7.8
100
92

The Chestnut Man (2021) S01E01 Sinhala Subtitles | “ලෝරා කියේර් ඝාතනය” | සිංහල උපසිරැසි සමඟ

(The Chestnut Man (2021) S01E01 Sinhala Subtitles) (The Chestnut Man 2021 S01 Sinhala Subtitles)

“ඔබ මෙයින් එකක් හොයාගත්තා කියන්නෙ, ඌ දැනටමත් ඔබව හොයාගෙන අවසන්”

The Chestnut Man චෙස්ට්නට් මිනිසා

The Chestnut Man කියන්නෙ 2021 සැප්තැම්බර් 29 වෙනිදා Netflix ඔස්සෙ විකාශය වුණු ඩෙන්මාර්කයේ නිෂ්පාදිත, අපරාධ ගනයට අයත් කතා මාලාවක්. මේ කතා මාලාව නිර්මාණය කරලා තියෙන්නෙ Dorte Warnøe Hagh, David Sandreuter සහ​ Mikkel Serup යන අය විසින්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Kasper Barfoed සහMikkel Serup විසින්. මෙම​ කතා මාලාව නිෂ්පාදනයට පාදක වෙලා තියෙන්නෙ Søren Sveistrup විසින් රචනා කරන ලද The Chestnut Man නම් කෘතියයි. Danica Curcic සහ Mikkel Boe Følsgaard පිළිවෙලින් නායා තුලින් සහ මයික් හේස්ගේ චරිතවලට රංගනයෙන් දායක වෙනවා. ඔවුන් දෙදෙනා කාන්තාවන් කිහිප දෙනෙකු ඝාතනය කළ ස්ථානයේ දමා ගිය චෙස්ට්නට් රූපයක් පිළිබඳ අබිරහස විසඳා ගැනීමට උත්සාහ දරනා රහස් පරීක්ෂකයින් දෙදෙනෙක් ලෙස මෙම කතා මාලාවේදි අපිට දැකගැනීමට පුළුවන්.

The Chestnut Man කතා මාලාව ආරම්භ වන්නෙ 1987 හුදෙකලා ගොවිපළක පවුලක් ඝාතනය කර තිබියදි සොයාගැනීමෙන්. ඉන්පසු, අවුරුදු 30 කට පසුව, කොපෙන්හේගන් නගරයේ තරුණ කාන්තාවක් අතකුත් නොමැතිව සෙල්ලම් පිට්ටනියක ඝාතනය කර දමා සිටියදි සොයාගැනෙනවා. රහස් පරීක්ෂක නායා තුලින්ට මෙම පරික්ෂණය බාර කෙරෙනවා. එතරම් උනන්දුවක් නොමැති, ඇයගේ අලුත් සහකරු වන මාර්ක් හේස් සමඟ එකතු වී, ඇයට පුළුවන් වෙනවා මිනිය ආසන්නයේ දමා ගියපු චෙස්ට්නට් මිනිසෙකුගේ පිළිරුවක් සොයාගන්න​. ඒ චෙස්ට්නට් මිනිසාගෙන් අබිරහස් සහගත සාක්ෂියක් හෙළිදරව් වෙනවා – මීට පෙර මිය ගියා යැයි සැක කෙරුණු රෝසා හාර්ටුන්ග් නම් දේශපාලනඥයවරියගේ අතුරුදහන් වුණු දියණියගේ ඇඟිලි සලකුණු…

ඒ අබිරහස මොන විදිහට විසඳේවිද කියලා කතාව අරගෙනම බලන්න​. එහෙනම්, ඊළඟ කොටසින් මුණ ගැහෙමු.

හැමෝටම සුබ දවසක්!

(The Chestnut Man Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |934|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

10 comments

  1. සබ් එකට ගොඩක් ස්තූතියි මචන්..👍🔥🔥

  2. සිංහල උපසිරසියට ස්තුතියි

  3. උපසිරැසියට ස්තූතියි

  4. cineru tamai patta
    thanks godak sub ekata
    godak adarei උදිත ඩිල්ෂාන් sahoooooooooo

  5. thank u bro hakinam lock and key emgish series ekt sub denwada..

  6. එකිනෙකට වෙනස් කතාද තියෙන්නෙ කතාවෙන් කතාව

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  8. Okkoma ekapara denna puluwanda?

    • Anjula Umesh
      Cineru Family Member

      සේරම එක සැරේනම් දෙන්න බෑ..පුලුවන් ඉක්මනට කම්ප්ලීට් කරන්නම්..

  9. Aruna Darshana (MR_X)
    Cineru Family Member

    තෑම්ක්ස් සගො 😊💙

Leave a Reply

Your email address will not be published. Required fields are marked *