The title of the page
The in Between Sinhala Subtitle
The in Between Sinhala Subtitle
7.7
98

The In Between (2022) Sinhala Subtitles | “නොමියෙන පෙම” | සිංහල උපසිරැසි සමඟ

(The In Between (2022) Sinhala Subtitles) (The In Between (2022) Sinhala Sub)

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන්, පෙම් සුව විදින/ නොවිඳින හැමෝටම,  ඉකුත් පෙබරවාරි 12 වෙනිදා නිකුත් වුණ මේ චිත්‍රපටය අරගෙන එන්න මට හිතුනා.

වැඩි කතා නැතුව මං කෙලින්ම චිත්‍රපටිය ගැන කියන්නම්;

The In Betwee  5.8/10 ක IMDb අගයක් වගේම 67%ක Rotten Tomatoes අගයකුත් සලකුණු කරලා තියෙනවා. පුංචි කාලේ ඉදන් අපිට හුරුපුරුදු Ramona & Beezus පටන්, Kissing Booth, Summer 03, The Lie වගේ චිත්‍රපටි වලින් වගේම The Act කතා මාලාවෙන්ද හමුවෙන Joey King, West Side Story, Rosaline, One Night වැනි චිත්‍රපට වලින් හමුවන Kyle Allen මෙහි ප්‍රධාන චරිත ද්විත්වය මෙහෙයවනවා. අධ්‍යක්ෂණය Arie Posin ගේ. Marc Klein ගේ “The In Between” නවකතාව ඇසුරෙන් තමයි චිත්‍රපටය බිහි වෙන්නේ.  Scientific Romance එකක් විදියටයි චිත්‍රපටය වෙන් කරලා තියෙන්නේ.

The In Between කියන්නේ සරලවම පුද්ගලයන් හෝ වස්තූන් දෙකක් අතරමැද කියන එකනේ. හැබැයි මේ නම් කතා කරන්නේ මෙලොවත් පරලොවත් අතර මැද තියෙන තැනක් ගැන. නොපෙනන බලවේග කියලා එක්තරා විශ්වාසයක් තියෙනවනේ.අපි ආදරේ කරන කෙනෙක් අපිට අහිමි වුණොත්, ඒ අය අපි වෙනුවෙන් ඒ අතරමැදි ලෝකේ ඉදන් අපිට කතා කරාවිද?   එක එක කතන්දර අපි ඕනතරම් අහලා තියෙනවා, හැබැයි විශ්වාස කරනවද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ.

ටෙසා සහ ස්කයිලර් හමුවෙන්නෙත් අහඹු දෛවෝපගත බැඳීමකින් වෙන්න ඇති. ඔවුන් වෙන් වෙන්නෙත් දෛවයට අනුවම වෙන්නැති. ඒත් ඔවුන්ගේ ආදරේ?? එකෙක් මියැදුනත්, ඒ ආදරේ මිය යාවිද??ස්පොයිලර් එකක් නෙමේ, ඒ තමා ආරම්භය, සම්ප්‍රදායික ආකෘතියට වඩා වෙනස් විදියකට ගොඩනැගුන ආදර කතාවක් නිසා මගහැර ගන්න එපා.එහෙනම් මේ ආදරවන්තයින්ගේ සතිය අර්ථවත්ව ගත කරන්න. නැත්නම් වැලන්ටයින් එකෙන් පස්සේ කොරන්ටයින් වෙන්න වෙයි 😅

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

3 comments

  1. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    ඔයා නිසා තමයි සිංහල සබ් එක්ක ” Squid Game ” බැලුවේ එකට තෑන්ක්ස් ඈ.. 😁❤

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. ..බොහෝම ස්තූතියි උපසිරැසියට.hfg

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login