The title of the page
The Pope's Exorcist (2023) Sinhala Subtitles
The Pope's Exorcist (2023) Sinhala Subtitles
6.1
50
91

The Pope’s Exorcist (2023) Sinhala Subtitles | “යක්ශයාගේ නැවත පැමිණීම” | සිංහල උපසිරැසි සමඟ

(The Pope’s Exorcist (2023) Sinhala Subtitles) (The Pope’s Exorcist (2023) Sinhala Sub) (The Pope’s Exorcist Sinhala Subtitles) (The Pope’s Exorcist Sinhala Sub)

ඔන්න යාලුවනේ අලුත්ම චිත්‍රපටියකට උපසිරැස අරගෙන තමා ආවෙ. Horro කාණ්ඩෙට අයත් වෙන මේ චිත්‍රපටය කාලෙකට පස්සෙ ආපු හොද Horro Movie එකක් කියල කියන්න පුලුවන්. මේ කතාවට පාදක කරගෙන තියෙන්නෙ 1990 දී නිකුත් කරපු An Exorcist Tells His Story කියන පොතයි 1992 දී ෆාදර් Gabriele Amorth විසින් රචිත An Exorcist: More Stories කියන ග්‍රන්ථ දෙක.ගේබ්‍රියෙල් ආමෝර්ත් පියතුමාගෙ භූත කර්ම ගැන කියවෙන එක් සත්‍ය සිදුවීමක් වටා තමා මේ කතාව දිවෙන්නෙ. Evan Spiliotopoulos විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය තිර රචනය කරල තියෙන්නෙ Michael Petroni. ගේබ්‍රියෙල් ආමෝර්ත් පියතුමාගෙ චරිතයට පණ පොවන්නෙ සුපිරි නළු Russell Crowe. Laurel Marsden , Alex Essoe ,Daniel Zovatto , Franco Nero ඇතුලු නළු නිලියන් අනෙක් චරිත වලට පණ පොවනවා.

Imdb අගය 6.1 වගේම කුණු තක්කාලි 50 ක් මේ චිත්‍රපටයට හම්බවෙලා තියනවා. නිකුත් කලේ 2023 අප්‍රේල් 05. ඒ වගේම ඇමරිකන් ඩොලර් මිලියන 61.8 ගරාගන්නත් පුලුවන් වෙලා තියනවා. පැය 1 විනාඩි 43 ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය කම්මැලිකමක් නැතුව කුතුහලයෙන් බලන්න පුලුවන්.

ගේබ්‍රියෙල් ආමෝර්ත් පියතුමා කියන්නෙ වතිකානුවෙ ප්‍රධාන භූත කර්ම කරන්නා. භූත , යක්ශ ප්‍රශ්න වලට එයා නැතුවම බෑ. ඒත් සමහර අය මේ භූත කර්ම වැඩ වලට කැමති නෑ. ඉතිං මේ තනතුර පල්ලියෙ අයින් කරන්න සූදානම් වෙන වෙලාවක පාප්තුමා එයාට රාජකාරියක් භාරදෙනවා. ඒ තමා යක්ශයෙක් ආවේශ උන කොල්ලෙක්ව බේරගන්න. ඒත් ආමෝර්ත් පියතුමා හිතන්නෙවත් නැතුව ඇති එයාගෙ ජීවිතේ එයා මුහුන දෙන දරුණුම බලවේගෙට තමා එයා ළං වෙන්නෙ කියලා. ආමෝර්ත් පියතුමාට මේ යක්ශයව එළවලා දාන්න පුලුවන් වෙයිද? එහෙනං අනිවා ඔයාලට මේක බලන්නම වෙනවා.

” ඔබේ පාපයන් ඔබව සොයයි “

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුලක්ශන සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Thanks brother …❤️sub ekata…

  4. Thanks bro keep up your good work well made subtitles

  5. සබට ස්තූතියි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login