The title of the page
6
88

Supreme (2016) Sinhala Subtitle | සුපිරි ටැක්සිකාරයා | සිංහල උපසිරැසි සමඟ

කිසිම ආත්මාර්ථකාමී බවක් නැතුව , මිනිස්සු වෙනුවෙන් යුද්ධ කරන්නෙ සෙබලෙකු විතරයි… 

(Supreme 2016 Sinhala Sub )ආයුබෝවන් යාලුවො හැමෝටම.මේ දිනවල තවමත් ලොව පුරා සිනමාශාලාවල් විවෘත කර සිනමා කර්මාන්තය යලි අරඹන්න නොහැකි තත්වයකුයි උද්ගට්ය වෙලා තියෙන්නෙ..ඉතින් අපිට බලන්න මගහැරුනු අපූරු චිත්‍රපටි කවර් කරගන්න මේක හොඳම අවස්තාවක් කියල හිතනවා..
ඉතින් ඒ වගේ උපසිරැසි නොතිබුනු අපූරු තෙලිඟු චිත්‍රපටයකට උපසිරැසි ගන්වල අද මම අරගෙන ආව.
මේ චිත්‍රපටිය තිරගත වුනේ 2016 වර්ශයේ මැයි 5 වෙනිදා.Action | Romance කාණ්ඩයට අයත් මෙය මේ වන විට IMDB දර්ශකය තුල 6ක අගයකුත් , ගූගල් පරිශීලකයන්ගෙන් 88% මනාපයකටත් හිමිකම් කියනවා.ඉන්දියානු රුපියල් කෝටි 15 ක වියදමක් දරා නිපදවූ මෙය බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 50ක ආදායමක් ඉපයීමට සමත් වුනා.චිත්‍රපටියේ නිශ්පාදනය කලේ Dil Raju මහතා වන අතර අධ්‍යක්ෂණය Anil Ravipudi මහතාගේ..

චිත්‍රපටයේ රංගන දායකත්වය බැලුවොත් ප්‍රධාන නලුවා ලෙසින් එක් වන්නෙ තෙලිඟු සිනමාවෙ “Supreme Hero ” කියන නමත් මේ චිත්‍රපටිය හරහා පටබැදුනු Sai Dharam Tej විසින්.ඉතින් ඒකෙන්ම පේනවනේ මෙයාව කර්මාන්තය තුල ප්‍රසිද්ධ කරන්න ඉවහල් වුනු චිත්‍රපටයක් තමයි මේක.
ප්‍රධාන නිලිය ලෙසින් එක් වෙන්නේ සුරූපි Rashi Kanna විසින්.ඉතින් ඇය 2014 වර්ශයේ තෙලිඟු සිනමාවට ප්‍රවේශ වෙලා අද දිනට වසර 6ක් සපිරෙනවා..ඉතින් ඒකටත් එක්ක විශේෂයෙන්ම තමා මම අද මේකට උපසිරැසි දෙන්න හිතුවේ.මං කලින් උපසිරැසි කරපු 2019 තිරගත වුනු “Prathi Roju Pandage” චිත්‍රපටිය බලපු අයනම් මේ ජෝඩුව ඒකෙන්  ඉන්නව දකින්න ඇති.
ඉතින් මේ වගේ තව තෙලිඟු සිනමාවේ නිතර දකින්න ලැබෙන හුරුපුරුදු නලු,නිලියො ගොඩක් මෙකෙ රංගනයෙන් එක් වෙනවා..

හරි එහෙනම් මම කතාව පොඩ්ඩක් මතක් කරන්නම්..

ජාගෘති අරමුදල..අනන්තපුරම් වල ගොවියන්ගෙ ඉදන් හැම වැසියෙක්ම යැපෙන්නෙ මේ අරමුදල සහ ඊට අයත් ඉඩම් වලින්.මේකෙ වර්තමාන භාරකාරය විදියට වැඩ කරන්නේ නාරායන රාඕ කියල කෙනෙක්.කොහොමෙන්හරි වික්‍රම් සර්කාර් කියන සල්ලි කාරය මෙතන ෆැක්ට්‍රියක් හදන්න බොරු ලියකියවිලි හදලා මේ අරමුදලට අයිතිවාසිකම් කියන්න ගන්නව.ඉතින් උසාවියෙන් තීන්දුව තව මාසෙකින් දෙන්නම් මේක අනන්තපුරම් ජනතාවට අයිති කියල වර්තමා උරුමකාරයින් හොයල ඔර්ජිනල් ලියකියවිලි ඉදිරිපත් කරන්න කියනව , නැත්නම් මේකෙ අයිතිය වික්‍රම් සර්කාර්ට පැවරෙනව කියලා.
ඉතින් සර්කාර් වගේ සල්ලිකාරයෙක් එක්ක හැප්පෙන එකත් ලේසි නෑ..අරමුදලේ සැබෑ වර්තමාන උරුමක්කාරය කොයි වගේද කියලවත් නොදැන නාරායන රාඕ එයාව හොයන්න ගන්නව..

ඉතින් හරිම රසවත් විදියට ඉස්සරහට ගලාගෙන යන මේ කතාවට අපේ සුපිරි ටැක්සිකාරයා සෙට් වෙන්නේ කොහොමද? මොන මොන හැරවුම් අරගෙන කතාව ඉදිරියට යයිද කියල එහෙනම් අරගෙනම බලන්න.

මම ගිහින් එන්නම් තවත් මේ වගේම අපූරු චිත්‍රපටියක සිංහල උපසිරැසි එක්ක හම්බෙමු..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

11 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Thank you very much godak kalayak balagena hitiye kauru hari sub denakan

  3. film eka download krnna tenak ne neeh. link upload krnnko.

  4. Thanks for sub bro…..(pilla nuvve leni jeevitham 2014) me naluwagema film ekata sub denna bro…..please….

  5. Rey 2015 me film ekath sub denna bro……

  6. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  7. Malith Sandeepa

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤

    මේ වගේ සබ් නැති පරණ අනිත් ෆිල්ම් වලටත් සබ් ඕනේ👍

  8. උපසිරසියට බොහොම ස්තුතියි,දිගටම කරගෙන යන්න සුභ පතනවා.

  9. Saho rathavara movie ekata sub dennako.kannada movie ekak.2015.thawama කවුරුත් sub karala ne එකට..

  10. Sahoo rathavara movie එකට sub dennako.kannada movie එකක් 2015 apu.කවුරුත් sub karala ne ekata.

  11. Amila
    Cineru_users

    sub eka download karanda bane.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login