The title of the page
The Batman (2022) Sinhala Subtitles
The Batman (2022) Sinhala Subtitles
8.3
85
91

The Batman (2022) Sinhala Subtitles | “පියාපත් ඇති ද්‍රෝහියා” | සිංහල උපසිරැසි සමඟ

(The Batman (2022) Sinhala Subtitles) (The Batman Sinhala Subtitle) (The Batman 2022 Sinhala Subtitle)

කොහොමද යාළුවනෙ ඔයාලට ඔන්න අද මං උණු උණුවෙන් අරගෙන අවේ මේ අවුරුද්දේ රිලීස් වුණ හුඟක්ම හයිප් ෆිල්ම් අතළොස්ස අතරින් සුපිරිම එකක්. DC/Marvel කියලා භේදයක් නැතුව හැම කෙනෙක්ම එනකන් බලන් හිටිය The Batman..ඒ වගේම කියන්න ඕන කල්තියා නිකුත්වුණ කැම් කොපියට කාලරාමු හදලා සබ් එක කරගෙන තියාගත්ත නිසා තමයි
මේ තරම් ඉක්මනට ඔයාලට සබ් එක ගේන්න පුලුවන් වුණේ.

ෆිල්ම් එක කල්තියා නිකුත්වෙන්න තිබුනත් කොරෝනා පෙන්ඩමික් එකත් එක්ක ටික ටික පස්සට ගිහින් අන්තිමට 2022 මාර්තු 4වෙනිදා ලොව පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය පටන්ගත්තා. අධ්‍යක්ෂණය කරන්නේ Matt Reeves. Mattට පුලුවන් වෙනවා බැට්මෑන් කියන චරිතය වෙනම ලෙවල් එකකට ගේන්න. ඒකට Cinematography කරපු Greig Fraserගෙන් ලොකු සහයෝගයක් ලැබිලා තියෙනවා කියලා ෆිල්ම් එක බලද්දී තේරෙනවා. මියුසික් ටිකෙත් වෙනම රහක් තියෙනවා, ඒකට ගෞරවය Michael Giacchinoට ලැබෙනවා.ෆිල්ම් එක බෙදහරින්නේ Warner Bros.Pictures හරහා.

දැන් නලු නිළියන් පැත්තට හැරුණොත් ප්‍රධාන වශයෙන්,

බෑට්මෑන් – Robert Pattinson
කැට්වුමන්(සෙලීනා) – Zoë Kravitz
ඇල්ෆ්‍රඩ් – Andy Serkis
රිඩ්ලර් – Paul Dano
පෙන්ගුයින් – Colin Farrell
ගෝර්ඩන් – Jeffrey Wright
ෆැල්කෝන් – John Turturro

විදිහට රංඟනයේ යෙදෙනවා. ඒ වගේම ෆිල්ම් එක අනවුන්ස් කරපු කාලේ Robert Pattinson,Zoë Kravitz දෙන්නම මේ චරිත වලට ගැළැපෙන්නේ නෑ කියලා ලොකූ චෝදනාවක් ආවත් දැන් එ මතයන් ඔක්කොම පුස්සක් කියලා ඔප්පුවෙලා
ඉවරයි. මොකද සුපිරිම එක්ස්පීරියන්ස් එකක් දෙන්න ඔවුන් සමත්වුණා වගේම මේක තමයි කොමික් පොත් වලට ගැළපෙනම චරිත නියෝජනය කරපු බැට්මෑන් ෆිල්ම් එක.

මේ බැට්මෑන් ෆිල්ම් එකේ තියෙන්නෙ බෲස්, බැට්මෑන් වෙලා ගතවෙන දෙවනි අවුරුද්ද ගැන. මීට කලින් ආපු හැම බැට්මෑන් ෆිල්ම් එකකම බැට්මෑන්ගේ ආරම්භය ගැන කොටසක් හරි බලාගන්න පුලුවන් වුණත් මේ ෆිල්ම් එකේ එහෙම පටන්ගැන්මක් නැතුව කෙලින්ම පටන්ගන්නවා. ඒ හේතුව නිසා The Batman ෆිල්ම් ටීම් එක පහුගිය පෙබරවාරියේ Before The Batman කියලා පොතක් නිකුත් කළා.

මේ පොත නිකුත් කරපු එකේ ප්‍රධාන අරමුණ තමයි බැට්මෑන්ගේ ආරම්භය සහ පළවෙනි අවුරුද්ද ගැන ප්‍රේක්ෂකයාට අදහසක් දෙන්න.ඉතින් ෆිල්ම් එක බලන්න කලින් මේ මම කියන්න යන ටික දැනගෙන ඉන්න එක වැදගත් වෙයි. හැබැයි මෙතන ඉඳලා ලිපිය ටිකක් දිගවෙයි. ඒ නිසා ඔයා කියවන්න අකමැති කෙනෙක් නම් පහළට ගිහින් සබ් එක අරන් බලන්න.

ඒ පොතේ තිබ්බ දේවල් වලින් පොඩි සාරාංශයක් ඔයාලට මං කියන්නම්.කතාව පටන්ගන්නෙ බෲස්ගේ තාත්තා ගෝතම් නගරයේ නගරාධිපතිට තරඟ කරනවා කියන නිවුස් එකත් එක්ක. මේ වෙද්දි Wayne manor එක ලමා නිවාසයක් බවට පත් කරලා  wayne tower එකට යන්න වේන් පවුල තීරණය කරලා. වේන් පවුලේ අය Wayne Manor එක ලමා නිවාසයක් විදිහට පරිත්‍යාග කරලා Wayne Tower එකේ ජීවත්වෙන්න යනවා. බෘස් නම් wayne tower එකේ ජීවිතයට වැඩිය කැමති නැහැ. අකමැත්තෙන් වුණත් නගරේ මැද්දේ බිල්ඩින් එකක ජීවත්වෙන්න බෘස්ට සිද්ධවෙනවා. මේ සිදුවීම් ටිකෙන් පස්සෙ අපි ආයෙත් බෘස් හම්බවෙන්නේ අවුරුදු 10කට පස්සෙ. දැන් බෘස්ට වයස  17 යි. මේ වෙද්දි බෘස්ගේ දෙමව්පියෝ මැරිලා. බෲස් තවම ඉගෙනගන්නවා. ඒත් බෘස්ට සමාජ ආශ්‍රයක් නැහැ, අඩුම ඇල්ෆ්‍රඩ් එක්කවත් වැඩිය කතාවක් නැහැ. මිනිස්සුන්ගෙන් ඈත්වෙලා ඉන්න තමයි බෘස්ට ඕන. හැබැයි බෲස්ගේ ඉගෙනීමේ වැඩ ගොඩක් හොදයි. හැම විෂයකටම A. ඒත් බෘස් මේ කිසිදෙයක් කරන්නෙ කැමැත්තෙන් නෙමෙයි.
ඇල්ෆ්‍රඩ් ප්‍රධාන මෙහෙකරුවා වුණාට ඊට වඩා සෑහෙන වැඩ කොටසක් ඇල්ෆ්‍රඩ් අතින් සිද්ධවෙනවා. Wayne Enterprises එකේ වැඩ වලටත් උදව් වෙනවා. හිටපු බ්‍රිතාන්‍ය බුද්ධි අංශ නිළධාරියෙක් නිසා බෘස්ට විවිධ සටන් ක්‍රම කියලා දෙන්නත් ඇල්ෆ්‍රඩ්ට පුලුවන් වෙනවා.තෝමස්ටයි මාර්තටයි වගේ දෙයක් කවදාහරි බෘස්ටත් වෙන එක වලක්වගන්න තමයි ඇල්ෆ්‍රඩ් බෘස්ට සටන් ක්‍රම කියලා දෙන්නෙ. හැමදාම උදේ ඇල්ෆ්‍රඩ් එක්ක පුහුණුවීම් ඉවර වුණාට පස්සෙ බෘස් කෙලින්ම යන්නෙ Wayne tower එක යට තියෙන අතෑරලා දාපු Railway station එකට. බෘස් යන්න කැමතිම තැන තමයි මෙතන. මේක Wayne manor එකේ ඉදලා wayne tower එකට යන්න නිර්මාණය කරපු එකක්.
වේන් පවුල ඇරෙන්න මේ ගැන වෙන කවුරුවත් දන්නෙ නෑ. වවුලන්ගෙන් පිරිච්ච මේ තැන බෘස් හොයාගන්නෙ අවුරුදු 13 දී.
ගෝතම් වලදි හම්බවුණ එක එක දේවල් මෙතනට ගෙනල්ලා පරීක්ෂා කරලා බලන්න බෘස් පුරුදු වෙලා හිටියා. ඒ වගේම Bat mobile එක බෘස් හදන්න පටන්ගෙන තියෙන්නෙ අවුරුදු 16 දි. බෘස්ට ලොකු ආසාවක් තිබිලා තියනවා පාරේ රේස් පදින්න. ඉතින් ඒකට ගොඩක් වේගෙන් යන්න පුලුවන් වාහනයක් තමන්ම හදන්න පටන්ගන්නවා. වාහනයක් සල්ලි දීලා ගන්නවට වඩා තමන්ම හදාගන්න එක වටිනවා කියලා බෘස්ට හිතුනලු.

බෲස් තමන්ගේ කාර් එකේ වැඩ ඉවර කරලා ඒක පැදලා බලන්න අරගෙන යනවා. ඔය යද්දි පොලිසියෙන් බෲස්ව නවත්තනවා. ඒත් දඩයක් නොගහා බෘස්ට නිකන්ම යන්න දෙනවා. මොකද දඩයක් ගැහුවත් බෲස් පෝසත් නිසා ඒක වැඩක් නැහැ කියලා හිතලා. ඒත් බෘස් කැමති නැහැ තමන්ට සල්ලි තියන නිසා නිකන්ම යන්න දුන්න එකට. බෘස් මේ කාර් එක හැදුවේ රේස් පදින්න හිතාගෙන නේ. ඉතින් ඊලගට බෘස් උත්සාහ කරනවා රේස් එකකට සම්බන්ධවෙන්න.

ඒත් මේ බෲස් වේන් කියලා දැනගත්තම රේස් එකේ සංවිධායකයෝ බෲස්ට හිනාවෙලා ජෝක් එකක් කරලා නිකන් ඉන්නවා. මේ සිද්ධිය නිසා බෲස්ට ඩැක්ස් කියලා ගෑණු ළමයෙක් හම්බවෙනවා..බෘස් ඩැක්ස්ට ගොඩක් කැමති වුණත් බෘස්ට තේරෙන්නේ නැහැ මේක කියන හැටි. මේකෙන්ම හිතාගන්න පුලුවන් අපි කලින් ෆිල්ම් වල දැකපු සෙල්ලක්කාර බෘස් නෙමේ මේ ෆිල්ම් එකේ ඉන්නෙ කියලා. පස්සෙ කොහොමහරි බෘස් වෙස් වලාගෙන ඇවිල්ලා රේස් එකට ඇතුලත් වෙනවා.

අපි දැන් පොඩ්ඩක් බලමු ෆිල්ම් එකේ ප්‍රධාන දුෂ්ටයා වෙන රිඩ්ලර්(එඩ්වර්ඩ්) ගැන ටිකක්.

රිඩ්ලර් කියන්නේ වේන්ලා ළමා නිවාසයක් කරපු wayne manor එකේ ජීවත් වුණ අනාතයෙක්. ඒ වගේම බෲස්ට තියෙන සැපසම්පත් වලට ඊර්ෂ්‍යා කරපු කෙනෙක් තමයි එඩ්වර්ඩ් කියන්නේ. ඒ මදිවට එඩ්වඩ්ට තමන්ගෙ ජීවිතෙන් ලොකු කාලයක් wayne manor එක ඇතුලට වෙලා
මේ මිනිස්සු ගෙවපු සැප ජීවිතේ දැක දැක ඉන්න වෙනවා. පස්සේ එඩ්වඩ් උසස් අධ්‍යාපනය හදාරන්න පටන්ගන්නවා. හැබැයි බෲස් තරම් විෂයන් වලට දක්ෂ නැහැ. එඩ්වඩ් ආසා කරපු එකම දේ තමා ප්‍රෙහේලිකා. එඩ්වඩ් කියන්නෙත් තනියම කාලය ගත කරන කෙනෙක්. ඉතින් ගොඩක් වෙලාවට එඩ්වඩ්ට යාලුවෝ වුණේ ප්‍රහේලිකා තමයි..

මේ කාලෙදි එඩ්වඩ් කෑම ඩිලිවරි කරන තැනක වැඩටත් යනවා. දවසක් කෑම ඩිලිවරි කරන ගමන් හිටිය එඩ්වඩ්ව පරේ..රේස් පැදපු කාර් එකක හැප්පෙනවා..නූලෙන් පණ බේරගන්න එඩ්වඩ්ට මේකට හොඳටම තරහ යනවා. පෝසත් මිනිස්සු අනිත් මිනිස්සු ගැන කිසි තැකීමක් නෑ කියලා එඩ්වඩ්ට ආයෙ මතක් වෙනවා.

මේකට පළිගන්න හිතාගෙන දවසක් මේ එක කාර් එකක් පුපුරන්න ප්ලෑන් කරනවා. මේක ඩැක්ස්ගේ කාර් එක. රිඩ්ලර්ගෙ වැඩේ හරියනවා.ඒත් බෘස්ට පුලුවන් වෙනවා ඩැක්ස්ගේ ජීවිතය බේරගන්න. මේ වෙලාවෙදී එඩ්වඩ්ටත් බෘස්ටත් දේවල් දෙකක් තේරුම් යනවා.

එඩ්වඩ්ට තේරෙනවා තමන් පළිගන්න වැඩ වලට මාර කැමතියි කියලා. බෘස්ට තේරෙනවා තමන් ජීවිත බේරගන්න වැඩේට ගොඩක් කැමතියි කියලා.
මේ සිද්ධියෙන් පස්සෙ බෘස් තීරණය කරනවා රේස් පදින එක අතෑරලා දාන්න.

කාලෙකට පස්සේ, බෘස් ඉගනගන්න ඒවත් කරලා ඉවර කරලා ආයෙ එනවා ගෝතම් වලට. හැබැයි wayne enterprises එකට අදාල වැඩකට ඇගිලි ගහන්නවත් බෘස් කැමති නෑ. ඔහොම කාලයක් ගිහිල්ලා Wayne enterprises එකේ සැහැල්ලුම සහ ශක්තිමත්ම දේවල් පාවිච්චි කරලා බෘස් සූට් එකක් හදනවා. Bat cave එක හොයාගත්තු කාලෙ ඉදන් මේ ගුහාවෙ වවුල්ලු හිටිය නිසත් බෘස් තනිවෙලා මෙතනට ආපු වෙලාවට තනිකම මකන්න හිටියෙ වවුල්ලු විතරක් නිසාත් මේ සූට් එක වවුලෙක් විදියට හදන්න බෲස් තීරණය කරනවා. බෘස් බැට්සූට් එක හදලා ඉවර නිසා රෑට රෑට මේකත් ඇදගෙන එලියට යනවා. බෘස්ට නවත්තන්න හම්බෙන පලවෙනි හොරා ටිකක් අල්ලගන්න අමාරු උනත් ටිකක් ගේමක් ගහලා වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙනවා. බැට්මෑන්ගේ පළවෙනි අවුරුද්දේ අඟ වගේ වෙද්දී ගෝතම් පොලීසිය එක්ක හොද සම්බන්ධයක් හදාගෙන. විශේෂයෙන්ම ලුතිනන් ගෝර්ඩන් එක්ක. මේ නිසා තමන්ව ඕන වුණොත් කතා කරන්න බැට් සිග්නල් එකක් ගෝර්ඩන්ට දෙනවා.

මේ අතරෙ එඩ්වඩ් හැමදාම තමන් හැදුන wayne manor ළමා නිවාසේ ගාවින් යනවා. එඩ්වඩ්ට තාමත් මේ තැන පේන්න බෑ.ඉතින් දවසක් එඩ්වඩ් තීරණය කරනවා wayne manor එක අලු කරලා දාන්න. අවුරුදු ගාණක් මෙහෙ හැදුන වැඩුන නිසා හොරාට ඇතුලට පනින හැටි සේරම එඩ්වඩ් දන්නවා. මෙහෙම දවසක් ඇතුලට රිංගලා අනතුරු සංඤාව ගහලා ළමයි ටික සේරම එලියට යවලා මුලු ළමා නිවාසේම පුච්චලා දාලා එතනින් මාරු වෙනවා..

“I Am Vengeance, I Am The Shadows, I Am The Batman” කියන වචන පේලියත් එක්ක පොත ඉවර වෙනවා.ඉතින් ඒ පොතේ පොඩි සාරංශයක් තමා මේ.

ලිපිය නම් හුඟාක් දිගයි. කරන්න දෙයක් නෑ ඉතින් මේ ටික කීවේ නැත්නම් වැඩක් නැති නිසා කියන්නම වුණා. මං හිතනවා ලිපිය වැදගත්වෙයි කියලා ඔයාලට..එහෙනම් ෆිල්ම් එක රසවිදින්න. කමෙන්ට් එකකුත් දාගෙනම යන්න කියලා ඉල්ලනවා. සබ් එකේ අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න,මොකද කොමික් නිසා ටිකක් අමාරුයි.

එහෙනම් හැමෝටම ජයවේවා!! අලුත් සබ් එකකින් හමුවෙමු…

 

HBO Max WebRip පිටපත් සදහා යාවත්කාලින කර ඇත .

 

(The Batman Sinhala Sub) (Batman Sinhala Subtitle)
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

61 comments

  1. Thank you 😘🌟🥳

  2. American horror story tv series ekt sub eka dendkoo

  3. Isuru Sandaruwan

    thank you. macn

  4. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  5. the bubble (2022) film eke sub eka dennako plssss

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  7. බොහොම ස්තුතියි!!! Thank you very much and good job !

  8. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    අම්මෝ මල්ලී, නියමයි ඈ. සබ් එක එනකල් බලන් හිටියේ පුදුම ආසාවකින්. ස්තූතියි බං

  9. Patta aaaaaaa Thanks Sub Ekata

  10. බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….😊❤️🔥

  11. Thank you sub ekta

  12. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.ghg

  13. Sudesh Wickramasinghe

    1080p Link eka nadda?

  14. Bluray ekata Update karala denwada please

  15. Thank u bro🧡

  16. Sub ekta thnx machn ❤️‍🔥😻

  17. Kantha_(DLA)
    Top Fan ⭐⭐⭐

    …………..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!………….

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  18. HMAX එකටත් update එකක් දෙන්නකො

  19. Thank you brother thank you 😍😍😍😍

  20. Sub ek hari time ekt play wen na ne

    • HC HDRip එකේ සබ් එකත් ෆෝල්ඩර් එකේ තියනවා..WEBRip වලට WEBRip වලට දීලා තියන සබ් එක ඇඩ් කරගන්න..

  21. Mage webrip tama film eka sub eka webrip eka tama add kre hariyt play wen na. Mage eka 1080p x265.HEV

    • ඔයා HBO Max කොපිය ගන්න ඇත්තේ..දැන් ඒ කොපියටත් සබ් අප්ඩේට් කරලා තියෙන්නෙ.
      දැන් අරන් බලන්න..

  22. Thank you 😊

  23. Deegayu Abeysekera

    thanks supun
    thanks cineru

  24. thanks brother sub ekata!!!!!

  25. puluwan nam adminla kawuru hari balala PEAKY BLINDERS last ep ekatathnsub eka denna. sathiyak withara thisse sub eka nathuwa inne please. loku udawwak!!!

  26. Before Batman book eke summary ekk dapu eka nm mara vatinava sago, marama vatinava.

  27. Cineru team එකට ගොඩක් ස්තුතියි ඔයාලා තමා අලුතෙන් ආපු හැම movie එකකටම මුලින් ම වගේ සිංහල sub දුන්නෙ කාළය කැප කරලා මේ කරන කාර්යය තව තවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට තෙරුවන් සරණයි..

  28. Thank You Brother ❤

  29. හිෂාන් සමරසිංහ

    බොහෝම ස්තූතියි…

    . .
    _.-‘\ |\-“””-/| /`-._
    _.-` `. / \ ,’ ‘-._
    _.’ `._ ; \ / ; _,’ `._
    .’ `-.: :.-‘ `.
    ,` , , ‘.
    ,` ‘.
    / \
    :,-“””-, ,-“””-,:
    /’ ` ‘ ‘\
    : :
    : ,-“””-, ,-“””-, :
    /’ `. _.-‘ ‘-._ .’ ‘\
    \ .` : : ‘. /
    . .` : : ‘. .
    :/ : : \:
    : : : :
    :

  30. ක්‍රිශාන්ත හැරිස්

    ගොඩාක් ස්තුතියි සබ් එකට

  31. Thank You for the subtitles

  32. Amitha Hettiarachchi

    Thank you machn ❤️❤️

  33. thanks…….

  34. 2008 Apu Dark Knight Film eke sub oni

  35. Thanks for the sub!!!!

  36. Thanks for sub and video links

  37. thank you bro

  38. Thank you so much

  39. Malinda Sadaruwan

    තැන්ස් ලොක්කා සබ් එකට❤️

  40. ගොඩක් ස්තූතියි මචන්.❤️

  41. Savindu rashmika

    From 2022 Tv series ekatath sub denn puluwnd

  42. Thanks sub ekata supiri……..

  43. yahampath bandara

    The.Batman.2022.INTERNAL.1080p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA ekata sub eka set naha

    • Internal කොපියට දීලා තියන සබ් එක දාගන්න..ආව කොපි තුනට වෙනම සබ් තුනක් ෆෝල්ඩර් එක ඇතුලේ තියනවා..

  44. Arawinda Sunimal

    Thanks sub ekata jayawewa

  45. Warhunt film එකට Subtitle ඕනා 🥺

  46. Kantha_(DLA)
    Top Fan ⭐⭐⭐

    Request:
    Ambulance (2022)

  47. සම්පත්

    ස්තුතියි යාළුවා

  48. Thanks bro…

  49. Gemmc sago

  50. txs muchan .. biscope ekk wada kere nha. psse oyalage sub ekk try kera sub ekk wada txs bro

  51. Okkoma kiyewwa. Thanks intro ekattyi sub ekatati

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login