(The King’s Daughter (2022) Sinhala Subtitles) (The King’s Daughter (2022) Sinhala Sub)
ආයුබෝවන් හැමෝටම,..😇♥ ඔන්න අද ගෙනාවෙ මේ ළඟදි 2022 නිකුත් උන ලස්සන ඉංග්‍රීසි ෆිල්ම් එකක්… The King’s Daughter කියන්නෙ Barry Berman සහ James Schamus ගේ තිර රචනයකින් වගේම Sean McNamara විසින් අධ්‍යක්ෂණය කරපු ලද 2022 ඇමරිකානු ක්‍රියාදාම – ත්‍රාසජනක ෆැන්ටසි චිත්‍රපටියක්.
ඒක 1997 දී Vonda N. McIntyre රචනා කරපු The Moon and the Sun නවකතාව මත පදනම් වෙනවා. මෙහිදී ජනප්‍රිය නළු Pierce Brosnan ලූවී රජු ලෙසත් (DC එකේ doctor fate) , මාරි ජෝෂප් ලෙස Kaya Scodelario ත්, ඉව්ස් ඩි ලා ක්‍රොයික්ස් ලෙස Benjamin Walkerනුත් රංගනයෙන් දායක වෙනවා. ෆිල්ම් එක ගැන කෙටියෙන් හැඳින්නුවොත් ප්‍රංශය ගැන මාළිගා වගේම පරිසරය මාරම ලස්සනට පෙන්නලා තියෙනවා කියලා කියන්න පුළුවන්.
වැඩි කතා ඕන නෑ. අපි සාරාංෂයක් බලමු..😇✍️
♥ මාරි ජෝෂප් කියන්නෙ රජුගේ දියණිය. එයා අවුරුදු ගාණක් තිස්සෙ රහසෙන් කන්‍යාරාමයක හැදී වැඩෙනවා.. එයාවත් දන්නෙ නෑ එයා රජුගෙ දියණිය කියලා..ඉතින් ඔහොම ඉන්නකොට දාහතරවන ලුවී රජු වෙන මාරි ගේ තාත්තා දැන ගන්නවා එයත් කවදාහරි මැරුනොත් ප්රංෂය අනතුරේ කියලා ඉතින් එයා ආචාර්යවරයෙක්ගෙ කීම අහලා දියකිඳුරියක් අල්ලගෙන ඇගේ සුවකිරීමෙ බලය ගන්නයි හදන්නෙ සූර්යග්රහනයට කලින්. ඉතින් ඇයව අල්ලන්න යවන කපිතාන් තමා ඉව්ස් කියන්නෙ..
මාරිට දියඳුරියත් එක්ක කතා කරන්න පුළුවන් වෙනවා වගේම ඇයත් එක්ක මිතුරු වෙනවා.. මාරිට ඉව්ස් ගැනත් හිතක් පහළ වෙනවා..අන්තිමේදි මාරි එයා ගැන ඇත්ත දැනගනීද?දියකිඳුරියව බේරගනීවිද? ඉතුරුටික අපි බලමු කතාවෙන්නම්….😇✌️ ඉතින් ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා..තවත් මේ වගේම උපසිරැසියකින් හමුවෙමු. එතකන් ගිහින් එන්නම්..ඔබට ජය වේවා…✌️♥ මම ගිහාන්…
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
October 17, 2022
උපසිරසට ගොඩක් ස්තුතිය 👍👍👍
.බොහෝම ස්තූතියි උපසිරැසියට…
Sub weda karan ne meda hariyedi
mokakda ena error eka saho
Akuru eka eka ewa wetenne iri keli wage
KM player එක නැතුව වෙන ප්ලේයර් එකක් යූස් කරන්න..
ගොඩක්ම ස්තූතියි ගිහාන් සොයුර …..
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
Thanks bro…
thanks….