The title of the page
Survive (2022) Sinhala Subtitles
Survive (2022) Sinhala Subtitles
4.2

Survive (2022) Sinhala Subtitles | ජීවිතයෙන් පැනයාම | සිංහල උපසිරැසි සමඟ

(Survive (2022) Sinhala Subtitles) (Survive (2022) Sinhala Sub)

ඔන්න සහෝලා මම පොරොන්දු උනා වගේම මගේ 299වෙනි උපසිරැසියත් ඉක්මනින්ම් අරන් ආව. මෙකත් 2022 අවුරුද්දේ ආව ෆිල්ම් එකක්. ඒ වගෙම ඇඩ්වෙන්චර්, සහ රොමෑන්ටික් කියල කැටගරි දෙකටම අයිති එකක්. ඒත් මෙහෙම දේකුත් තියෙනවා, කවුරුහරි ඇහුවොත් දිවිනසා ගන්න යන කෙනෙක් ආදරේ කරයිද කියලා? අන්න එකට උත්තරේ මේකේ තියෙනවා. මේ වගේ ෆිල්ම් එකක් මම මීට කලින් නම් බලලා නෑ, මේක හරි අමුතුයි, ඒ අමුතු ගතියත් හොඳටම තියෙනවා. Survive.2022.720p.WEBRip.x264.AAC-[YTS.MX] කියන පිටපතට වගේම ඕනෙම වෙබ් කොපියකට මේක සෙට් වෙනවා. ඔයාලට පුලුවන් උපරිම කොලිටියෙන් වීඩියෝව ගන්න, එතකොටයි ෆිල්ම් එකක නියම රස දැනෙන්නේ.

මෙහෙමයි, පොඩිකාලේ තාත්තාගේ මරණය ඇස් දෙකෙන් දකපු පොඩි ගැනු ළමයෙක් ඒ ප්‍රශ්නේ නිසාම එක එක විධිවලින් ජීවිතෙ නැතිකර ගන්න හදනවා. ඒවා අසාර්ථක උනාම එයාව ආරක්ෂිත නිවසකට යවනවා මානසික චිකිත්සාවට.  එහෙදී සාර්ථකව චිකිත්සාව ඉවර කරපු එයා, එතනින් එලියට එන්නෙම ජීවිතේ නතිකරන්න සැලසුමක් තියාගෙන! ඉතින් කොහොමහරි පිටත්වෙලා, ගුවන් යානයට නැගලා යන අතරමඟදී මෙයාගේ ගුවන්‍යානය විනාශ වෙනවා. ඒ අතරෙදී ඒකෙන් බේරෙන්නේ දෙන්නෙයි. එක්කෙනෙක් කොල්ලෙක්, නම පෝල්. කෙල්ල, ඒ කියන්නේ ජේන්ට ඕනේ මැරෙන්නනේ, ඉත්න් එහෙම කෙනෙක්ව බේරගෙන හිම කන්දක් උඩින් බිමට බැහලා ජීවිතේ බේරගන්න පුලුවන් වෙයිද? නැත්නම් දෙන්නා ආදරෙන් බැඳිලා කන්දේම මිය යයිද? බලන්න, අවසානය හරිම සංවේදියි. අනික ෆිල්ම් එක සම්පූර්නයෙන්ම වාගේ සුදුම සුදුයි, ඇයි ඉතින් හිමේ නේ. මාර ලස්සනයි, සංවේදියි වගේම කුතුහලය කියන දේ ඉහලින්ම තියෙන චිත්‍රපටියක්. මම දන්නෙ නෑ මේ වගේ පොඩි සිද්ධියකින් ෆිල්ම් එකක් මේ තර්ම් සාර්තකව කරේ කොහොමද කියලවත්. මම නම් මෙකට දහයෙන් 8.5ක් වත් ලකුණු දෙනවා. ඒ තරමටම සුපිරි නිර්මාණයක්. අරන් බලන්න. කමෙන්ට් එකක් ලියලා යන්න. ආ ඒ වගේම මගේ යූටියුබ් චැනල් එක Dj DULEX | සදහම් ක්‍රියේශන්ස් කියල සර්ච් කරලා හොයාගෙන සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගෙන යන්න.

ඉතිං අද මම මේ ගේන උපසිරැසියෙන් පස්සේ එන්නෙ මගේ 300වෙනි කඩයිම. ඒ වෙනුවෙනුත් ස්පැනිශ් 18+ පට්ට ආදර කතාවක් සූදනම්. ඒකත් මේකත් එක්කම අපෙ ඇඩ්මින් එකෙන් දෙයි ඔයාලට. ඉතින් එහෙනම් මගේ මැණික සදහම් පුතාව ආදරෙන් මතක්කරන ගමන්ම ඔයාලටත් “සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි” කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම බුදු සරණ, සදහම් සරණ, සඟ සරණ ලැබේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

5 comments

  1. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. ප්‍රදීප්

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි දර්ශන සොයුර ….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  4. Thanks Subtitle Ekata….

  5. Thanks for the sub!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login