The title of the page
Still 17 (2018) Sinhala Sub
Still 17 (2018) Sinhala Sub
7.5
93

Still 17 (2018) Complete Season Sinhala Subtitles | ආදරයක් | සිංහල උපසිරැසි සමඟ

(Still 17 (2018) Sinhala Sub) සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම.ඉතිං මේක තමයි මගේ පලවෙනි උපැසිරැසිකරණය.මුලින්ම මට මේ අවස්ථාව ලබා දුන්නට Cineru වෙබ් අඩවියේ ඇඩ්මින් මඬුල්ලට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන..

අද මම ගෙනාවෙ still 17 කියන ලස්සන කොරියානු ටෙලි කතාමාලාව.මේ කතාව 2018.07.23- 2018.09.18 දක්වා විකාශය කලේ ඔයාල කවුරුත් දන්න දකුණු කොරියාවෙ SBS ආයතන විසින්. Rom-Com ඝනයට අයත් වෙන මේ ටෙලි කතා මාලාව IMDB දර්ශකයේ 7.8 වගේ ඉහල අගයකුත්, 94% තරම් ඉහල ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්තකුත් ලබාගන්න සමත් වෙලා තියෙනවා. Jo soo-won ගේ අධ්‍යක්ෂනයෙන් නිමැවුණ මේ ටෙලිකතා මාලාව සම්පූර්ණ කොටස් 32 කින් සමන්විත වෙනවා. Shin Hey Sun ප්‍රධාන නිළිය විදිහටත්, Yang Se-Jong ප්‍රධාන නළුවා විදිහටත් මේ කතාමාලාවට රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් වූ සෝ රි කියන්නේ දක්ෂ වයලීන් වාදනය කරන වයස අවු.17ක පාසල් ශිෂ්‍යාවක්.එයා ගැන වූ ජින් කියන පිරිමි ළමයට ආදරයක් ඇතිවෙනවා.දවසක් වූ ජින් තමන්ගේ හිතේ තියෙන දේ කියන්න යනකොට කවුරුත් හිතපු නැති විදිහට ඒ ගෑනු ළමයා යන බස් එක ලොකු අනතුරකට මුහුණ දෙනවා..වූ ජින්ට ආරංචි වෙනවා තමන් ආදරය කරපු ගෑනු ලමයා ඒ අනතුරින් මිය ගිහිල්ලා කියලා.ඒත් වෙන්න ඒ ලමයා කෝමා තත්තවයට පත් වෙන එක….ඒත් පුදුමයකට වගේ ඊට අවුරුදු 13කට පස්සේ සිඕ රී කෝමා එකෙන් අවදි වෙනවා..මෙතනින් එහාට තමා කතාව හරියටම පටන් ගන්නේ…

මමනං ඉතින් කතාවක් ගැන වැඩිය කියන්න කැමති නැති නිසා මෙතනින් පස්සෙ මොකද වෙන්නෙ කියලා මේ කතාව බලලම ඉන්න කියලා මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා.ඒ වගේම කියන්න ඕන මේ කතාමාලාව කොටස් 32කින් තිබ්බට උපසිරැසි ගන්වලා තියෙන්නෙ කොටස් 02ක් එකට කරලා හදපු කොටස් 16කට..ඒ නිසා ඔයාලා වීඩියෝ පිටපත් ගන්නකොට මේ වගේ පිටපත් ගන්න අමතක කරන්න එපා. හොඳයි එහෙනම් ඔයාලට මේ කතා මාලාව නරඹන්න එකතුවෙන්න ආරාධනා කරන ගමන් මම සමුගන්නවා..තවත් හොඳ උපසිරැසියකින් ආයේ අපි හමුවෙමු…හැමෝටම ජයෙන් ජය..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

11 comments

  1. Sinhala sub hoya hoya idiye…thanks machn 😍🥰

  2. kavinda gamage

    ඔයාලා දෙන කොරියන් කථා අපේ ගෙදර හැමෝම මේක බලනවා . බොහෝම ස්තුතියි අප සැම වෙනුවෙන් ලස්සන කථා අරගෙන එනවට .

  3. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  4. Shehan
    Cineru Family Member

    පලවෙනි එකට සුභ පැතුම් කොල්ලෝ.. දිගටම කරගෙන යමු..

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  6. 1st sub එකට සුභ පැතුම්…, ඒ වගේම මුළු sub එකම එකට දුන්නට ස්තූතියි.

  7. Woow😍 thank you so much මේ වගේ කතා මාලාවකට sub දුන්නාට. පළමු උපැසිරැසිකරණයට සුභ පැතුම්. තවත් ලස්සන කොරියානු කතා මාලාවකට sub දෙන්න හොදේ.🤗❤

  8. THANK YOU VERY MUCH
    THAWA SUB DENNA PULUWAN WEWA

  9. ස්තුති යාලු පලවෙනි උපසිරසියට සුබ පැතුම්

  10. ස්තූතියි සහෝදරයා.. ❤🙏 තවත් කොරියන් කතාවකට උපසිරැසි ගේමු ❣️🔥

  11. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login