The title of the page
The King's Letters (2019) Sinhala Subtitles
The King's Letters (2019) Sinhala Subtitles
6.9
39

The King’s Letters (2019) Sinhala Subtitles | “රජුගේ අක්ෂර” | සිංහල උපසිරැසි සමඟ

(The King’s Letters (2019) Sinhala Subtitles)
Hangul – 나랏말싸미
Revised Romanization – Naranmalssami
Directed by – Jo Chul-hyun
Starring – Song Kang-ho, Park Hae-il, Jeon Mi-seon, Choi Deok-moon, Jung Hae-kyun
Distributed by – Megabox Central Plus M
Release date – 24 July 2019 (South Korea)
Running time – 110 minutes 
Country – South Korea
Languages – Korean, Japanese
Box office –  US$6,454,970
මහරජ සේ ජොන්ග් – කන්ග් හෝ සොන්ග්
– Parasite (2019)
– Memories of the muder (2003)
– A Taxi Driver (2017)
– The Trone (2015)
වැනි නිර්මාණ වලට රංගනයෙන් දායක වී ඇත.
සෝ හෙයෝන් අග රැජින – ජියෝන් මි සියොන්
– Temptede (2018)
– He is psychometric (2019)
– Love in the Moonlite (2016)
– Reply 1988 (2016)
වැනි නිර්මාණ වලට රංගනයෙන් දායක වී ඇත.
ෂින් මී භික්ෂුව – පාර්ක් හේ ඉල්
– High Society (2018)
– The Last Princess (2016)
– Whistle Blower (2014)
– Heartbeat (2010)
වැනි නිර්මාණ වලට රංගනයෙන් දායක වී ඇත.
“ලෝකයේ පහසුම සහ අලංකාරම අක්ෂර…ඇයි අපිට ඒවා හදන්න බැරි…?“
1442 වර්ෂයේදී 15 වන සියවසේ මැද භාගයේදී ජෝසනය පාලනය කළ මහා සේ ජොන්ග් රජතුමාට අවශ්‍ය වුනේ තමන් රචනා කරපු පොත් ජනතාව අතරට යවන්නයි. නමුත් රටේ සියලුම මිනිස්සුන්ට ලිවීමට කියවන්නට හැකියාවක් තිබුනේ නැහැ. ඒ එකල ලීවීමට කියවීමට චීන අක්ෂර භාවිතා කළ නිසා. චීන අක්ෂර සංකීර්ණ හා ඉගනීමට බොහෝ දුෂ්කර බැවින් ඒවා ලිවීමට කියවීමට හැකිවුනේ රටේ වංශවත් අයට පමණයි. ඉතින් රජතුමා නව අක්ෂර මාළාවක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. නමුත් චීන භාෂාව පිළිබද මූලාග්‍ර එකකින්වත් ඔහුට නව අක්ෂර නිර්මාණය කරන්න බැරිවෙනවා.
දිනක් අහඹු ලෙස ජපන් භික්ෂූන් වහන්සේලා පිරිසක් කොරියාවේ ජාතික වස්තුවක් වුන ත්‍රිපිටකය ඉල්ලාගෙන මාළිගාවට එනවා. ඒක සමතයකට පත් කරන්න ත්‍රිපිටකය තැම්පත් කල විහාරයේ නායක හාමුදුරුවෝ වුන ෂින් මී හාමුදුරුවන්ට එන්න වෙනවා. ලෝකයේ සියලුම බෞද්ධයින්ගේ පොදු භාෂාවක් වුන සංස්කෘත භාෂාවෙන් තමයි ඔවුන් සන්නිවේදනය කලේ. එකළ භික්ෂූන්ගේම ක්‍රියාකලාපය නිසා බුදුදහමට එතරම් ගෞරවයක් හිමි වුනේ නැහැ.
කෙසේ හෝ ජපන් හිමිවරුන්ගේ ගැටලුව සමතයකට පත් කළ නිසා රජතුමා ෂින් මී හාමුදුරුවන් ගැන පැහැදෙනවා. ඉතින් සංස්කෘතය පදනම් කරගෙන ෂින් මී හාමුදුරුවන් ඇතුලු සංඝයා වහන්සේලා සහ රාජකුමාරවරුන්ගේ ප්‍රමුඛත්වයෙන්,  සෝ  හෙයෝන් අග රැජිනගේ මැදිහත්වීමෙන්, සේ ජොන්ග් මහ රජතුමාගේ මූලිකත්වයෙන් තමන්ගේ භාෂාවේ ශබ්ද වලට ගැළපෙන, සරල රේඛා භාවිතා කරගෙන බොහොම පහසුවෙන් ලිවිය හැකි අක්ෂර මාළාවක් නිර්මාණය කරනවා. නමුත්…
– ජෝසනයේ වංශවත් බව පෙන්වීමේ එක් සලකුණක් වූයේ චීන අක්ෂර ලිවීමට කියවීමට ඇති හැකියාවයි. නව අක්ෂර මාළාවක් නිර්මාණය කිරීමෙන් එයට ප්‍රභල පහරක් එල්ල වෙනවා. ඉතින් වංශවත් ප්‍රභූන් නව අක්ෂර මාළාවක් නිර්මාණය කරන එකට එකඟ වෙයිද?
– වංශවත් ප්‍රභූන්ගේ අකමැත්ත නව අක්ෂ මාළාවේ පැවැත්මට තර්ජනයක් වෙයිද?
ඉතින් මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. මාව සිනෙරූ එකට සම්බන්ද කරගත් සමිත සහෝදරයාට මං ගොඩක් ස්තූතිවන්ත වෙනවා. අඩුපාඩු ගොඩක් ඇති. චිත්‍රපටයේ ජපන්, සංස්කෘත, චීන භාෂා තුනම චිත්‍රපටයේ අඩංගු වෙලා තිබුනා. සමහර දෙබස් වලට ලයින් තිබුනෙ නැහැ. ඉතින් මටම ටයිම් ලයින් ගහන්නත් සිද්ධ වුනා. ඒ වගේම හදුනාගැනීමේ පහසුවට එක් එක් භාෂාවේ දෙබසට වෙන වෙනම පාටත් එකතු කලා. මේ චිත්‍රපටය කොරියානු භාෂාව ගැනම තියන නිසා පරිවර්තනයේදී සමහර වචන වලට ඒ වචනයේ ශබ්දය යොදන්න සිද්ධ වුනා. ඉතින් කොරියන් එච්චරටම නොදන්න කෙනෙක් නිසා ඒවායෙත් අඩුපාඩු ඇති. ඒවාට මං සමාව ඉල්ලනවා. එහෙනම් තවත් අලුත් උපසිරැසියකින් හමුවෙමු. පරිස්සමෙන් ඉන්න.
– තෙරුවන් සරණයි
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Dark Lover සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Dark Lover

September 11, 2021


17
Total Subtitles

12 comments

  1. ඔබගේ පලවෙනි උපසිරැසියට සුබ පැතුම්. දිගටම උපසිරැසි දාන්න. ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි දෙවි පිහිටයි.🙏

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  3. බොහොම ස්තූතියි

  4. පළමු උපැසිරැසිකරණයට සුභ පැතුම්…!! ලස්සන කොරියානු කතා මාලාවකට පුළුවන් නම් සබ් කරන්නකෝ.

  5. නියමයි සහෝ👍! පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ!🙂 දිගටම සබ් දෙමු! පුළුවන්නම් සුපිරි කොරියන් ඩ්‍රාමා වලටත් සබ් දෙමු!😃👍

  6. හැමෝටම ගොඩක් ස්තූතියි ❤️

  7. thanx you for sub congdrates while you were sleeping my strNGE HERO SERIOUS WLTH SUB DENNAKOO PLZZZZZZZZZZZZZZZZZZ

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. thanks machooo

  10. …බොහෝම ස්තූතියි උපසිරැසියට… පළවෙනි සබට සුබපැතුම්

  11. Krishani
    Cineru_users

    Thank you 💐💖

  12. Kanishka chathuranga

    බොහෝම ස්තූතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login