The Bluff (2026) Sinhala Subtitles
The Bluff (2026) Sinhala Subtitles
65
45

The Bluff (2026) Sinhala Subtitles | “ අතීතයෙන් ගැලවිය නොහැකි මුහුදු කොල්ලකාරිය ” | සිංහල උපසිරැසි සමඟ

(The Bluff (2026) Sinhala Subtitles) (The Bluff (2026) Sinhala Subtitle) (The Bluff (2026) Sinhala Sub)

2026 වසරේ සිනමා ලෝලීන් අතර ලොකු කතාබහකට ලක්වුණු ‘The Bluff’ කියන්නෙ ප්‍රියංකා චොප්රාගේ අලුත්ම ක්‍රියාදාම චිත්‍රපටය. මේක Amazon MGM Studios සහ Russo Brothers එකතු වෙලා කරපු දැවැන්ත නිර්මාණයක්. මුහුදු කොල්ලකරුවන්ගේ ලෝකය ගැන ලියවුණු මේ අපූරු චිත්‍රපටයක් තමා මේ.

අධ්‍යක්ෂණය: Frank E. Flowers

ප්‍රධාන නළු නිළියන්: Priyanka Chopra Jonas, Karl Urban

ශානරය: Action / Adventure / Period Drama

චිත්‍රපටයේ කතාව ගෙතෙන්නෙ 19 වන සියවසේ කැරිබියන් දූපත් ආශ්‍රිතවයි. ප්‍රියංකා චොප්රා මෙහි රඟපාන්නෙ ‘අර්සෙල් නැමති සාමකාමීව ජීවත් වන මවකගේ චරිතයයි. හැබැයි ඇය පිටුපස රහසිගත අතීතයක් තියෙනවා. ඇය ඇත්තටම කවුද? ඇය මුළු මුහුදම හෙල්ලූ ‘Bloody Mary’ නැමති දරුණු මුහුදු කොල්ලකාරියයි. තමන්ගෙ මුහුදු කොල්ලකාර ජීවිතය අතහැරලා, ‘කේමන් බ්‍රැක්’ කියන පුංචි දූපතේ තමන්ගෙ සැමියා සහ දරුවා එක්ක අර්සෙල් ජීවත් වෙන්නෙ පාරාදීසයක. හැබැයි ඇගේ ඒ සාමය වැඩි කාලයක් තියෙන්නෙ නැහැ. ඇය අතින් පාවාදීමට ලක්වුණු ඇගේ පැරණි කල්ලිය, ඇය හොරකම් කරපු රත්තරන් සහ පරණ තරහවල් පිරිමසා ගන්න දූපතට කඩා වදිනවා.

මෙහි දුෂ්ටයාගේ චරිතය, ඒ කියන්නෙ ‘කැප්ටන් කොනර්’ විදිහට රඟපාන්නෙ ප්‍රසිද්ධ හොලිවුඩ් නළු කාල් අර්බන්. තමන්ගෙ පවුල ආරක්ෂා කරගන්න නම්, අර්සෙල්ට ආයෙමත් තමන් අකමැති ‘Bloody Mary’ වෙන්න සිද්ධ වෙනවා.

සාමාන්‍යයෙන් මුහුදු කොල්ලකරුවන්ගේ කතා වල ප්‍රධාන වෙන්නෙ පිරිමි චරිතනෙ. හැබැයි මේකෙ ප්‍රධාන සටන්කාරිය වෙන්නෙ කාන්තාවක්. ඝන කැලෑ සහ පටු මුහුදු මංකඩවල් ඇතුළෙ සිද්ධ වෙන සටන් දර්ශන ඉතාමත් තාත්විකව රූගත කරලා තියෙනවා. මේක නිකන්ම සටන් චිත්‍රපටයක් නෙවෙයි, තමන්ගෙ දරුවා වෙනුවෙන් ඕනෑම දරුණු සටනකට යන අම්මා කෙනෙකුගේ සංවේදී කතාවකුත් මෙහි තියෙනවා.

ඔබ Pirates of the Caribbean වැනි චිත්‍රපට වලට ආස කරන කෙනෙක් නම්, The Bluff කියන්නෙ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක්. ප්‍රියංකා චොප්රාගේ රංගන ජීවිතයේ හොඳම ක්‍රියාදාම දර්ශන මෙහි ඇතුළත් වෙනවා වගේම, 19 වන සියවසේ කැරිබියන් පරිසරය ඉතාමත් අලංකාරව මෙහි ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


1016
Total Subtitles

6 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  2. බොහෝම ස්තූතියි සිස් මේකට සබ්එක දුන්නට

  3. kavinda gamage
    Cineru_users

    බොහොම ස්තුතියි

  4. Era Boy
    Cineru Family Member

    මරු ඈ.. ❤️❤️

  5. thanks …………………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login