The title of the page
The Quiet (2005) Sinhala Subtitles
The Quiet (2005) Sinhala Subtitles
6.2
21
73

The Quiet (2005) Sinhala Subtitles | “ නිහඬව” | සිංහල උපසිරැසි සමඟ

(The Quiet (2005) Sinhala Subtitles) (The Quiet (2005) Sinhala Subtitles)

රඟපෑමෙන් එකතු වෙන ප්‍රධාන අය
Camilla Belle
Dot

Elisha Cuthbert
Nina Deer

Edie Falco
Olivia Deer

Martin Donovan
Paul Deer

Camilla Belle තමයි ඩොට්. එයාගෙ අම්මා නැති වෙන්නෙ මෙයාට අවුරුදු හතේදි. මෙයාගෙ තාත්තා බිහිරී. ඉතිං අම්මා නැති වුනාටපස්සෙ මෙයත් නිකන්ම ගොළු වෙලා. ඒ තාත්තා එක්ක ඉන්න නිසාම වෙන්න ඇති. ඉතිං මෙයාගෙ තාත්තත් නැති වුනාට පස්සෙ එයාව හදාගන්නෙ නීනාගෙ අම්මයි තාත්තයි.

Elisha Cuthbert නීනා ගෙම වයසෙ ඉන්න ඩොට් ගොළු නිසා ටිකක් අමුතු විදියට එයා දකින්නේ. නීනගෙ ඉස්කෝලෙටම තමයි ඩොට් යන්නෙත්, කොහොමත් ඩොට් හැම තිස්සෙම නීනා ගැන විමසිල්ලෙන් ඉන්නේ. ඉතිං නීනට ලොකූ ප්‍රශ්ණයක් තිබිලා තියනවා. ඉතිං මේ ප්‍රශ්නෙ කියාගන්න කෙනෙක් ඉඳලා නෑ. ඔලීවියා නීනගෙ අම්මාටත් නින්ද නොයන අසනීපයක් කියලා ඩ්‍රග්ස් ගෙනල්ලා දෙනවා නීනගෙ තාත්තා පෝල් අම්මට. මේ නිසා අම්මට කිව්වට වැඩක් නෑ කියලා නීනා දන්නවා. නීනගෙ යාළුවා මිෂෙල් හිටියට හැමදේටම එයා මිශෙල්ටවත් කිසි දෙයක් කියන්නෙ නෑ. ටිකෙන් ටික නීනා ඩොට්ට කිට්ටු වෙනවා. ඒ හොඳ ප්‍රෙන්ඩ් ශිප් එකක් වගේ නෙවෙයි. ඒක එයා කරන්නෙ නිතරම ඩොට්ව බුලින් කරනවා වගේ දෙයක්.

ඒත් ඩොට්ට ඕනේ එයා පස්සෙන්ම ඉන්න. එයා යන තැන යන්න. එයා කෝනර් කියන ඉස්කෝලෙ බාස්කට් බෝල් සෙල්ලම් කරණ බෝයි එක්ක යාළුවෙනවා. ඒ කරලා එයා උත්සහ කරන්නේ නීනා එයාට කියන කතා මොනවගේද කියලා බලන්න. නීනාගෙ අත්දැකීම් එයා ඩොට් එක්ක කියනවා. ඒ කියන හැම දේම කෝනර් මාර්ගයෙන් තමයි එයා ට්‍රයි කරල බලන්නේ. මොකද එයා නිහඬවම හිටපු කෙනෙක් නිසා කිසිම සමාජ දැනීමක් නෑ. ඉතිං මං කිව්වනෙ ඩොට්ට ඕනෙ නීනගෙ පස්සෙන්ම එයා ගැන ඇහැ ගහන් ඉන්නෙ කියලා. නීනා චිත්‍ර පටියක් බලන්න ගියත් එයාටත්ඕනෙ වෙනවා ඒක බලන්න යන්න. එතනදි නීනාත් එයා ගැන උනන්දුයි කියලා ඩොට්ට තේරෙනවා. නීනා උත්සහ කරනවා කන් වහගෙන ඩොට්ට ඇහෙන්නෙ නැති වුනහම මොනවගේද කියාලා බලනවා.

මිෂෙල්ගෙන් ටික ටික ඈත් වෙන නීනා එයා කරන්න යන බිහිසුණු දේවල් කියලා ඩොට්ව අවුස්සනවා. එයා අරක මේක කරනවා කිව්වට, එයාට එහෙම දෙයක් කරන්න හයියක් නෑ. කට විතරයි. ඉතිං ඒවා කියද්දිත් ගණං ගන්නෙ නෑ කියලා අහන් ඉන්න ඩොට් එයාගෙ ඇස් පිහාටුවක් ඇඟිල්ලට ගන්නවා. ඒක පුංචි කාලේ අපිත් කරපු දෙයක්නෙ. ඒක ඇගිල්ලට ගත්තු ගමන් ඩොට් දිහා ටිකක් බලන් ඉඳලා නීනා නැගිටලා යනවා. ගියාට පස්සෙ ඩොට් ඇස් පියන් ප්‍රාර්ථනා කරලා ඒකට පිඹිනවා. ඒකෙන්ම තේරෙනවා එයාට ඕනේ නීනත් එක්ක යාළුවෙන්න. ඔය අතර නීනා ඩොට්ගෙ හොරයක් අල්ල ගන්නවා. ඒත් ඒක එයා දන්නවා කියලා එයා අඟවන්නෙ නෑ.  නීනා අවසානෙදි ඩොට්ට කියනවා ඔන්න අදින් පස්සෙ ඔයා තමයි මේ ගෙදර එකම ළමයා වෙන්නෙ නීනා ගෙදරින් යනවා කියලා. නීනා කියන දේවල් ගණං නොගෙන වගේ හිටියට ඒ හැම දෙයක් ගැනම හොයනවා.

ඉතිං නීනා ගෙදරින් ගියොත් ඩොට් ආයෙත් තනි වෙනවා. නීනව ගෙදර තියා ගන්න නම් මොකද කරන්නෙ කියලා එයා කල්පනා කරනවා. ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම බලන්න. මොකක්ච සිද්ධ වෙන්නෙ කියලා. මම කැමිලාගෙ ෆිල්ම් එකක් කලින් උපසිරැසි කළා. From Prada to Nada 2011 (Nora Dominguez)ඒකත් බලන්න. එතකොට එලීශාගෙ 2022 තවත් සුපිරිම චිත්‍රපටියකුත් ආවා. The Cellar 2022 (Keira Woods) ඒකත් සිනෙරූ එකෙන්ම ඔයාලට බලන්න පුළුවන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    ….. බුදු සරණයි – දෙවි පිහිටයි ….

  2. Thanks sub ekata

  3. තැන්ක්‍යු

  4. Thanks for the sub!!!!!!!!!!

  5. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login