The title of the page
Terrifier 2 Sinhala Subtitle
Terrifier 2 Sinhala Subtitle
6.4
88
87

Terrifier 2 (2022) Sinhala Subtitles | “උමතු විකටයා නැවතත්” | සිංහල උපසිරැසි සමඟ

(Terrifier 2 (2022) Sinhala Subtitles) (Terrifier 2 (2022) Sinhala Subtitle) (Terrifier 2 Sinhala Subtitle)

කොහොමද කට්ටියට මම අද ගෙනාව පොරොන්දු වුන විදියට ඉස්සෙල්ලා සබ් දුන්න ෆිල්ම් එකේ දෙවෙනි කොටස

2016 වසරේ නිකුත් වූ Terrifier චිත්‍රපටයේ Sequel එක ලෙස නිර්මාණය වූ මෙයට පෙර චිත්‍රපටයට වඩා දැඩි අවධානයක් සහ ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි කරගත්තේ චිත්‍රපටය තුල වූ මෙම ලේ වැගිරීම් සහ ප්‍රේක්ෂකයා අපහසුතාවයට ලක් කරන දර්ශන ඇතුලත් වීම නිසාමය. Splatter Slasher ශානරයන්ට අයත් නිර්මාණයක් ලෙස පෙර ජ්නප්‍රිය නිර්මාණ සදහා දායක නොවූ නවක නලු නිලි කැලක් සමගින් නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, රචනය, සංස්කරණය සහ නි‍ෂ්පාදනය යන සියලු කටයුත්තක්ම පළමු චිත්‍රපටයද නිර්මාණය කල Damien Leone විසින් සිදු කිරීම විශේෂත්වයක් වන අතර V/H/S ඇතුලු චිත්‍රපටද නිර්මාණය කල Horror නිර්මාණ සම්බන්ධයෙන් නමක් දිනූ ස්ටූඩියෝවක් වන Bloody Disgusting විසින් මෙහි බෙදාහැරීම් කටයුතු සිදු කරනු ලබයි.

පසුගිය ඔක්තෝබර් 06 වෙනිදා සිට ඇමරිකා එක්සත් ජනපදය පුරා තිරගත වීම ඇරඹි Terrifier 2 චිත්‍රපටය මේ වනවිට ඇ.ඩො දෙලක්ෂ පනස්දහසක ඉතා අවම පිරිවැයකින් ඇ.ඩො මිලියන 6.3 ක ආදායමක් ලබමින් ඉතා දැවැන්ත සාර්ථකත්වයක්ද අත්පත් කරගෙන ඇති අතර Horror නිර්මාණයක් ලෙස ඉහල විචාරක ප්‍රතිචාරයක්ද ලබමින් ඉහල RT අගයක්ද වාර්තා කොට ඇත.මේ වසර Horror චිත්‍රපට සදහා සුබ වසරක් වූ අතර නිකුත් වූ චිත්‍රපට 07 ක්ම ඇමරිකානු Box Office ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වීමට සමත් විය. මින් පෙර වසරකදී මෙවන් Horror චිත්‍රපට විශාල ගණනක් මෙසේ පළමු ස්ථානයට පත් වී නොමැත. Nope, The Black Phone, The Invitation, Barbarian, Smile, Scream සහ Halloween End’s එම චිත්‍රපටයි. මීට අමතරව X, Bodies Bodies Bodies, Pearl, Crimes of the Future Men සහ Orphan: First Kill වැනි තවත් ජනප්‍රිය සහ යහපත් ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර ලද Horror චිත්‍රපට රැසක් මේ වසරේදී නිකුත් විය. Terrifier 2 චිත්‍රපටය මෙසේ සාර්ථක වී ඇත්තේ සීමිත සිනමාශාලා 886 ක පමණක් තිරගත වීමෙනි. ඒ හරහාද ආදායම 70% කින් වර්ධනය කරගැනීමට පසුගිය සති අන්තය වනවිට සමත් වී ඇත.

මේ උඩ තියෙන ලිපිය මම උපුට ගත්තේ නම් Comic Cage ෆේස් බුක් පිටුවෙන්..

කතාව පැත්තට හැරෙන්න කලින් කියන්නේ ඔයාල Terrifier පලවෙනි ෆිල්ම් එකත් බලන්න…..

සියෙනා කියන ගෑනු ළමය පස්සෙන් තමයි මේ පාර විකටයා පන්නන්නේ.. ඊට වඩා කියන්න ඕනෙ නෑ ඔයාලම බලන්න..

හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා ඒ වගේම අපේ සිනෙරු ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට ඕනෙ කරන ෆිල්ම් සබ්ටයිටල් එක්කම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්👍👍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

7 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උමේෂ් සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. secret headquarters 2022 ake sub ak dantakooooo. pls

  3. Jaya wewaa..bohoma sthuthi saho..

  4. Thank You For Sub. Godak New Movies Apu gaman Sub Denawata Thaks..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login