The title of the page
The Room 2019 Sinhala Sub
The Room 2019 Sinhala Sub
6
71
71

The Room (2019) Sinhala Subtitles | “කාමරය​” | සිංහල උපසිරැසි සමඟ

(The Room (2019) Sinhala Subtitles)

මේ අරගෙන එන්නෙ මගේ 50 වෙනි සිංහල උපසිරැසියයි. ඉතින් මේ වෙනුවෙන් විශේෂයෙන් කරපු කතා මාලාවක් නැත්නම් චිත්‍රපටියක් ඔයාලා වෙනුවෙන් දෙන්නයි කළින් හිතාගෙන හිටියේ. ඒවුණත් මේ දවස්වල වැඩ වැඩි නිසා ඒකට වෙලාවක් තිබුණේ නැහැ. එතකොට මට මතක් වුණා, මම ඉස්සෙල්ලාම කරපු The Room (2019) Film එකේ සිංහල උපසිරැසිය. ඒක මම හදනකොට උපසිරැසි තිබුණේ WEB Rip/WEB-DL වලට විතරයි. ඉතින් මම මේක Blu-Ray එකට උපසිරැසි සැකසුවා. ඒවුණාට ඒක සයිට් එහෙකට දීගන්න නම් බැරි වුණා. ඉතින්, මගේ 50 වෙනි උපසිරැසිය වෙනුවෙන් ඔයාලට ඒ උපසිරැසිය දෙනවා. මේක ටිකක් පරණ Film එකක් නිසා ගොඩක් අය මේක බලලා ඇති. ඒවුණත් තරහ නැතුව අරගෙන බලන්න​. බලපු නැති අය කොහොමත් අරගෙන බලන්න​.

කතාව ගැන කියනවා නම්, මැට් සහ කෙට් කියන තරුණ ජෝඩුව අලුත් නිවසකට පදිංචියට යනවා, ඒ ගෙදර තියෙනවා අද්භූත කාමරයක්. මේ කාමරයෙන් සිතන පතන ඕනම දෙයක් ලබාගන්න පුළුවන්. ඒත් ඒ දේවල් ලැබෙන්නෙ කොන්දේසියක් එක්කයි. කොහොම හරි මේ දෙන්නා ඒ කාමරයෙන් ඉල්ලපු එක දෙයක් නිසා එයාලගේ ජීවිත සදහටම වෙනස් වෙනවා.

මගේ මේ 50 වෙනි කඩයිම වෙනුවෙන් සහය දුන්නු සිනේරු එකේ සහෝදරයින් තුන් දෙනෙක්වත් මතක් නොකරම බැහැ. ඉස්සෙල්ලාම සමිත රමේෂ් සහෝදරයා. සමිත තමයි සයිට් එකට ඇතුල්වෙන්න මට උදව් දුන්නෙ. එතන ඉඳලා, උපසිරැසි කරන්න අලුත් Film එකක් නැත්නම් TV Series එකක් ඉල්ලන හැමවතාවකම කිසි පරක්කුවක් නැතුව සමිත හොයලා දුන්නා. ඊළඟට සිනේරු සයිට් එකේ උඩින්ම ඉන්න දර්ශන හෙට්ටිවත්ත සහෝදරයා. දර්ශන අයියගේ උදව් නිසා මගේ ගොඩට උපසිරැසි ටිකක් එකතු කරගන්නත් පුළුවන් වුණා. දර්ශන අයියා එක්ක දිගටම සීරිස් දෙක තුනක් කරන්න හිටියේ. වැඩ වැඩි නිසා ඒකත් අතරමඟ නැවතුණා. ඉස්සරහට දර්ශන අයියා එක්ක එකතු වෙලා උපසිරැසියක් ඔයාලට ගේන්නම්. එතකොට මෑතකදි අඳුනගත්ත අංජුල උමේෂ් සහෝදරයා. අංජුල සහෝදරයා මෑතකදි උපසිරැසි කරපු Ragnarok (2020 -) එකේ උපසිරැසි සයිට් එකට දාගන්න මට ගොඩක් සහය වුණා. කියන පරක්කුව විතරයි උපසිරැසිය දුන්න ගමන් සයිට් එකේ. ඊට අමතරව මගේ උපසිරැසි බාගෙන බලපු, එක කමෙන්ට් එහෙකින් හරි සහයක් දුන්නු හැම සහෝදර සහෝදරියක්මත් ආදරයෙන් මතක් කරනවා. දිගටම සිනේරු එකත් එක්ක ඉන්න​. ඉස්සරහ අලුත්ම TV Series, Films වලට උපසිරැසි ඔයාලට අරගෙන එන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
BRRip /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

7 comments

  1. 50 වෙනි උපසිරැසි ගැන්වීමට සුබ පැතුම් මචං…😍😙

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ සුබ පැතුම් 50වෙනි සබ් එකට

  3. 50 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ!

  4. Thanks jayawewa…!

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Thanks Brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login