The title of the page
Prema Janta 2019 Sinhala Sub
Prema Janta 2019 Sinhala Sub
96

Prema Janta (2019) Sinhala Subtitles |ආදරය ජය ගනීද?| සිංහල උපසිරැසි සමග

ඔන්න මම අද ආවේ පාසල් ආදරය ගැන තියෙන ලස්සන චිත්‍රපටයක් අරගෙන

ජිවිතේ අපි හැමොම ආදර කරනවා සමහරු ඒ ආදරය ජය ගන්නකොට තවත් සමහරුන්ට ඒ ආදර ජය ගන්න ලැබෙන්නේ නැ ….. ඒ කොහොම වුනත් අපිට හම්බෙන කෙනා එක්ක ජිවිතේ බෙදා ගන්න පුළුවන් නම් එතනින් අපිට ජිවිතේ ඉස්සරහක් ගැන හිතන්න පුළුවන් කියලා මම හිතනවා.. මෙකත් ඒ වගේ කතාවක් තියෙන හොද සිනමා පටයක් කියලා කියන්න පුළුවන් ..
(Prema Janta 2019 Sinhala Sub)

ජිවිතේ ලස්සනම කාලය මොකක්ද කියලා මම ඇහුවොත් ඔයාලාගේ උත්තරය තමයි……. පාසල් කාලය ඒ කාලෙට යන්න ආයේ හම්බෙනවනම් ඔයාලා ගොඩක් ආසාවෙන් යනවා කියලා මම දන්නවා.. මම පාසල් කාලය ගැන ගොඩක් ෆිල්ම් බලලා තියෙනවා ඒ අතරින් හොද නිර්මාණයක් තමයි මෙක……. පාසල් කාලයේ ඔනම කෙනෙකට ආදරයක් තියෙනවා එක මම දන්නවා. ඒ ආදර ලබා ගන්න ගොඩක් අය වෙනම කැපවීම් කරනවා…….චිත්‍රපට ආරම්භයේ සිටම ඔබව චිත්‍රපටය තුළ රදවා ගැනීමට සමත් වේ තිබෙනවා…….ලස්සන ගීත බොහොමයක් ඇතුලත් වී තිබෙන අතර එය චිත්‍රපටයේ ගුණාත්මක භාවය වර්ධනය කිරිමට බෙහෙවින් බලපා ඇති බවයි මාගේ අදහස අවංකවම මෙතෙක් නිපදවා ඇති හොඳම චිත්‍රපටවලින් එකක්! මිත්‍රත්වය, ආදරය සහ වගකීම් පිළිබඳව එය අපට පැහැදිලිව විස්තර කරනවා … පාසල් යන අයෙක්ට සියලු චරිත සමඟ සම්බන්ධ විය හැකිය………..

ඉට අමතරව චිත්‍රපටය පාසල් කාලෙන් එලියට ඇවිත් සමාජයේ තවත් පැතිකඩක් කතා කරනවා දනය බලය හමුවේ කොහොම ද දරු සෙනෙහස දිය වෙලා යන්නේ එතකොට සමාජයේ අඩු වයසින් ආදරය කරන කෙනෙක්ට කොහොම ද සලකන්නේ කියලා මේකේ ලස්සනට කතා කරලා තියෙනවා. ලමා අපයොජන හා ලිංගික විකිනිම් ගැනත් චිත්‍රපටය තුල අන්තරගත වෙලා තියෙනවා
පොඩි කාලයක් තුල ලොකු පරාසයක් ආවරනය කිරිමට චිත්‍රපටය සමත් වී තිබීම චිත්‍රපටය සාර්ථකත්වයට බෙහෙවින් බලපාලා තියෙනවා

June 28, 2019 දින තිරගත වුණ මෙම චිත්‍රපටය Drama ගණයට අයත් වෙයි. අධ්‍යක්ෂණ කරන ලද්දේ Nikhilesh Thogari විසින් වන අතර ගූගල් පරිශීලක දරශකය 96% ලබාගෙන ඇත

අපි කතාව කෙටියෙන් බලමු

කතාව ආරම්භ වන්නේ ආදරයට ගෙදරින් අකමැති උන නිසා පියා විසින් තම පුතාව මරලා දාන සිදුවීමකින් එත්නින් පස්සේ කතාව අපගේ ප්‍රදාන නලු නිලියන් දෙපල වඩා ගමන් කරනවා ඔවුන් දෙදෙනාම වයස අවුරුදු 18 අඩු පාසල් යන ළමුන් වන අතර ඔවුන් එකිනෙකාට ආදරය කරයි නමුත් ඔවුන් එය ප්‍රකාශ නොකරන අතර එකිනෙකාගේ ආදරය ප්‍රකාශ කිරිමට විවිද කැප කීරිම් කරයි.

නමුත් ඇයගේ පියා බොහෝ විට කුල හා දේපල ගැන සිතන අයෙක් වන අතර ඔහු නිතරම උත්සහ කරන්නේ දුවව උසස් කුල වලට බන්දලා දෙන්න වෙයි
මේ තත්වයන් යටතේ ඔවුන්ට,

ඔවුන්ගේ ආදරය ජය ගන්න හැකි වෙයිද ?නීතිය ඉදිරියේ බාලවයස් කාර විවාහ පිළිගනී ද ? සමාජය බාල වයස් කාර විවාහකයින්ට කෙසේ සලකයි ද ? ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්නනම් ඔයාලට මේ චිත්‍රපටය නරඹන්න වෙනවා.

එහෙනම තවත් ලස්සන චිත්‍රපටයක උපසිරස අරගෙන ඔයාලා හම්බෙන්න ඉක්මනින් එන්නම්
ඔබට ජය ! බුදුසරණයි.

[wbcr_snippet id=”8492″ title=”linking”] [wbcr_snippet id=”7871″ title=”download button”] [wbcr_snippet id=”7967″ title=”profile”]
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තාරුක නිරොෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තාරුක නිරොෂාන්

May 29, 2020


13
Total Subtitles

One comment

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login