The title of the page
Start-Up 2019 Sinhala Sub
Start-Up 2019 Sinhala Sub
6.3
87

Start-Up (2019) Sinhala Subtitles | “රැකියාවක් සොයා ගිය මිතුරෝ” | සිංහල උපසිරැසි සමඟ

(Start-Up 2019 Sinhala Sub)

එහෙනම් ඔන්න සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම.අද මම කම්මැලි කමක් නැතුව හිනාවෙවී බලන්න පුළුවන් චිත්‍රපටියක් අරගෙන ආවා.ඒක තම start-up කොරියානු චිත්‍රපටිය.2020 දෙසැම්බර් 18 ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ චිත්‍රපටිය IMDb මීටරේ 6.3 අගක් කරකවගන්න සමත් වුණා.ඒ වගේම 83% ක ගූගල් පරිශීලක මනාපයකුත් ලබාගන්න මේ චිත්‍රපටියට හැකිවුණා.

ඇ.ඩො.මි 7.3 වියදමකින් නිර්මාණය කරපු මේ චිත්‍රපටිය තිරගතවීම් කාලයේදී ඩො.මි 23ක ආදායමකුත් උපයාගන්න සමත් වුණා.Choi Jeong-Yeol ගේ අධ්‍යක්ෂණයෙන් නිමැවුණ චිත්‍රපටියට කොරියානු සිනමා රසිකයෝ කවුරුත් දන්න Ma Dong-Seok (ග්‍යෝ සියොක්) ඇතුළුව Jeong Min-Park (ටේක් ඉල්),Jung Hae-in (වූ සන්ග්-පිල්), Choi Sung-eun ( සෝ ක්‍යුන්ග් ජෝ), Yum Jung-ah(යූන් ජන්ග් හේ ) යන නළු නිළියන් ප්‍රධාන වශයෙන් දායක වෙනවා.

කතාව ගැනත් පොඩ්ඩක් කියලම ඉන්නම්…..ටේක් ඉල්,සන්ග්-පිල් පොඩි කාලේ ඉදන්ම හොඳ යාළුවෝ දෙන්නෙක්.ටේක් ඉල් ගේ අම්මා තමා ක්‍යු ක්‍යුන්ග් ජෝ.සන්ග් පිල් ජීවත් වෙන්නෙ තමන්ගෙ අත්තම්මත් එක්ක.මේ දෙන්නා පාසල් අධ්‍යාපනය ඉවර වුණත් උසස් අධ්‍යාපනයට යන්න අකමැති වෙනවා.ඒ නිසා ටේක් ඉල් අම්මත් එක්ක නිතරම රංඩු වෙනවා.මේ යාළුවො දෙන්නා රස්සාවක් කරලා ජීවත් වෙන්න හිතාගන්නවා.අම්මගෙන් තියෙන වදේ නිසාම ටේක් ඉල් වෙන පළාතකට යනවා රස්සාවක් හොයාගෙන.ඔහොම ගිහින් ඉන්න අතරේ තමා ටේක් ඉල්ව චීන අවන්හලකින් වැඩට ගන්නෙ.ඒ අවන්හලේ කෝකියා තමා ගෝ සියෝක්.දැන් තම කතාව නියමෙටම පටන් ගන්නෙ.ඒ නිසා මේක නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් දැනට මම සමුගන්නවා.ඔයාලට සුභ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

3 comments

  1. උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! පුළුවන්නම් සහෝ Miss And Mrs. Cops 2019 කොරියන් මූවි එකටත් සබ් දෙන්න බලන්න….🙂

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login