The title of the page
The Last Film Show Sinhala Subtitle
The Last Film Show Sinhala Subtitle
7.2
100
86

The Last Film Show AKA Chhello Show (2021) Sinhala Subtitles | “චිත්‍රපට සිහිනය” | සිංහල උපසිරැසි සමඟ

(last film show(2021) sinhala sub) (last film show(2021) sinhala sub)

Last Film Show-chhello show

Nominated as best international feature film at 95 th Oscars Academic Awards (2023)

මේ චිත්‍රපටය තමයි 95 වැනි (2023) oscars සම්මාන උලෙළට best international feature film  කියන කැටගරිය යටතේ, ඉන්දියාවෙන් තේරී පත්වුණු චිත්‍රපටය.විශේෂත්වය වෙන්නේ මේ ෆිල්ම් එක ඉන්දියාවේ ප්‍රභල industry එකකින් ආපු ෆිල්ම් එකක් නොවීම.මේ ෆිල්ම් එක ගුජරාටි ෆිල්ම් එකක්.බොහොම අඩු budget එකකින් තමයි හදලා තියෙන්නේ.මේ ෆිල්ම් එක මුලින්ම එළිදැක්වූවේ 20 වැනි tribeca film festival එකේ 2021 ජුනි 10 වැනිදා.මේ ෆිල්ම් එක oscar වලට තේරී පත්වුණාට පස්සේ ගොඩාක් අයගේ කතා බහට, රසවිදීමට ලක් වුනා කිව්වා නම් හරි.ගොඩාක් ඉන්දීය සිනමා රසිකයින් හිතාගෙන හිටියේ මේ සැරේ මේ සම්මාන උලෙළ නියෝජනය කරන ෆිල්ම් එක වෙන්නේ,box office ආදායම් අතින් හොදටම සාර්ථක වුනු RRR චිත්‍රපටය නැතිනම් The Kashmir Files චිත්‍රපටය කියලා..ඒත් හැමෝම නොහිතපු විදියට තමයි මේ කතා බහට ලක් නොවුණු ගුජරාටි චිත්‍රපටය තේරී පත්වුනේ.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Pan Nalin.ඇත්තටම මේක පොඩි කොල්ලෙක්ගේ වටේ දිවෙන කතාවක්.එයා තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය.ඒ චරිතය රගපාන්නේ Bhavin Rabari.මේ සමගම Bhavesh srimali,Richa meena,Dipen ravel,Paresh mehtha,Rahul koli ඇතුළු රංගන ශිල්පීන් රැසක් සහභාගි වෙනවා.මේ කතාව 7.2/10 IMDb අගයක්, 85% ක ගූගල් පරිශීලක කැමැත්තක් වගේම rotten tomatoes දර්ශකයේ 100% අගයක් ද ලබා ගෙන තියෙනවා.

(pan nalin විසින් තැබූ twitter සටහන)

ගොඩාක් අය දන්නවනේ සිනමා කර්මාන්තයේ කාගේ හරි උදව්වක් නැතිව තනියම තැනක් හදාගන්න එක කොච්චර අමාරුද කියලා.විශේෂයෙන් ඉන්දියාවේ.ෆිල්ම් වල පෙන්නනවානේ මේ සිනමා කර්මාන්තයට එන්න බැරිව පිස්සු වැටුනු,ජීවිතෙන් පරාද වුන අය ගැන.ඒ ගැන මතක් කරේ ඒ ගැන කතාවේ පෙන්නනවා කියන්න නෙවෙයි.සාමාන්‍ය පවුලක කෙනෙක්ට ඒ වගේ හීන එපා කියන එක තමයි ඉන්දියාවේ ගොඩාක් දෙනාගේ මතය. කතාව ගැන කියනවානම්, මේ කතාවේ යන්නෙත් ඒ වගේ සාමාන්‍ය පවුලක..ඇත්තටම ඊටත් වඩා අඩු පවුලක කොල්ලෙක්ගේ කතාවක්.සමෙයි කියන පොඩි කොල්ලගේ පොඩි කාලේ ඉදන් හීනේ වෙන්නේ ෆිල්ම් හදන කෙනෙක් වෙන එක.මෙයා මුලින් ගෙදර අය එක්ක චිත්‍රපටියක් බලන්න ගිහින් තමයි ඒක හිතට ගන්නේ.මෙයාගේ තාත්තා දුම්රියපළේ තේ කඩයක් කරන්නේ..හරිම දුප්පත් පවුලක්.ඉතින් පොඩි කාලෙම තියෙන උනන්දුවත් එක්ක තමන්ගේ සිහිනය සැබෑ කරගන්න කැපවෙන මේ පොඩි කොල්ලගේ කතාව තමයි තියෙන්නේ.සරල ,ලස්සන කතාවක්.

මේ චිත්‍රපටිය අර්ධ ස්වයං චරිතාපදාන කතාවක්. වාර්තාවට අනුව නම්, මේ කතාව පෑන් නලින්ගේ ළමා කාලය ආශ්‍රිතව නිර්මාණය වෙලා තියෙනවා කියලයි කියන්නේ. ඔයාලත් බලන්න එහෙනම්.මේ ෆිල්ම් එක oscars දිනයිද කියලත් බලමුකෝ.

එහෙනම් සුභ දවසක්! 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
VDK සත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
VDK සත්සර

August 4, 2022


18
Total Subtitles

7 comments

  1. The Greatest Beer Run Ever (2022) ekta sub den ko

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      wenas basha wala film gena eka
      godak vatinawa saho..
      degata karagena yamuneda………

  3. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  4. Achi
    Top Fan ⭐⭐⭐

    ලින්ක් එකක් නැද්ද බන් මේක ඩවුන්ලෝඩ් කර ගන්න, වීඩියෝ ෆයිල් එකක් තාම හොයා ගන්න බැරි උනා

  5. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login