The title of the page
The Roundup Sinhala Subtitle
The Roundup Sinhala Subtitle
7.2
94
90

The Roundup AKA The Outlaws 2 (2022) Sinhala Subtitles | “ලේ පිපාසිත අපරාධකරු සොයා” | සිංහල උපසිරැසි සමඟ

(The Roundup AKA The Outlaws 2 (2022) Sinhala Subtitles) (The Roundup Sinhala Subtitle) (The Outlaws 2 Sinhala Subtitle) (The Roundup 2022 Sinhala Sub)

සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම.ඔන්න එහෙනම් අදත් මම උණු උණුවෙම කොරියානු සිනමා රසිකයෝ වගේම ලෝකවාසී සිනමා රසිකයොත් මග බලාගෙන හිටපු මේ අවුරුද්දේ සුපිරි කොරියානු බොක්ස් ඔෆිස් ක්‍රියාදාම චිත්‍රපටියක් වෙන The Outlaws 2 එහෙමත් නැත්නම් The Roundup චිත්‍රපටිය අරගෙන ආවා.

පෞද්ගලිකව මාත් මේ අවුරුද්දේ එනකම් බලාගෙන හිටපු සලරුවක් තම මේක.මොකද අපි කවුරුත් දන්න සුපිරි නළු මා දොං-සුක් තමා ප්‍රධාන චරිතය.එයා ගැන ඉතිං වෙන අටුවා ටීකා උවමනා නෑනේ. එකෙන්ම වැඩ්ඩෙක්. The Outlaws(2017), Unstoppable (2018), The Gangster The Cop The Devil (2019) ටික බැලුවොත් ඇති මා දොං-සුක් කවුද කියලා බලාගන්න.හරි,  The Roundup තමා 2017දී තිරගත වුණ The Outlaws චිත්‍රපටිය දෙවෙනි දිගහැරුම. පළවෙනි චිත්‍රපටිය බැලුවේ නෑ කියලනම් දෙවෙනි එක බලද්දි ගැටළුවක් නෑ.ඒත් කෝකටත් එක බලල නැත්නම් ඒක බලලා එන්න.

2017 පස්සේ අවුරුදු කීපයක් බලාගෙන ඉන්න වුණා දෙවෙනි චිත්‍රපටිය ගැන සුභාරංචියක් අහන්න. ඒ වගේම කොරෝනා කරදරත් අස්සේ 2021 දී රූගත කිරීම් ඉවර කරලා 2022 දී තිරගතකරනව කියලා නිවේදනය කරා. කොහොමින් හරි කොයිකවුරුත් බලාගෙන හිටපු චිත්‍රපටිය 2022 මැයි 18 වෙනිදා දකුණු කොරියාවේදී තිරගතකිරීම් ආරම්භ කරා.

මාස දෙකකට වැඩි කාලයක් තිරගතවුණ මේ චිත්‍රපටිය තිරගතකරලා පොඩි කාලෙකින්ම බ්ලොක්බස්ටර් ලේබලය අලවගන්න සමත් වුණා.මේ වෙනකොට බොක්ස් ඔෆිස් වාර්ථා බිඳහෙලමින් ඇ.ඩො.මි 100+ ආදායමක් ලබාගන්නට The Roundup සමත් වෙලා තියෙනවා.The Outlaws චිත්‍රපටියටත් ලබාගන්න පුළුවන් වුණේ ඩො.මි 53 ක ආදායමක්.මේ වාර්තා එක්ක දැනට ඩො.මි 100යේ ආදායම් කඩයිම පසුකරපු 6 වෙනි කොරියානු චිත්‍රපටිය විදිහටත් මේ අවුරුද්දට දැනට වැඩිම ආදායමක් ලබපු කොරියානු චිත්‍රපටිය විදිහට The Roundup වාර්තා අතරට එකතු වෙනවා.

Lee Sang-yong ගේ අධ්‍යක්ෂණන් නිමැවුණ මේ චිත්‍රපටියට සුපිරි නළු Ma Dong-seok, Seok-Koo Son, Choi Gwi-hwa ,Heo Dong-won, Eum Moon-suk, Park Ji-hwan, Ha jun ඇතුළුව ගොඩක් රංගන ශිල්පීන් ප්‍රමණනයක් දායක වෙනවා.මේ වෙනකොට 7.2 IMDb අගයකුත්,කුණු තක්කාලි දර්ශකයේ 94%ක් හා 90%ක ඉහළ ගූගල් පරිශීලක කැමැත්තකුත් මේ චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා. පළවෙනි චිත්‍රපටියේ වගේම මේකෙත් ලේ වැගිරීම් දර්ශන අඩංගු වෙනවා.අධික ලේ වැගිරීම් දර්ශන, අධික ප්‍රචන්ඩත්වය කියන කාරණා නිසා චිත්‍රපටියේ රූගතකිරීම් කරපු වියට්නාමයේ පවා තිරගත කරන්න තහනම් වැවුණා. කොහොමින් හරි මේ වෙනකොට අවුරුද්දේ සාර්ථක චිත්‍රපටියක් විදිහට The Roundup නමක් දිනාගෙන ඉවරයි.

කතාව කියනවනං පළවෙනි චිත්‍රපටිය බලපු අය දන්නවනේ මා සුක්-දෝ කියන්නෙ ගුම්චොන් පොලීසියේ අපරාධ පරීක්ෂක කෙනෙක්නේ. ඉතිං මේ පාර කලින් නඩුවකට අහුවෙලා රටින් පැනලා ගිහින් හිටපු අපරාධකාරයෙක් හදිසියේම වියට්නාමේ කොරියානු කොන්සියුලර් කාර්‍යාලය බාර වෙනවා, මිනිහව කොරියාවට අරගෙන එන්න මා සුක් දෝ එක්ක එයාගේ කැප්ටන් දෙන්න පිටත් වෙනවා. ඔය අතරේ මෙයාලා පැටලෙනවා කොරියාවෙන් පැනලා ආපු වියට්නාමේ වගේ රටවල්වලට එන කොරියානු සංචාරකයෝ, කොරියානු ආයෝජකයෝ පැහැර අරගෙන කප්පම් අරගෙන පස්සෙ මරලා දාන කන්ග් හේ-සන්ග් කියලා අපරාධකාරයෙකුත්. කන්ග් හේ සන්ග් තමා මේ කතාවේ විලන්.  අපේ යක්ෂ පොලිස්කාරයාගෙයි ලේ පිපාසාවෙන් මීනීමරන අපරාධකාරයාගෙයි ගැටුම මොනවගේද කියලා බලලම් ඉමු.

තව සුභාරංචියක් තමයි The Outlaws 2 තිරගතකරන්නත් කලින්ම The Outlaws 3 චිත්‍රපටියක් නිෂ්පාදනය කරනවා කියලා නිවේදනය කරා.ඒ වගේම තමා තුන්වෙනි චිත්‍රපටියේ රූගතකිරීම් කටයුතුත් පහුගිය 20 වෙනිදා පටන් ගත්තා.අපිට ඒක ඊළඟ අවුරුද්දේ බලන්න පුළුවන් කියලා තමා කියන්නේ.කොහොමද…මරු නේ?. එහෙනම් කට්ටිය මේකත් නරඹලා තුන්වෙනි දිගහැරුම එනකම් බලාගෙන ඉමු. මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙන යන්න හොඳේ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

12 comments

  1. Wow supirii….
    මන් මෙ මුවි එක subtitles දෙන ඔගොල්ලොන්ගෙන් කාට අවදානය ය‍‍‍‍‍‍යි ද කියල බලම් උන්නෙ thank brother thank brother …… මාත් අසම නලුවෙක්.. එවගෙම ඔය කලිම් ෆිල්ම් එක දෙපාරක්ම බැලුව..සුපිරියක්….. සබ් එකට බොහොම ස්තුතියි 🙏

  2. Pattaaaaaaaaaaaaaaaaaaaaaa

  3. Achi
    Top Fan ⭐⭐⭐

    සබ් එක දුන්නා එහෙනම් ආදරෙයි ආ

    • Achi
      Top Fan ⭐⭐⭐

      The Witch Part 1.2 සබ් ඔනී

      • samitha
        Cineru Family Member

        part 2 sub eke thiyenawa

        • Achi
          Top Fan ⭐⭐⭐

          නැ නැමේ කොරියන් 2ක
          The Witch Part 1 The Subversion (2018)
          The Witch Part 2 The Other One (2022)

          • කොරියන් එක ගැන තමයි කිව්වේ මචං..The Witch Part 02 : The Other One එකට සබ් දීීලා දැන් සතියක් දෙකක් විතර වෙනවා..

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  6. thanks ……………………..

  7. Krishani
    Cineru_users

    Thank you 💐💜️

  8. ගොඩක් ස්තූතියි සබ් එකට 😙

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login