The title of the page
7.4
88
65

The Green Knight (2021) Sinhala Subtitles | “හරිත නයිට්වරයාගේ සෙල්ලම!” | සිංහල උපසිරැසි සමඟ

(The Green Knight (2021) Sinhala Subtitles)

හැමෝම වගේ දන්නවනෙ “King Arthur (ආතර් රජතුමා)” ගැන. නොදන්න අයටත් දැනගන්න මම කෙටියෙන් “ආතර් රජතුමා” ගැන කියන්නම්. ආතර් රජතුමා කියන්නෙ 5 වෙනි සියවසේ අග භාගයේ සහ 6 වන සියවසේ මුල් භාගයේදී සැක්සන් ආක්‍රමණිකයින්ට එරෙහිව බ්‍රිතාන්‍යය කරන්න නායකත්වය ලබාදුන්න ශ්‍රේෂ්ඨ පාලකයෙක්. ආතර් රජතුමා ගැන තියන ඉතිහාසගත කරුණු දිහා බැලුවහම. මේ රජතුමාව එක එක ආකාරවලින් හඳුන්වාදීලා තියෙනවා. ඒ අතරෙ ආතර් රජතුමා ඉන්ද්‍රජාලිකයෙක් කියලත් හඳුන්වලා තියෙනවා. මේ වෙනකොට ආතර් රජතුමා සහ ඒ ආශ්‍රිත චරිත පාදක කරගෙන රූපවාහිනී කතා මාලාවන් සහ චිත්‍රපටි සෑහෙන ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට ආතර් රජතුමා සහ ඔහු ආශ්‍රිත චරිත පාදක කරගෙන නිර්මාණය වුණු තවත් චිත්‍රපටියක් තමයි අද මම අරගෙන එන්නෙ. මේ චිත්‍රපටියෙදිත් අපිට ආතර් රජතුමාව දැකගන්න ලැබුණත්, ප්‍රධාන තැනක් හිමිවෙන්නෙ හරිත නයිට්වරයාට (Green Knight) සහ ආතර් රජතුමාගෙ බෑණනුවන් වෙන ගාවේන් (Gawain) කියන චරිත දෙකට. ඉතින් මේ චිත්‍රපටියත් නිර්මාණය කරලා තියෙන්නේ “Sir Gawain and the Green Knight” කියන එක පාදක කරගෙන. මං කලින් කිව්වා වගේම මේ චිත්‍රපටියෙදි ප්‍රධාන තැනක් හිමිවෙලා තියෙන්නේ හරිත නයිට්වරයාට සහ ගාවේන් නයිට්වරයාට. මෙතන ගාවේන්ගෙ චරිතය නිරූපණය කරන්නෙ කොයි කවුරුත් දන්න “Dev Patel” විසින්..

මේ ගාවේන් චරිතය කියන්නෙ ආතර් රජතුමාගෙ වට මේසයේ ඉන්න නිර්භීත නයිට්වරයෙක්. ඒ වගේම ආතර් රජතුමාගෙ බෑණා කෙනෙකුත් වෙනවා. ඉතින් නයිට්වරයට හරිත නයිට්වරයා විසින් අභියෝගයක් එල්ල කරනවා. මේ අභියෝගය එල්ල කරන්නෙ ගාවේන් නයිට්වරයට විතරක් නෙවෙයි. ආතර් රජතුමාගෙ නයිට්වරු හැමෝටම. ඒ අතරින් ගාවේන් නයිට්වරයා මේ අභියෝගය බාරගන්නවා. මේ අභියෝගය වෙන්නෙ කොළ නයිට්වරයා එක්ක සටන් කරන එක. හැබැයි මේකට ටිකක් වෙනස් විදිහෙ අභියෝගයක්. අභියෝගයක් කිව්වට මේක සෙල්ලමක්. ඒ කියන්නෙ හරිත නයිට්වරයට කවුරු හරි පහර දුන්නොත් ඒ පහරම හරිත නයිට්වරයාත් එල්ල කරනවා. හැබැයි මේකට කොන්දේසි තියෙනවා. මේ කොන්දේසිවලට එකඟ වෙලා තමයි මේ සෙල්ලම කරන්න ඕන. ඉතින් ගාවේන් නයිට්වරයා මේ කොන්දේසිවලට එකඟවෙලා මේකට සහභාගි වෙනවා. ගාවේන් නයිට්වරයා විසින් හරිත නයිට්වරයට පහරක් එල්ල කරනවා. මං කලින් කිව්වා වගේම ඒ එල්ල කරපු පහරම හරිත නයිට්වරයත් එල්ල කරනවා. හැබැයි ඒක කරන්නෙ ඒ වෙලාවෙ නෙවෙයි. මේ සිදුවීම හරියටම නත්තල් දවසෙ. ගාවේන් නයිට්වරයගෙ පහර එල්ල කරාට පස්සෙ ඊළඟට එන්නෙ හරිත නයිට්වරයගෙ වාරෙ. හැබැයි කොළ නයිට්වරයා මෙතනදිම මේ පහර එල්ල කරන්නෙ නෑ. මං කලින් කිව්වා වගේම මේකට කොන්දේසි කීපයක් තියෙනවා. ඒ කොන්දේසිවලට අනූව පහර එල්ල කරපු නයිට්වරයා ඒ සිදුවීමෙන් වසරකට පස්සෙ උතුරු ප්‍රදේශයේ තියන හරිත දෙවස්ථානයට හරිත නයිට්වරයව හොයාගෙන යන්න ඕන. හරිත නයිට්වරයගෙ මේ සෙල්ලම නිසා ගාවේන් නයිට්වරයා හරිත දේවස්ථානයට යන අතරමගදි වෙන සිදුවීම්වලින් තමයි මේ චිත්‍රපටිය පිරිලා ඉතිරිලා ගිහින් තියෙන්නෙ. මේ ගමන යන අතරමගදි ගාවේන් නයිට්වරයාට නොහිතපු සිදුවීම් වලට තමා මූණ දෙන්න වෙන්නෙ. කතාව ගැන මීට වඩා දෙයක් කියන්න බලාපොරොත්තුවක් නෑ. 

මේක Fantasy/Adventure ඝණයට අයිති උනත් ඒ හැටි ඇඩ්වෙන්චර් ගතියක් නම් පේන්න නෑ. හැබැයි ඉතින් රේටින්ස් පැත්තින් ගත්තොත් IMDb 7.4 ක් වගේම Rotten Tomatoes වල 88% ක් වගේ හොඳ මට්ටමක රේටින්ස් ලැබිලා තියෙනවා. ඒ වගේම මේක අධ්‍යක්ෂණය වෙන්නෙ David Lowery කියන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා යටතේ.

මේ චිත්‍රපටියෙත් WEB පිටපත් නිකුත් වුණු සැනින් උපසිරැසිය අරගෙන එන්න පුළුවන් උනේ කැම් පිටපතට explosiveskull සහෝදරයා ලබාදුන්න ඉංග්‍රීසි උපසිරැසි නිසා. ඒ වගේම චිත්‍රපටියේ WEB පිටපත නිකුත් වුණු සැනින් කවදත් වගේ කැම් පිටපතේ උපසිරැසිය අප්ඩේට් කරලා වෙබ් අඩවියේ පළ කරපු මදුශාන් අයියටත් මේ උපසිරැසි සම්පූර්ණ කරගන්න උදව් කරපු සුපුන් සහෝටත් ස්තූති කරන්න ඕන. ඉඩක් ලැබුණු සැනින් තවත් උපසිරැසියක් අරගෙන එන්නම්. දිගටම සිනෙරූ වෙබ් අඩවියත් එක්ක රැඳිලා ඉන්න.

හැමෝටම සුබ දවසක්!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

12 comments

  1. Fatta Malli..Tnx sub ekata

  2. Pattaaaaaaa

  3. දසිත ලක්මිණ

    සබ් එක පට්ට ❤️ සුපර්මෑන් ඇන්ඩ් ලොයිස් එකටත් සබ් එක දෙන්නකෝ එපි 15ම කම්ප්ලීට් උනාට සබ් එක ආවේ එපි 6කටයි😭. ඔයත් සපෝට් එක දීලා වැඩේ කරන්න❤️

    • එපි 8 කට සබ් දීලා තියෙන්නේ..ඉතුරු 7ත් ඉක්මනට ලැබෙයි..

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Free guy එකට thama sub නැත්තේ ඇයි?

    • ඒක තියටර් විතරයි රිලීස් වුණේ..තාම කැම් කොපි තියෙන්නේ මචං…

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. Sulakshana Thilakarathna

    බොහොම ස්තුතියි, පුලුවන්නම් TOKYO REVENGERS MOVIE 2021 ට sub දෙන්න, ජය වේවා!!

  8. stillwater eke sub eka oni

  9. Thanks for the sub!!!!!!!!!!!!!

  10. sasanka sathyajith

    Thanks for the sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login