The title of the page
The Hitman's Wife’s Bodyguard 2021 Sinhala Sub
The Hitman's Wife’s Bodyguard 2021 Sinhala Sub
6.3
27
80

The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | “කුලී ඝාතකයාගේ ආරක්ෂකයා” | සිංහල උපසිරැසි සමඟ (18+)

(The Hitman’s Wife’s Bodyguard 2021 Sinhala Sub)

Hitman කියන නම ඇහෙනකොට කාටත් මතක් වෙන්නෙ Hitman වීඩියෝ ගේම් සීරීස් එක. ඒ වගේම තමයි මීට කලින් ආව Hitman සිනමාපට අමතක කරන්නත් බෑ. මොකද Hitman කියන්නෙ දැනට බිහිවෙලා තියෙන සුපිරිම Fictional Character එකක්. ඒ චරිතය පාදක කරගෙන චිත්‍රපටි කීපයක්ම මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතරින් Ryan Raynolds ව සම්බන්ධ කරගෙන නිර්මාණය වුණු “The Hitman’s Bodyguard 2017″ චිත්‍රපටියෙ මීළඟ චිත්‍රපටිය තමයි “Hitman’s Wife’s Bodyguard” නමින් පසුගියදා තිරගතවීම් ආරම්භ කරන්නෙ. මේ චිත්‍රපටියෙත් සුපුරුදු විදිහටම “Ryan Raynolds” ප්‍රධාන චරිතයන් නිරූපණය කරනවා. Ryan Raynolds කිව්වම හැමෝටම මතක් වෙන චරිතයක් ඉන්නවනෙ. ඔව්, ඔව් ඩෙඩ්පූල් තමයි. Ryan Raynolds කියන්නෙ ලැබෙන චරිතය මොකක් උනත් ඒකට උපරිම සාධාරණයක් කරන සුපිරිම නළුවෙක්. ඇක්ටින් ගැන වෙනම කියන්න ඕන නෑ. Ryan Raynolds ඉන්නවා නම් ඒ චිත්‍රපටියෙ කොමඩි පැත්ත ගැන මං අමුතුවෙන් කියන්න ඕන නෑ. මොකද Ryan Raynolds ගෙ චිත්‍රපටි බලලා තියන අය ඒ ගැන හොඳටම දන්නවා.

“Hitman’s Wife’s Bodyguard” චිත්‍රපටිය බලන්න කලින් 2017 අවුරුද්දෙ ආව “The Hitman’s Bodyguard” චිත්‍රපටිය අනිවාරෙන්ම බලලා ඉන්න. ඒ මොකද කියනවා නම් 2017 දි නිකුත් වුණු චිත්‍රපටියට මේක සම්බන්ධයි. ඒකෙ යම් යම් සිදුවීම් මේකෙඳි අපිට පෙන්නවා. ඒ නිසයි කලින් චිත්‍රපටිය බලලම ඉන්න කියලා කිව්වෙ.

මේ චිත්‍රපටියට අලුතෙන් ප්‍රධාන චරිත විදිහට Samuel L. Jackson සහ Salma Hayek සම්බන්ධ වෙලා තියෙනවා. මේ තුන්දෙනා විතරක්ම නෙවෙයි තවත් සුපිරිම කාස්ට් එකක් මේකෙදි බලාගන්න පුළුවන් වෙනවා. කොමඩි පැත්ත ගැනනම් අමුතුවෙන් කියන්න ඕන නෑ. ඇක්ෂන් පැත්ත ගත්තත් ඒ හැටිම නරකක් කියන්න නෑ, ඒත් ස්ටෝරිය පැත්ත ගත්තම ටිකක් මදි වගේ ගතියක් හිතෙනවා. මම මේ කියන්නෙ මගේ පෞද්ගලික මතය විතරයි ඔයාලා චිත්‍රපටිය බලලම ඒවා තීරණය කරන්න. ඒ වගේම තමයි චිත්‍රපටියෙ බාගෙට බාගයක් තියෙන්නේ අසභ්‍ය වචන. කොහොමත් ඉතින් මේක 18+ තමයි රේට් වෙන්නෙ.

සුපුරුදු විදිහට මේ චිත්‍රපටියත් අධ්‍යක්ෂණය කරන්නෙ Patrick Hughes විසින්ම තමයි. ඩොලර් මිලියන 50 -70 ත් අතර බජට් එකක් වෙන් කරලා තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නෙ. මේ වෙනකොට ඩොලර් මිලියන 176 ක වගේ ආදායමක් උපයගෙන තියෙනවා. මේ චිත්‍රපටියෙ WEB පිටපත් නිකුත් වෙන්න තව ටික කාලයක් යන්න තිබුණා. හැබැයි ඉතින් ඊට කලින් HDRIP පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙනවා. ඉතින් ඒ නිකුත් වුණු HDRIP පිටපතට හොඳ ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙනකල් ඉන්නත් වුණා මේ උපසිරැසිය අරගෙන එන්න කලින්. මොකද හොඳ ගුණාත්මක ඉංග්‍රීසි උපසිරැසියක් තිබුණොත් තමයි අපිටත් හොඳ සිංහල උපසිරැසියක් අරගෙන එන්න පුළුවන් වෙන්නෙ.

IMDb 6.4/10 ක අගයක් වගේම Rotten Tomatoes වල 27% ක් වගේ අගයක් තමයි මේ චිත්‍රපටියට ලැබිලා තියෙන්නෙ. හැබැයි ගූගල් පරිශීලකයන්ගේ 80% ක කැමැත්තක් හිමිවෙලා තියෙනවා. ඔයාලා බලලම තීරණය කරන්න මේ චිත්‍රපටියට ලැබිලා තියන ප්‍රේක්ෂක ප්‍රතිචාර සාධාරණද කියලා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

27 comments

  1. සබ දෙනකම් හිටියෙ ..තෑන්ක්ස්

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Meke film ganne kohimada

  5. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට…කලින්ම දෙනවා දැන්..🤟

  6. Aruna Darshana (MR_X)
    Cineru Family Member

    වීඩියො පිට්පත් කියන තැනින් ගන්න.

  7. Sub ekata thanx

  8. sab eka hodata dial thiyenawa

  9. සිවෙන්ද්‍ර

    Sub ekata thanx

  10. Thanx bro

  11. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    can update to extended version please…….

  12. oshanda indeewara jayasekara

    Web rip ekata hariyn sub ekk nadda ka lagawath?

  13. oshanda indeewara jayasekara

    Web rip ekata hariyana sub ekk nadda?

  14. මේක හරියන්නෙ නැ Web කොපියට. අප්ඩේට් කරන්න පුළුවන්ද?

  15. Tharindu Wickramasinghe

    Thank you sub ekata
    Extended web rip ekata update eka denawada

  16. Extended එකට සබ update කරන්නකො සහෝ.. දීල තියෙන එක සෙට් වෙන්න්නනෑ..

  17. Webrip එකට සෙට් වෙන එකක් හොය හොය හිටියෙ thanku cineru 🖤

  18. Arawinda Sunimal

    Thanks sub ekata jayawewa……………

  19. Achi
    Top Fan ⭐⭐⭐

    Web rip එකේ සබ් අඩුයි බන්

  20. Achi
    Top Fan ⭐⭐⭐

    අප්ඩෙට් එක අවුල් මචෝ සමහර තැන් වල…පෙලක් තැන වල සබ් නැ

    • samitha
      Cineru Family Member

      ස්තුතියි සහෝ දැනුවත් කලාට ආයේ චෙක් කරලා බලන්නම්

  21. WEBRip EXTENDED ekat hadapnko bn

  22. හැම ෆිල්ම් එහෙකටම psarip දෙන්න පුළුවන් නම් වටිනවා 😊

  23. Darshana Hettiwaththa
    Cineru Family Member

    aruna! dekkath sathutuyi ban. upasirasiye line tikak adui. eth saba nam niyamayi bn. kalekin site eka paththe awe meka gannamai. sub aran film balana ekath hodai neda bn type karanawata wada? suba pathum saho.

  24. Bimbisha Adithya

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට බොහොමත් ම ස්තූතියි ❣️ ජයෙන් ජය ✨️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login