඊටපස්සේ ෆිලුම බාර දෙන තැන ඉදන් ඒක පෝස්ට් කරන තැන දක්වා පිටිපස්සෙන් ඉන්න සමිත අයියා..
දෙන්නටම ගොඩක් ආදරෙයි ❤️

Bade Miyan Chote Miyan 2024 එහෙමත් නැත්තම් BMCM කියන්නේ මේ වසරේ අප්‍රේල් 11 වෙනිදා ලොවපුරා තිරගතවීම ආරම්භ කරපු ගොඩක් අය බලාපොරොත්තු තියාගෙන හිටපු හින්දි ෆිලුමක්.. මේක හින්දි භාෂාව ප්‍රධාන කරගෙන Tamil, Telugu, Malayalam සහ Kannada කියන භාෂා වලින් හඩ කැවීම් කරල තිරගත වුනා.. මේක අයත් වෙන්නෙ science fiction action-thriller කියන කැටගරි එකට.. ඒවගේම මේක අධ්‍යක්ෂණය කරන්නෙ Gunday (2014), Sultan (2016), Tiger Zinda Hai (2017), Bharat (2019) වගේ ජනප්‍රිය චිත්‍රපට ගොඩක් අධ්‍යක්ෂණය හා තිර රචනය කරපු Ali Abbas Zafar කියන අධ්‍යක්ෂකවරයා විසින්..

මේ ටිකේ ආපු Pathaan 2023, Fighter 2024 සේරම ෆිල්ම් වල තිබ්බෙ දේශප්‍රේමය ගැනනෙ.. මේකත් අන්න ඒ විදිහෙම කතාවක්.. හැබැයි ටිකක් වැඩියෙන් තාක්ෂණය භාවිතාකරගෙන තියෙනව.. ඒ කියන්නෙ Artificial Intelligence, Robotics වගේ තාක්ෂණයන්..
බරටම තාක්ෂණික වචනත් පාවිච්චි කරල තිබුණ.. ඒව හැමෝටම තේරෙන විදිහට උපසිරැසි ගැන්නුවා.. සුපිරි ෆිල්ම් එකක් හැමෝම බලන්න.. ඔරිජිනල් ආපු ගමන් අප්ඩේට් එකක් දෙන්නම්.. එතකම් හදිස්සි කාරයො බලන්නකො..

කාස්ට් එක පහළින් දාන්නම්…

අක්ෂේ කුමාර් / කැප්ටන් ෆ්‍රෙඩී / බඩේ මියාන්

අක්ෂේ කියන්නෙ සාමාන්‍යයෙන් අමුතු ජාතියේ පිටපත් තෝරගන්න නළුවෙක් නෙ.. ඒක අපි හොදට Rowdy Rathore (2012), OMG – Oh My God! (2012), Toilet: Ek Prem Katha (2017), Pad Man (2018) වගේ ෆිල්ම්ස් වලින් දැක්කනෙ.. හැබැයි 2021 න් පස්සෙ නම් අක්ෂේට බොලිවුඩ් වල බ්ලොක් බාස්ටර් ෆිල්ම් ටිකක් දීගන්න බැරි උනා.. බ්ලොක් බාස්ටර් නැතත් කමක් නෑ කියන්නකො.. දීපු දෙකෙන් පංගුවක්ම ෆ්ලොප් වෙච්ච එකනෙ අවුල.. ඔන්න ඉතින් ඊටපස්සෙ තමයි අක්ෂේ මේ BMCM වගේ ලොකු ප්‍රොජෙක්‍ට් එකකට අතගහන්නෙ.. ගොඩක් රිවිව්ස් වල නම් කට්ටිය මේක ගැන එක එක කතා කියල තිබුන.. හැබැයි අපිට නම් දැන්ම මොකුත් කියන්න බෑ මේ ගැන, මොකද තාම තිරගත වෙන්න අරන් දවස් 4ක් වගේ පොඩි කාලයක් නිසා.. ඇක්ෂන් එකක් නිසා අක්ෂේ මේකට ගොඩක් මහන්සි වෙලා තියෙන බවක් නම් පේනව… කොහොමහරි මේකෙ ගොඩක් ස්ටන්ට් මේ දෙන්න (අක්ෂේ සහ ටයිගර්) විසින්ම කරා කියල තමයි මාධ්‍ය නම් වාර්ථා කරල තිබ්බෙ.. රංගනයත් හොද මට්ටමක තිබුණ..

ටයිගර් ෂ්‍රොෆ් / කැප්ටන් රොකී / චෝටේ මියාන්

ඇත්තටම මං මේ ෆිලුම කරන්න ප්‍රධාන හේතුවත් ටයිගර්.. මොකද මං පෞද්ගලිකව ආස කරන නළුවෙක් නිසා.. මොන කරුමෙකටද මංදා කොල්ල පිටපත් තෝරාගැනීම් අතින් නම් ඉන්නෙ දුර්වල තැනක.. මොකද Baaghi ෆිල්ම් සෙට් එකයි War එකයි ඇරුනම, පොරගෙන් ලොකු වැඩක් මං කිසිම ෆිල්ම් එකක දැක්කෙ නෑ.. Baaghi ෆිල්ම් ටික උනත් රීමේක් නිසා ඒවටත් ලොකු රේටින් එකක් දෙන්න බෑ.. ගොඩක් අය මෙයාට රීමේක් ෂ්‍රොෆ් කියලත් කියන්නෙ මෙයා කරපු ගොඩක් ෆිල්ම් ටැමිල් හෝ තෙලිගු ෆිල්ම් වල රීමේක් නිසා.. සෙට් නැති පිටපත් හම්බුනා මිසක් මට අනුව නම් කොල්ලා දක්ෂයෙක්.. ෆිල්ම් 10 වගේ පොඩි ප්‍රමාණයකින් බොලිවුඩ් වල සාමාන්‍යයෙන් ලොකු නමක් හදාගෙන ඉන්නව.. ඒවගේම මේ අවුරුද්දේ අගෝස්තු වල එන්න තියෙන Singham Again ෆිල්ම් එකෙනුත් අපිට ටයිගර්ව බලාගන්න පුලුවන්.. මං නම් කියන්නෙ BMCM කියන්නෙ පොරට කියාපු ෆිලුමක්.. මොකද මෙයා සාමාන්‍යයෙන් කරන්නෙම ඇක්ෂන් ෆිල්ම්ස් නෙ.. ඒ නිසා පොරට වැඩේ සෙට්.. පොරගෙ පැත්තෙන් නම් ලොකු සාධාරණයක් කරල තිබ්බ.. ලස්සන ඩාන්ස් ටිකකුත් තියෙනව ඔයාලම බලන්නකො..

ප්‍රිතිවිරාජ් සුකුමාරන් / ඩොක්ටර් කබීර්

මලයාලම් සිනමාව කියන්නෙ ගොඩක් අය ආස කරන හරි ලස්සන සිනමාවක්නෙ.. ඒකට ලොකුම හේතුව වෙන්නෙ ලොකේෂන් වල ඉදන් නළුවො, ඇක්ෂන් දක්වා තියෙන තාත්වික බව.. ටැමිල්, තෙලිගු ෆිල්ම් වලට වඩා මලයාලම් ෆිල්ම් වල ඇක්ෂන් තාත්විකයි කියන එක කිසිම අවිවාදයකින් තොරව පිලිගන්න ඕන කාරණාවක්.. ඒ මලයාලම් සිනමාවෙන් බිහිවුන තවත් එක් සුපිරි නළුවෙක් තමයි ප්‍රිතිවි කියන්නෙ.. මලයාලම් සිනමාවෙන් හදුනගත්තට මොකද ප්‍රිතිවි දමිළ සිනමාවට සම්බන්ධ වෙන්නෙ 2005 අවුරුද්දෙ.. එදා ඉදන් ගොඩක් දමිල සිනමා වලට වගේම තෙලිගු සිනමාපට දෙකකටත් ප්‍රිතිවි සම්බන්ධ වෙලා තියෙනව.. 2023 අවුරුද්දෙ නිකුත් උනු Salaar: Part 1 – Ceasefire කියන්නෙ ඒ අතරින් ගොඩක් අය දන්න කියන ෆිලුමක්.. මේක තමයි ප්‍රිතිවි සම්බන්ධ වෙන දෙවනි හින්දි ෆිලුම.. රංගනය අතින් නම් කියන්න දෙයක් නෑ.. සුපිරි මට්ටමේ රංගනයක් ප්‍රිතිවිගෙන් මම දැක්ක.. මලයාලම් වලින් තමන්ගෙ ගමන පටන් ගත්ත මේ කොල්ල දැන් කොලිවුඩ්, ටොලිවුඩ් විතරක් නෙවෙයි බොලිවුඩ් සිනමාවත් අල්ලල ඉවරයි.. සමහර අය කියල තිබ්බ ප්‍රිතිවි මේ වගේ ෆිල්ම් වලට සම්බන්ධ වෙන එකෙන් එයා මේ තරම් දුරට අරගෙන ආපු සාර්ථක ගමන අවුල් වෙයිද මංදා කියලත්.. අනේ මන්දා ඉතින් ඒක නම්, එක එක්කෙනාගෙ අදහස් නෙ..

මනුශි චිලාර් සහ ආල්‍යා එෆ් / කැප්ටන් මිශා සහ තොරතුරු තාක්ෂණ විශේෂඥ ඩොක්ටර් පර්මින්දර් බාවා නොහොත් “පෑම්”

මේ දෙන්න නම් සිනමාවට ටිකක් අලුත් දෙන්නෙක්.. මනුශි මේ වෙනකොට රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ චිත්‍රපට 4ක් වගේ පොඩි ප්‍රමාණෙකට..ඒ අතරින් The Great Indian Family, Operation Valentine කියන්නෙ නම් ඔයාලට ටිකක් මතක මේ ලගදි ආපු ෆිල්ම් දෙකක්නෙ..ෆිල්ම් පොඩි ප්‍රමාණෙකට රංගනයෙන් දායක වෙලා තිබුණත් මේ ෆිලුමෙ නම් මෙයාට ප්‍රධාන චරිතයක් දීල තියෙනව.. ඒ චරිතයටත් මෙයා ලොකු සාධාරණයක් කරල තියෙනව..ඊටපස්සෙ “ආල්‍යා” ආල්‍යාව නම් හැමෝම වගේ දන්නව කියල හිතනව, මොකද 2022 අපු Freddy ෆිලුමෙ ප්‍රධාන නිළිය උනේ මෙයානෙ.. අනික ඒ ෆිලුම ගොඩක් දෙනෙක් අතරටත් ගියා.. Freddy ෆිලුමට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි මේකෙ නම් ආල්‍යාට ලැබිල තියෙන්නෙ.. බුද්ධිමත් ඒත් ටිකක් ට්‍රැක් අවුට් ආතල් කියුට් කෙල්ලෙක්ගෙ චරිතයක්.. ඔයාලම බලන්නකො එහෙනම් මේ දෙන්නගෙ වැඩත්..

Sonakshi Sinha – කැප්ටන් ප්‍රියා ලෙසින්
Ronit Bose Roy – කර්නල් ආසාද් ලෙසින්
Manish Chaudhari – ජෙනරල් ශර්ගිල් ලෙසින්
Shahab Ali – කැප්ටන් වික්‍රම් ලෙසින්

විස්තරේ පොඩ්ඩක් කියන්නම්..

මාරාන්තියක් ආයුධයක් අරගෙන යන ඉන්දියානු හමුදා රථ පෙළකට වෙස්මූණු දාගත්තු පිරිසක් එකපාරටම පහර දෙනව.. පහරදීල ඒ සේරම සොල්දාදුවො මරල දාල, ඒ මාරාන්තික ආයුධය අරගෙන යනව.. ඒ ගමන් තමයි ඉන්දියන් හමුදා මූලස්ථානයට කතා කරල මේ වෙස් මූණු කාරයන්ගෙ ප්‍රධානිය ගේමක් ඉල්ලන්නෙ.. මේ මෙහෙයුමට යවන්න හොද දක්ෂයො දෙන්නෙක් හොයනකොට, සේවයෙන් අයින් කරල ඉන්න කැප්ටන් රොකී සහ ෆ්‍රෙඩී ව , කර්නල් ආසාද්ගෙ කීමට ආපහු මේ මෙහෙයුම වෙනුවෙන් බදව ගන්න වෙනව.. මෙයාලට හැමෝම කියන්නෙ බඩේ මියාන් සහ චෝටේ මියාන් කියල.. මුලදි වැඩේට අකමැති වෙන රොකී පස්සෙ වැඩේට කැමති වෙලා ගේමට බහිනව..හැබැයි ෆ්‍රෙඩී නම් මේ මෙහෙයුමට එකතු වෙන්න කැමති වෙන්නෙ නෑ.. රොකී මෙහෙයුම කරගෙන යද්දි වෙන ප්‍රශ්නයක් අතර නොහිතූ වෙලාවක මේ මිෂන් එකට ෆ්‍රෙඩී සම්බන්ධ වෙනව.. ඒ සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල ඔයාලම බලන්නකො.. හැබැයි මෙහෙයුමමේ ඉද්දි ෆ්‍රෙඩීට තේරෙනව මේ සේරම ඉන්දියන් හමුදාවයි, එයාලව කොටු කරගන්නයි දාපු උගුලක් කියල.. එතකොටත් පරක්කු වැඩියි.. වෙස්මූණු කාරයෙක් ඇවිල්ල මේ මෙහෙයුමේ ඉන්න හැමෝම අල්ලගන්නව.

කව්ද මේ වෙස්මූණුකාරයො.?
මොකටද මේ ෆ්‍රෙඩී රොකීවයි කොටුකරගන්නෙ.?
මේක හමුදාව එක්ක තියෙන පරණ කෝන්තරක් වෙන්න බැරිද.?

මේ වෙස්මූණු කාරයට සම්බන්ධ අයගෙ කටේ නිතරම තියෙන වාක්‍යයක් තමයි “අලුත් හතුරෙක් ගොඩක් වෙලාවට පරණ මිතුරෙක් වෙනව” කියන එක… ඔන්න ඔතනින් තමයි මේ සුපිරි ෆිලුම පටන් ගන්නෙ.. විස්තරේ කියෙව්වම නිකන් හොල්මන් වෙලා වගේ ඇති..

දැන් අනිවා ෆිල්ම් එක බලන්න එහෙනම්.. බලල සේරම doubt clear කරගන්නකෝ..

එහෙනම් වැඩේට මහන්සි උන අපි දෙන්න වගේම සයිටේ හැමෝම වෙනුවෙන් කොමෙන්ට් එකක් හලාගෙන යන්න.. ජයමවේවා..

මම ශානා ✍🤭

[දැනට නිකුත් වී ඇති HDTS පිටපතක් සඳහා මෙම උපසිරැසිය නිකුත් කර ඇත.]

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDCAM
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


259
Total Subtitles

16 comments

  1. Uchini Perera
    Cineru Family Member

    ඉඳුවර.. ශානා දෙන්නගෙම මහන්සියට කැපවීමට ස්තූතියි.. 🔥❤️🥰
    සුබ උපන්දිනයක් ශානා.. 🥰❤️

    • Shan Sasanga (ශානා)
      Cineru Family Member

      තැන්කිවූ අක්කේ 🥺❤️ හැමදේටම 🥺❤️

  2. Respect brothers 💓🔥

  3. laKMal
    Cineru_users

    ස්තූතියි ශාන් ඉදුවර සහෝලා දෙන්නටම…
    ඔරිජිනල් ආපුහමම බලනවා… ආපුගමන් අප්ඩේට් එකක් ඕනේ ශානෝ……

  4. Thank you both and respect your effort.

  5. Pure Roo
    Cineru_users

    J Baby (2024) sinhala sub pls /thank you

  6. Milinda Sandaruwan

    සබට බොහොම ස්තුතියි සහෝ ❤❤❤ හැබැයි
    Original Rip eka enaklma iwasala innawa 😌
    Silence 2 (2024) Movie ekta sub ek denna brother

  7. Happy new year
    Thank
    Good work booth

  8. ටයිගර් ගේ ගනපති මොකද උනේ
    🤔🤔

  9. INDUWARA NISAL
    Cineru Family Member

    බොහොම ස්තුතියි හැමෝගෙම අදහස් වලට💙

  10. බොහොම ස්තුතියි සහෝ ❤

  11. Anoj Kavinda Fdo

    තැම්කූ බ්‍රෝ ❤👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login