The title of the page
The Croods: A New Age (2020) Sinhala Subtitles
The Croods: A New Age (2020) Sinhala Subtitles
7.1
75
88

The Croods: A New Age (2020) Sinhala Subtitles | නව යුගයක් කරා.. | සිංහල උපසිරැසි සමඟ

(The Croods: A New Age (2020) Sinhala Subtitles) හැමෝටම සුබම සුබ දවසක් කියලම කතාව පටන් ගන්නම්. අද අරගෙන එන්නෙ මීට කලින් ඒ කියන්නෙ 2013 අවුරුද්දෙ නිකුත්වුණු The Croods චිත්රපටියෙ දෙවනි කොටස. පළවෙනි චිත්රපටිය නිකුත්වෙලා අවුරුදු 7 කට පස්සෙ තමයි දෙවනි චිත්රපටිය නිකුත්වෙන්නෙ. පළවෙනි එක නිකුත්වෙලා සෑහෙන කාලයක් වෙනවා ඉතින්. 2020 නොවැම්බර් 26 වෙනිදා තමයි මේ සිනමාශාලව රිලීස් කරන්නෙ. සිනමාශාලාවල නිකුත් කරලා ඒ හැටි දවසක් යන්න කලින් අපිට බලන්න පුළුවන් විදිහෙ හොඳ WEB පිටපතක් පෙරේදා දවසෙ අන්තර්ජාලයට නිකුත් වෙනවා. දැන් ලෝකෙට සිද්ධවෙලා තියන දේ නිසා චිත්රපටි සිනමාශාලාවල රිලීස් කරත් ඒ ඒ හැටි ආදායකම් උපයගන්න බැරිවෙනවා. මේ ළඟදි ආව TENET චිත්රපටියට වුණෙත් ඒ දේම තමයි. ඒ කොහොම වුණත් මේ තියන තත්වෙ උඩදි හරි තෝරාගත්ත සිනමාශාලාවල චිත්රපටි රිලීස් කරනවා, එයලට පාඩු උනා හෝ නැතා ඒක කරන්න දෙයක් නෑ.

මේ The Croods: A New Age චිත්රපටිය නොවැම්බර් 26 වෙනිදා සිංගප්පූරුවේදි තමයි රිලීස් කරන්නෙ. ඇ.ඩො මිලියන 65 ක පිරිවැයක් දරලා නිර්මාණය කරපු මේ චිත්රපටිය ඇ.ඩො. මිලියන 77.2 ක ආදායමක් උපයගන්න සමත්වෙනවා. ඒ කියන්නෙ යම්කිසි සාර්ථකත්වයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. කොඩිඩ් 19 වසංගතය නැත්තන් මේ ආදායම මීට වඩා දෙගුණ තෙගුණ වෙනවා.

Animation / Family ඝණයට වැටෙන මේ චිත්රපටිය පැය 1 යි විනාඩි 35 ක ධාවන කාලයකින් සමන්විත වෙනවා. ඒ වගේම IMDb 7.1 ක අගයක් වගේම Rotten Tomatoes වල 74& ක අගයක් අරගන්න සමත්වෙලා තියෙනවා. 90& ක ගූගල් පරිශීලකයන්ගෙ කැමත්තත් මේ චිත්රපටියට හිමිවෙලා තියෙනවා. පළවෙනි චිත්රපටියත් එක්ක බැලුවොත් නම් මටනම් හිතෙන්නෙ පළවෙනි එක හොඳයි කියලා. මොකද ඒකෙ Adventure ගතිය උපරිමේටම තියන නිසා. මේ චිත්රපටියෙ Adventure ගතියක් ඒ හැටිම පෙන්නලා නෑ. ඒත් ඉතින් නොබලා මගඇරගන්න හොඳ නැති චිත්රපටියක්. බලලා ඉවරවෙලා පළවෙනි එකත් එක්ක සංසන්දනය කරලා බලන්න එතකොට අවුලක් නෑ.

මේ චිත්රපටියෙ කතාව ගැන කියනවා නම් මෙහෙමයි වෙන්නෙ…

පළවෙනි චිත්රපටියෙ ඉන්න කෲඩ්ස්ලට “බෙටර්මන්ස්ලා” කියලා අළුත් පිරිසක් මුණගැහෙනවා. මේ බෙටර්මන් කියන එකෙන් අදහස් වෙන්නෙ “දියුණු මිනිස්සු” කියනවා වගේ අදහස්. පිරිසක් කිව්වට තුන්දෙනෙක් තමයි එයාලගෙ ඉන්නෙ. එයාලගෙ විශේෂත්වය කියන්නෙ එයාලා කෲඩ්ස්ලට වඩා සෑහෙන්න වෙනස්. ඒ කියන්නෙ කෲඩ්ස්ලට වඩා දියුණුයි. කෲඩ්ස්ලා ගත්තම එයාලා ජීවත්වෙන්නෙ ගල් යුගයෙ වගේ. එයාලගෙ මේකෙදි කියන්නෙ “ගුහා මිනිස්සු” කියලා. ඒ කියන්නෙ ගල් ම් යුගයෙ ගල් ගුහාවල ජීවත්වෙන අයටනෙ. ඒත් ඉතින් මෙයාලා ගුහා මිනිස්සු වුණාට මෙයාලට ඕන වැඩක් ඔට්ටුයි. පළවෙනි චිත්රපටිය බලපු අයට මතක ඇතිනෙ මෙයාලට “ගයි'” කියලා කෙනෙක්ව හම්බවෙනවා. පළවෙනි චිත්රපටියෙ ඒ තරම් විශේෂ චරිතයක් නොවුනත් ගයි මේ චිත්රපටියෙදි හුඟක් විශේෂ චරිතයක්. මෙයා විශේෂ චරිතයක් වෙන්නෙ ගෑණු ළමයි දෙන්නෙක් මෙයාට නිසා. එක්කෙනෙක් තමයි “ඊප්” කියන්නෙ. අනිත් කෙනා කවුද කියලා ඔයාලම බලාගන්න. කෲඩ්ස්ලට හමබ්වෙන මේ බෙටර්මන් කියන අය එක්ක දිවෙන කතාවක් තමයි දෙවනි චිත්රපටියෙන් බලාගන්න තියෙන්නෙ. හැබැයි ඉතින් අන්තිමට මාරම ජංජාලෙක තමයි මේ සෙට් එක වැටෙන්නෙ. එතනදිදි හොඳම දේ වෙන්නෙ ගයිට. 😅 මේ චිත්රපටිය බලනවා කියන්නෙ කටපුරා හිනාවෙන්නත් පුළුවන් කියන එක.

මේ බෙටර්මන්ලා කියන අයට හුඟ කාලෙකට සිද්ධවුණු භයානක සිදුවීමක් නිසා එයාලා ජීවත්වෙන තැන ප්රාකාරයක් නැත්තන් තාප්පයක්, පවුරක්, බැම්මක් ඔය මොකක් කිව්වත් එකයි, පවුරකින් වගේ වට කරගෙන ඉන්නෙ. ඒකට හේතුව තමයි අර භයානක සිදුවීම. ඉතින් මෙයාලට ඉන්නවා ඩෝන් කියලා ගෑණු ළමයෙක් මෙයාගෙ අම්මයි තාත්තයි මෙයාව ආරක්ෂා කරන්න තමයි ඒ පවුර හදලා තියෙන්නේ. මම මේකට එක එක වචන පාවිච්චි කරලා තියෙනවා පවුර, තාප්පය, බැම්ම වගේ. ඔය කෝක කිව්වත් එකයි ඉතින්. හරියටම කියනවා නම් පවුර තමයි එන්න ඕන.

එහෙනම් ඉතින් කතාව ගැන මීට වඩා කියන්න යන්නෙ හරියටම මොකක්ද වෙන්නෙ කියලා ඔයාලම බලාගන්න. පළවෙනි චිත්රපටියට හඬනළු දායකත්වය දීපු සෙට් එකම තමයි දෙවනි චිත්රපටියටත් හඬනළු දායකත්වය ලබාදෙන්නෙ. හැබැයි අළුත් චරිත ටිකක් ඉන්න නිසා අළුත් කට්ටියකුත් ඉන්නවා.

වෙබ් පිටපතක් නිකුත්වෙලා හොඳ ඉංග්රීසි උපසිරැසියක් නිකුත්වුණු ගමන්ම වගේ චිත්රපටිය බාගත කරගෙන බලලා එහෙම සබ් එක ගහන්න ලෑස්ති උනත් අද ඊයෙ තමයි හරියට වැඩේ පටගන්න පුළුවන් වුණේ. උදේ 9.00 ට විතර පටන්ගත්ත වැඩේ ඉවර කරනකොට පාන්දර 2.30 වුණා. ලයින් 1500 ටත් වඩා තියන නිසා වැඩේට සෑහෙන වෙලාවක් ගතවුණා. කොහොම හරි මට පුළුවන් ඉක්මන්ට පුළුවන් උපරිමයෙන් ඔයාලට උපසිරැසිය අරගෙන ආවා. ඒ නිසා කමෙට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් උපසිරැසියකින් පුළුවන් ඉක්මන්ට මුණගැහෙමු. සිනෙරූ උපසිරැසි අඩවියත් එක්කම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඔබට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEBRip /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

8 comments

  1. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. බොහෝම ස්තූතිය් සහෝදරයා…..

  4. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මරු බං. මමත් බාගෙන බැලුවා. සබ එක්ක ආයේ බලන්න ඕනේ. එතකොට තමයි ආතල්. ස්තූතියි බං නිදි මරන් කන කට්ටට

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  6. Thanks Brother

  7. Thanks Saho

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login