The title of the page
The Lie (2018) Sinhala Sub
The Lie (2018) Sinhala Sub
5.8
42
68

The Lie (2018) Sinhala Subtitles | “බොරුව” | සිංහල උපසිරැසි සමඟ

(The Lie (2018) Sinhala Subtitles) පැය 1 මිනිත්තු 37ක්‌ පුරා දිවෙන මෙම චිත්‍රපටය Thriller ශානරය යටතේ බෙදා වෙන් කල හැක.  ප්‍රධාන චරිතයට,  කුඩා කල Ramona & Beezus චිත්‍රපටයේ Ramona චරිතයෙන් සහ The Kissing Booth චිත්‍රපට මාලාවේ Elle ගේ චරිතයෙන් හමුවන Joey King රංගනයෙන් දායක වී ඇත. IMDb 5.8/10ක අගයක් සහ 42%ක කුණු තක්කාලි අගයක් සටහන් කරන්නට චිත්‍රපටය සමත් වී තිබේ. මෙය We monsters යන ජර්මානු චිත්‍රපටයේ නැවත සම්පාදනයක් බවත් සදහන් වේ. රේටින් ගැන හිත හිත බැලුවොත් හොද චිත්‍රපටයක් මග හැරෙයි කියලයි මට කියන්න වෙන්නේ. මොකද රසවින්දනය අඩුයි කියලා අවතක්සේරු කරන්න බැරි චිත්‍රපටයක් වශයෙන් මම මෙය දකිනවා.

කතාව ගැන කිව්වොත්…..
කේලා (Joey King) බැලේ පාසලෙන් මෙහෙයවන සති අන්ත වැඩසටහනකට සහභාගී වෙන්නට තම පියා ජීවත් වන ප්‍රදේශයට පැමිණෙනවා.. ඒ තම මව රෙබෙකා(Mireille Enos) සමග. ඇගේ පියා ජේ (Peter Sarsgaard) හා මව මේ වනවිට දික්කසාද වෙලයි ඉන්නේ. නමුත් රෙබෙකා රැකියා කටයුතු නිසා දියණියව ජේ හට ග්‍රේෂ්හැම් වල වැඩසටහනට ඇරලවන්නට භාර දි පිටත්ව යනවා.

ඔවුන් යන අතර මගදී කේලාගේ මිතුරිය බ්‍රිට්නී(Devery Jacobs) ද වාහනයට ගොඩ වෙනවා.බ්‍රිට්නිගේ හැසිරීම පිළිබද නොරිස්සුමෙන් සිටින කේලා නැවතුමකදී ඇය හා බහින් බස් වෙමින් වාහනයෙන් බැස යන කේලා මිතුරියව පාලමකින් බිමට තල්ලු කරනවා..කේලා මිණිමරුවෙක් වේවිද? දෙමාපියන් ඇයව කෙසේ පිළිගනීද? ඇයව ආරක්ෂා කරන්නට ඔවුන් ලෝකයටම බොරු කරාවිද? මෙය කොච්චර දුර දිග යාවිද??

Stay Home, Stay Safe!

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Thank you❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login