The Forbidden City (2025) Sinhala Subtitles
The Forbidden City (2025) Sinhala Subtitles
6.8

The Forbidden City (2025) Sinhala Subtitles | “ සහෝදරිය වෙනුවෙන් පළිගැනීම ” | සිංහල උපසිරැසි සමඟ

(The Forbidden City (2025) Sinhala Subtitles) (The Forbidden City (2025) Sinhala Subtitle) (The Forbidden City (2025) Sinhala Sub)

The Forbidden City (2025) කියන්නෙ මේ අවුරුද්දෙ නිකුත් වුණු ගොඩක් වෙනස් විදිහේ ලස්සන චිත්‍රපටයක්.. මේක ඉතාලි චිත්‍රපටයක් වුණාට.. මේකෙ තියෙන්නෙ හොංකොං චිත්‍රපට වල වගේ නියම මාර්ෂල් ආර්ට්ස් (Kung Fu) සටන් ජවනිකා.. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Gabriele Mainetti කියන ඉතාලි ජාතික අධ්‍යක්ෂකවරයා.. ප්‍රධාන චරිතය වෙන ‘මී’ ගෙ චරිතය කරන්නෙ චීන ජාතික දක්ෂ සටන්කාරියක් වෙන Yaxi Liu..

මේ කතාවෙ ප්‍රධාන චරිතය වෙන ‘මී’ ඉපදෙන්නෙ චීනයේ එක පවුලකට එක ළමයෙක් විතරක් හදන්න පුළුවන් නීතිය තිබුණු කාලෙක.. ඉතින් ඇයගෙ දෙමව්පියෝ ඇයව සමාජයෙන් හංගගෙන රහසින් තමයි හදාගන්නෙ.. ඒ වගේම ඇයට පොඩි කාලෙ ඉඳන්ම මාර්ෂල් ආර්ට්ස් (සටන් කලාව) උගන්වනවා.. ‘මී’ ට ඉන්නවා ‘යුන්’ කියලා වැඩිමල් අක්කා කෙනෙක්.. මේ අක්කා සල්ලි හොයන්න කියලා ඉතාලියෙ රෝමයට යනවා.. ඒත් එකපාරටම අක්කා අතුරුදන් වෙනවා..

තමන්ගෙ අක්කව හොයාගන්න ඕනෙ නිසා ‘මී’ ත් නීතිවිරෝධී විදිහට ඉතාලියෙ රෝම නගරයට එනවා.. එහෙදි ඇය හොයාගන්නවා රෝමයේ තියෙන ‘The Forbidden City’ (තහනම් නගරය) කියලා හඳුන්වන චීන පාතාලය පාලනය කරන ප්‍රදේශයක් ගැන.. මෙහෙදි ඇයට ‘මාසෙලෝ’ කියලා ඉතාලි ජාතික කෝකියෙක්ව මුණගැහෙනවා.. මාසෙලෝගෙ තාත්තත් එකපාරටම අතුරුදන් වෙලා ඉන්නෙ.. පස්සෙ මේ දෙන්නටම තේරෙනවා මීගෙ අක්කාගෙ අතුරුදන් වීමයි මාසෙලෝගෙ තාත්තාගෙ අතුරුදන් වීමයි අතරෙ ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා..

ඉතින් තමන්ගෙ ආදරණීයයන්ව හොයාගන්න මේ දෙන්නා එකතු වෙලා චීන පාතාලයටයි ඉතාලි පාතාලයටයි විරුද්ධව කරන ලොකු සටනක් තමයි මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන් වෙන්නෙ.. මේ සටන් අතරෙ මේ දෙන්නා අතරෙ ලස්සන ආදර කතාවකුත් පටන් ගන්නවා..

නළු නිළියන්

  • Yaxi Liuමී (Mei) විදිහට

  • Enrico Borelloමාසෙලෝ (Marcello) විදිහට

  • Marco Gialliniඇනිබල් (Annibale) විදිහට

  • Sabrina Ferilliලොරේනා (Lorena) විදිහට

මේක නියම සටන් ජවනිකා.. ආදරය.. සහ කුතුහලය පිරුණු වෙනස්ම විදිහේ අත්දැකීමක් ගන්න පුළුවන් සුපිරි චිත්‍රපටයක්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


703
Total Subtitles

2 comments

  1. සබ්එකට තෑන්ක්ස්

  2. thanks ………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login