The title of the page
9.4
96

The Devil Judge (2021) E15-E16 END Sinhala Subtitle | ” යක්ෂ විනිසුරුවා ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම !

ඔන්න අද අපි අරගෙන ආවේ තවත් අලුතින් විකාශනය ආරම්භ කරපු කොරියානු කතාමාලාවක්.පහුගිය ජූලි 03 වෙනිදා tvN නාලිකාවේ ඔස්සේ තමයි මේක විකාශනය ආරම්භ කලේ.ඉතින් මේකෙ සබ් එක ගොඩක් අය අපෙන් ඉල්ලලත් තිබුන.ඉතින් මතක විදියට අපේ සයිට් එකෙන් දුන්න ඩ්‍රාම ගොඩක්ම tvN නාලිකාවේ ගිය ඒවා.ඉතින් ආයෙමත් tvN එකක්ම ගෙනාවා.

The Devil Judge විදියට ඉංග්‍රීසි නමත් කොරියන් භාෂාවෙන් ” අන්ග්මපන්සා – 악마판사 “ විදියට තමයි මේකෙ නම ලැබිල තියෙන්නෙ.සිංහල තේරුම ගත්තොත් ” යක්ෂ විනිසුරුවා ” විදියට තමයි. Action | Mystery | Legal Drama විදියට මේ ඩ්‍රාම එක වර්ග කරන්න පුළුවන්.සම්පූර්ණ ඩ්‍රාම එක කතාංග 16 කින් සමන් විතයි.

The Flower In Prison , Horse Doctor වගේ ලංකාවෙ නාලිකාවල පවා විකාශනය වෙන ඩ්‍රාමත් , Two Week , Children Of Nobody ඩ්‍රාම අධ්‍යක්ශණය කල Choi Jung Gyu තමයි මේ ඩ්‍රාම එක අධ්‍යක්ශණය කරන්නේ.

නලු නිලියො ගැන කතා කලොත් Ji Sung , Kim Min Jung , Park Ji Young , Park Gyu Young සෙට් එක තමයි ප්‍රධාන චරිත වල රංගනයෙන් එක් වෙන්නේ.

• Ji Sung                 – කන්ග් යො හන්  ලෙස ,
• Kim Min Jung    – ජන්ග් සොන් අහ් ලෙස ,
• Park Ji Young     – කිම් ගා ඔන් ලෙස ,
• Park Gyu Young – යුන් සෝ හ්‍යුන් ලෙස,

හරි අපි දැන් කතාව ගැන බලමු..

කොරියාව ලොකු අව්ල් ජාලාවක තියෙන්නේ.මිනිස්සු පාරට බැහැල උද්ඝෝෂණ කරනව තමන්ගෙ නායකයන්ට විරුද්ධව.ගොඩක්ම තමන්ට යුක්තිය ඉටු නොවුන අය සහ නීති පද්ධතිය ගැන අවිශ්වාසයෙන් ඉන්න අය.ඔය අතරේ තමයි  කන්ග් යො හන් විනිසුරුතුමා එන්නේ.ඉතින් මේ හදන්නෙ කවදාවත් නොවුන දෙයක් කරන්න.ඒ තමා උසාවියේ නඩු විභාග කරන එක සජීවි රටටම පෙන්නන්න.හරි වැරැද්ද වෝට් වලින් මිනිස්සුන්ටම ප්‍රකාශ කරන්න පුලුවන් වැඩ පිලිවෙලකුත් එක්ක.ඉතින් පලවෙනි සජීවී නඩු විභාගයට කන්ග් යො හන් ගෙ සහයක විනිසුරුවරු විදියට කිම් ගා ඔන් සහ ඔහ් ජින් ජූ ත් එක් වෙනව.කන්ග් යො හන් අපේ යක්ෂ විනිසුරුතුමා අභිරහස් රැසකින් සමන්විත රටේම ආදරයට පාත්‍ර වුන හරිම ජනප්‍රිය කෙනෙක්.

දැනට මේ ඇති.ඔයාලටම බලාගන්න පුළුවන් ඉතුරු හරිය.
නීතිය රකින්න ඉන්න අයම නීතිය කඩනවද නැත්නම් යුක්තිය රකින්න නීතියෙන් විතරක් බැරිනම් අවනීතියෙනුත් වැඩ කරන්න වෙයිද ?

මේ අපූරු කොරියානු කතා මාලාව පුරා අපිත් එක්ක රැඳිලා හිටිය ඔය හැමෝටම ස්තූතියි..ඔන්න ඩ්‍රාම  එක  සුපිරිම විදියට ඉවර වුනා එහෙනම්.ඉතින් අද අවසාන දවසෙ මුල ඉදන් බලන්න ඉන්න ඔන්ගොයින් නොබලපු අයට අදහසක් දෙනවනම්.මේක කිසිම පැකිලීමකින් තොරව බලන්න නිර්දේශ කරනවා.

එහෙමනම් ආයෙම අපූරු කතාවක් එක්ක හම්බවෙමු..හැමෝම ගෙවල් වලට වෙලා මේ වගේ ඩ්‍රාම එකක්වත් බල බල පරිස්සමෙන් ඉන්න..

ඔබට ජය ! 

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් මදුශාන් ප්‍රියංකර සොයුරාට සහ උචිනි පෙරේරා සොහොයුරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

17 comments

  1. අන්තිම එපිය ඇවිල්ලත් පැය කීපයයි..ඉක්මනටම සබත් දුන්නා..සුපිරි..දෙන්නටම ගොඩක් ස්තුතියි..😘

  2. Thank you මේ කතා මාලාවට සම්පූර්ණ සබ් දුන්නාට ඔයාලා දෙන්නාටම.🤗❤ තවත් ලස්සන කොරියානු කතා මාලාවකට ඉක්මනින් sub දෙන්න හොදේ.🙏

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    Thanks sub ekata

  4. තෑන්ක් යූ සබ් එකට.. ජය වේවා!! අලුත් කතාවකින් ආයේ හම්බෙමු…බුදුසරණයී!!!

  5. NIyamai ah..
    rest ekak arana thawath ekak gemu..
    Good luck..
    Thanks..❤️

  6. Bindusara Hasaranga

    Aiye No Man’s Land (2020) Season 01 Kiyana Kathawa Complete Kiyala Thibbata Apita Download Karanna Bane A Mokada

    • සබ්නම් අවුලක් නැතුව ඩවුන්ලෝඩ් වෙනවා මචං…ඔයා අහන්නේ වීඩියෝ කොපි ගැනද?

  7. Sub ekata godak thanks
    Tunnel kdrama ekatath sub dennako

  8. Sub Ekt Thanks Denntm.. ☺️☺️

    Puluwnm The great seducer :Tempted Drama ekt Sub dannko

  9. සුපිරියිනේ…..සබ් එකට දෙන්නටම ගොඩාක් තෑන්ක්ස්!😀… තවත් සුපිරි කොරියන් ඩ්‍රාමා එකකින් හමුවෙමු!👍 දෙන්නටම ගොඩාක් ස්තූතියි🙂

  10. Sahan Sulakkhana Subasinghe

    sub ekata nm godak thanks sis and saho

  11. Sub ekata thanx

  12. VENOM
    Cineru Family Member

    උපසිරැසිවලට බොහොම ස්තූතියි!
    කම්ප්ලීට් වෙනකල් හිටියෙ බලන්න.

  13. CHATHUSHKA NIRMAL

    Thank you මේ කතා මාලාවට සම්පූර්ණ සබ් දුන්නාට ඔයාලා දෙන්නාටම සහ සිනෙරු කණ්ඩායමටත් ගොඩක් ස්තුතියි. එ වගේම තව පොඩි ඉල්ලීමක් තියෙනවා කරන්න. පුළුවන්නම් බාගයට නවත්තලා තියෙන TV SERIES වල සබ් දෙන්නකෝ කරුණාකරලා.
    🌹 සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් වේවා !!! 🙇සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි !!!

  14. Ane hometown cha cha cha eke sub dennko

  15. Krishani
    Cineru_users

    Thank you 💐💖

  16. මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login