The title of the page
The King's Man Sinhala Sub
The King's Man Sinhala Sub
6.7
43
84

The King’s Man (2021) Sinhala Subtitles | “සුපිරි රහස් ඔත්තු සංවිධානයේ පුරෝගාමීන්..” | සිංහල උපසිරැසි සමඟ

(The King’s Man (2021) Sinhala Subtitles) (The King’s Man (2021) Sinhala Subtitle) (The King’s Man Sinhala Subtitle) (The King’s Man (2021) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම..

ඔන්න අද අරගෙන ආවේ ගොඩක් දෙනෙක් බලන් හිටපු ෆිල්ම් එකක සිංහල උපසිරැසිය..ෆිල්ම් එක තමයි The King’s Man (2021) ඉතින් නම ඇහෙද්දිම දන්නවනේ ෆිල්ම් එක ගැන..The King’ Man කියන්නේ Vaughn සහ Karl Gajdusek ගේ තිර රචනයෙන් වගේම Matthew Vaughn ගේ අධ්‍යක්ෂණයෙන් 2021 අවුරුද්දේ දෙසැම්බර් 22 ඇමරිකාව තුළ තිරගත වීම ආරම්භ වුණ ෆිල්ම් එකක්..මේ ඩිජිටල් පිටපත් නිකුත් වුණේ මේ පෙබරවාරි 8 වෙනිදා..ඒ කියන්නේ ඊයේ…

ඒ වගේම The King’s Man කියන්නේ Spy,Action,Comedy කියන ශාරණයන්ට අයිති වෙන චිත්‍රපටයක්. Mark Millar සහ Dave Gibbons විසින් රචනා කරපු The Secret Service (පසුව Kingsman ලෙස නම් කරන ලදී) යන විකට කතා පොත පාදක කරගත් Kingsman චිත්‍රපට මාලාවේ තුන්වෙනි ෆිල්ම් එක තමයි මේක..ඉතින් මේ ෆිල්ම් එක Kingsman: The Secret Service (2014) සහ Kingsman: The Golden Circle (2017) යන King’s Man ෆිල්ම් සීරිස් එකේ කලින් ෆිල්ම් දෙකේ Prequel එකක් විදියට තමයි මේ The King’s Man (2021) චිත්‍රපටය හඳුන්වලා දීලා තියෙන්නේ..

Kingsman: The Secret Service (2014)

Kingsman: The Golden Circle (2017)

චිත්‍රපටියේ Ratings පැත්තට හැරිලා බැලුවොත් IMDb දර්ශකයේ 6.7/10 ක අගයක් ලබා ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියනවා..ඊට අමතරව කුණු තක්කාලි දර්ශකයේ 43% ක අගයක් වගේම ගූගල් පරිශීලක මනාප අගය 84% ක් දක්වා ලබා ගන්න සමත් වෙලා තියනවා.. ඒ වගේම Ralph Fiennes,Gemma Arterton,Harris Dickinson,Colin Firth වගේ තවත් පිරිසකගෙන් සමන්විත නලු නිලි කැළක් මේ ෆිල්ම් එකට සම්බන්ධ වෙලා තියනවා..ඉතින් මේකේ ප්‍රධාන චරිතේ වෙන Ralph Fiennes මීට කලින් Kingsman: The Secret Service (2014) ෆිල්ම් එකේ රංඟනයෙන් වගේම Kingsman: The Golden Circle (2017) චිත්‍රපටයේ විධායක නිෂ්පාදකවරයෙක් විදියටත් කටයුතු කරලා තියනවා..ඉතින් මේ The King’s Man (2021) චිත්‍රපටය පළමු ලෝක සංග්‍රාමයේ සිදුවීම් කිහිපයක් වගේම කිංග්ස්මන් සංවිධානයේ උපත වටා තමයි ගෙතිලා තියෙන්නෙ..

කතාව පැත්තට පොඩ්ඩක් හැරිලා බැලුවොත්…

මේ ෆිල්ම් එකේ කතාව සිද්ධ වෙන්නෙ පළමු ලෝක යුද්ධය පාදක කරගෙන,මේ පළවෙනි ලෝක යුද්ධය වෙන්න ආසන්නම හේතුව තමයි,ඔස්ට්‍රියාවෙ ඔටුන්න හිමි කුමාරයා ප්‍රාන්ස් ෆර්ඩිනැන්ඩ් ව ඝාතනය කිරීම,ඒ නිසා ඔස්ට්‍රියාව සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කරනවා,මේකෙන් තමා පළවෙනි ලෝක යුද්ධය පටන්ගන්නෙ.හැබැයි කතාවට අනුව මේකට හේතු වුණ බාහිර බලවේගයක්,පිටින් ඉන්නවා.ඔහුගේ අරමුණ තමයි එංගලන්තය ජර්මනිය හමුවෙ පරාජය කරන එක ඒකට ඔහු විවිධ අය යොදාගෙන විවිධ කටයුතු මේ යුද්ධෙ ඇවිලෙන්න කරනවා,ඒත් ඒ මොනවටවත් ඉඩක් හම්බවෙන්නෙ නෑ අපේ මේ එංගලන්තයේ ඉන්න කින්ග්ස්මන් පුරෝගාමීයා වන ඔක්ස්ෆර්ඩ් ආදිපාදවරයයි ඔහුගේ පුතයි කණ්ඩායමයි නිසා.ඒ කොහොමද?මේ බලවේගය කවුද?කින්ග්ස්මන් ගොඩනැගෙන්නෙ කොහොමද?

ඒ ඔක්කොටම පිළිතුරු ෆිල්ම් එක බලලම තමයි හොයාගන්න වෙන්නෙ.😁

මීට වඩා විස්තරයක්නම් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ…එහෙනම් ෆිල්ම් එක රසවිඳින්න අරාධනා කරන ගමන් අදට ගිහින් එන්නම්..හැමෝටම,

බුදු සරණයි..!!!

(The King’s Man Sinhala Sub) (The King’sMan Sinhala Sub) (King’s Man Sinhala Subtitle)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

24 comments

  1. Sbtitle eke Bug ekk awithne

  2. thanks sub akata

  3. ස‍ඳමින් හර්ෂණ
    Cineru Family Member

    කට්ටියම සමාවෙන්න ඕන,සබ්ටයිටල් එකේ බාගයක් යද්දී error එකක් ඇවිත් තමා සබ් එක වැඩ නැති වෙලා තියෙන්නේ,දැන් ඒක හරි,ආපහු බාගෙන බලන්න.

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  5. Sub denakal balan hitiye.. thanks machan

  6. Kavindu H. Gunasekara

    Thnx for sub bro…

  7. The Expanse සීරිස් එකට සබ් කරන්නකෝ කට්ටිය…😐

  8. hoya hoya htiye thank you

  9. බොහොම ස්තුතියි සබ් එක දුන්නට..දිගටම කරගෙන යමු..ජය වේවා

  10. Sub ekata thanx

  11. බොහොම ස්තූතියි සහෝ උපසිරැසිය ලබාදුන්නාට
    ජය වේවා!

  12. ස්තුතියි……….

  13. බොහොම ස්තුතියි

  14. ගොඩක් ස්තූතියි . හුඟ කාලයක් ආසවෙන් එනකං බලන් හිටපු ෆිලුම්ක්

  15. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  16. සදමින් හර්ෂණ thank bro sinhala sube ekata jayawewa,

  17. Thank you sub ekata. Manifest TV sires ekath sub denko

  18. Ammo pahrak aa mekm supiryk patta interesting thanks bro sub ekt

  19. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

  20. Thanks for the sub!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login