The title of the page

14 Days of Love (2021) Sinhala Subtitles | “දින 14 ආදර කතාව ” | සිංහල උපසිරැසි සමඟ

(14 Days of Love (2021) Sinhala Subtitles)

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතින් අද මම ආවේ තවත් මලයාලම් කෙටි චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙනයි.

මේ කතාව ගැන තොරතුරු ටිකක් මම පහලින් දාන්නම්.

  • Story & Direction : Nahas Hidhayath
  • Direction of Photography : Vishnuprasad
  • Screenplay & Dialogues : Abhikersh Vasanth
  • Editor : Sagar dass Music : Joel Johns Associate
  • Director : Shabas Rasheed
  • Creative Director : Navas Sulaiman
  • Stills : Ajay Nipin
  • DI : Dawn B Johns
  • Lyrics : Tito P Thankachan
  • Makeup : Jithu Dileep
  • Assistant Editor : Aarsh Poulose
  • Associate Cameraman : Ajith Vishnu
  • Assistant Cameraman : Nikhil Nicky
  • Design : Ma Mi Jo

ඒ වගේම කියන්න ඕනා මේක පැය ගානක කතාවක් නෙමේ විනාඩි 35 ක කෙටි චිත්‍රපටයක් . මලයාලම් භාෂාවෙන් හැඩගැහෙන මේක ලස්සන ආදර කතාවක්… 

ඒ වගේම මෙම චිත්‍රපටයේ රංගන ශිල්පීන් ලෙස Unni Lalu , Nayana Elza , Fijo Philip , Anil Narayanan , Chinnumol Chacko , Sagar Dass , Manu Raj , Amritha Manuraj , Pushpa Kumari ඇතුලු තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වෙනවා..

 

කතාව ගැන ටිකක් කියන්නම්…

මේකේ ප්‍රධාන නලුවා අර්ජුන් ඉතින් මේ අර්ජුන් හැමදාම ඔෆිස් යන්නේ කැබ් එකකින්, ඉතින් මෙහෙම යන අර්ජුන්ගෙන් කැබ් එකේ ඩ්‍රයිවර් අහනවා සර් තව ගෑණු ලමයෙක් ඉන්නවා යමින් ගමන් අපි එයාවත් දාගෙනම යමුද කියලා, මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අර්ජුන්ට එදා ගොඩක් පරක්කු වෙලා මොකද ඔෆිස් එකේ හදිසි මීටින් එකක් ඒත් අර්ජුන් කියනවා හරි දාගෙන යමු හැබැයි ඉක්මනට කියලා , ඉතින් මේ කෙල්ල තමා අපේ ප්‍රධාන නිලිය ඇය නමින් පාර්වතී , ඉතින් ඇයව ගන්න ගියත් ඇය ඇගේ අයිඩී එක නැති වෙලා හෙන වෙලා හොයනවා පස්සේ කැබ් එකට එන පාර්වතීට අර්ජුන් බනිනවා, ඉතින් මෙහෙම දින කීපයක් ගිහින් අර්ජුන් මාස්ක් එකකින් මූන වහන් ඉන්න පාර්වතීගේ සම්පූර්න මුහුන දකිනවා ඒක දැක්කා විතරයි කොල්ලට ආදරයක් ඇති වෙනවා , ඉතින් මෙහෙම ගිහින් කෙල්ලගෙ නම අහගන්න ඉන්න දවසේ කෝල් එකක් එනවා කෙල්ලට කොවිඩ් පොසිටිව් ඔයත් දවස් 14 ක් නීරෝධානයේ ඉන්න කියලා…

 

  • ඉතින් මේ දෙන්නගේ ආදර කතාව එතනින් ඉවර වෙයිද..?
  • එහෙම නැත්තන් දෙන්නා එකතු වෙයිද..?

 

මේ දේවල් දැනගන්න නම් කතාව බලන්නම වෙනවා….

එහෙනම් මම ගිහින් එන්නම් හැමොටම බුදු සරනයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


130
Total Subtitles

3 comments

  1. Thanks Sub Ekata.

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login