The Master and Margarita (2024) Sinhala Subtitles
The Master and Margarita (2024) Sinhala Subtitles
7
80

The Master and Margarita (2024) Sinhala Subtitles | “මාස්ටර් සහ මාගරීටා” | සිංහල උපසිරැසි සමඟ

(The Master and Margarita (2024) Sinhala Subtitles) (The Master and Margarita (2024) Sinhala Subtitle) (The Master and Margarita (2024) Sinhala Sub)

Cineru.lk 7 වෙනි සංවත්සරය වෙනුවෙන් නිර්මාණය මං කරපු සිංහල උපසිරැසියත් එක්ක ඔන්න අද අරගෙන ආවෙ සාමාන්‍ය ලෝකෙන් එළියට ගිහින් අමුතුම Fantasy ලෝකෙක අතරමං වෙන්න කැමති අයට කියාපු Film එකක්. රුසියානු ජාතික Mikhail Bulgakov රචනා කරපු නවකතාවක් පාදක කරගෙන Michael Lockshin අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කරපු The Master and Margarita කියන්නෙ නිකම්ම නිකන් ආදර කතාවක්වත්, රජ කතාවක්වත් නෙවෙයි. මේක Reality එකයි, Fantasy එකට පැටලිලා තියෙන මාරම සිනමා අත්දැකීමක්…

කතාව ගැන පොඩි විස්තර‍යක් කිව්වොත් පටන් ගන්නෙ 1930 ගණන්වල Moscow වල. හැබැයි මේ අපි දන්න සාමාන්‍ය Moscow නෙවෙයි, පාලකයින්ගෙ අණට යටවුණු, නිදහස් අදහස් තහනම් කරපු වෙනස්ම ලෝකයක්. මේකෙ ඉන්නවා එක දක්ෂ ලේඛකයෙක්. එයාට කියන්නෙ Master කියලා. එකපාරටම රජයෙන් මෙයාගේ නිර්මාණ ඔක්කොම තහනම් කරනවා. රස්සාව, සල්ලි, සමාජ තත්ත්වය ඔක්කොම නැතිවෙලා පාරට වැටෙන මේ ලේඛකයට එකම හයියක් වෙන්නේ එයාගෙ ආදරවන්තිය වෙන Margarita විතරයි…

ඉතින් Margarita ත් එක්ක මෙයා අලුත් පොතක් ලියන්න පටන් ගන්නවා. මේ පොතේ ප්‍රධාන චරිතය තමයි Woland. එයා වෙන කවුරුවත් නෙවෙයි, සාතන්! Woland කරන්නෙ Master ට කරදර කරපු මිනිස්සුන්ට දඬුවම් දෙන එක. කතාව ලියාගෙන ඉස්සරහට යද්දි, Master ට එයාගෙ ඇත්ත ජීවිතේ මොකක්ද, එයා ලියන කතාව මොකක්ද කියලා හොයාගන්න බැරිවෙන තරමටම එයා ඒක ඇතුළෙ අතරමං වෙනවා. මේ කතාව ඇතුළෙ තවත් අතුරු කතාවක් යනවා. ඒ පැරණි ජෙරුසලමෙ හිටපු පොන්ටියස් පිලාත් ගැන. මේ කතා තුනම එකට ගැළපීගෙන කතාව ඉස්සරහට ගලාගෙන යනවා. බයවෙන්න එපා, මං කතාව තව Spoil කරන්නෙ නෑ, අන්තිමට මොකද වෙන්නෙ කියලා ඔයාලම බලලා තේරුම් ගන්න…

මේ වගේ නව කතාවකට පණ දෙන්න ලේසි නෑ. විශේෂයෙන්ම Woland එහෙමත් නැත්නම් සාතන්ගේ චරිතය කරන August Diehl. ඔයාලට මෙයාව Inglorious Basterds එකේ මතක ඇති. එයාගෙ හිනාවෙන්, බැල්මෙන් පවා කතාවට අමුතුම අභිරහස් ගතියක් එකතු කරලා තියෙනවා. ඒ වගේම Master සහ Margarita විදිහට ඉන්න Evgeniy Tsyganov සහ Yuliya Snigir දෙන්නා අතරෙ ඇත්ත ජීවිතේ වගේම මාරම ලස්සන Chemistry එකක් තියෙනවා…

විශේෂයෙන්ම මේකෙ Visuals ගැන කියන්නම ඕනෙ. පරණ සෝවියට් ලෝකයයි, Master ගෙ හිතේ මැවෙන Fantasy ලෝකයයි තාත්විකව තිරයට ගෙනල්ලා තියෙනවා. ඒ හින්දම මේක හොඳ Dark Fantasy එකක් විදිහට රසවිඳින්න පුළුවන්. Lorne Balfe ගෙ පසුබිම් සංගීතයත් එක්ක මේ Fantasy එකේ අතරමං වෙන්න අපිට නිකම්ම පුළුවන් වෙනවා…

නිකම්ම Film එකක් බලලා පැත්තකට දානවා වෙනුවට, මොළේට පොඩි බරක් දීලා, බලය, කලාව වගේ දේවල් ගැන හිතන්න දෙයක් තියෙන වෙනස්ම විදිහෙ සිනමා අත්දැකීමක් හොයනවා නම්, The Master and Margarita කියන්නෙ බලන්න ඕනෙම එකක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


78
Total Subtitles

One comment

  1. ස්තූථියි ධනුෂ්ක සහෝ මේකට සිංහල සබ් දුන්නට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login