The title of the page
Starship Troopers 1 & 2 (2021) Sinhala Sub
Starship Troopers 1 & 2 (2021) Sinhala Sub
7.2
66
92

Starship Troopers 1 & 2 Sinhala Subtitles | විශ්වය පුරා විහිදී ගිය වසංගතය 1 සහ 2 | සිංහල උපසිරැසි සමඟ (18+)

ඉතින් කොහොමද යාලුවනේ? මට අද විශේෂ දවසක්. සිනෙරූ සයිට් එකට ඇවිල්ලා තාම අවුරුදු 2ක් වත් නෑ. ඒත් සයිට් එකේ උපසිරැසි 100, 150, 200 සහ අද මං මේ පහුකරන 250 සීමාවටත් අපේ සයිට් එකේ මුලින්ම ආවේ මම. ඔව් ඉතින් ඔන්න මගේ 250වෙනි උපසිරැසි කඩයිම වෙනුවෙන් ඔයාලට විශේෂ තෑග්ගක් ගෙනාවා. ලෝකයේ අතිශයින්ම ජනප්‍රිය වෙච්ච සුපිරි ෆිල්ම් දෙකක් එකටම අරන් ආවා. ඉතින් උපසිරැසි දෙකම තියෙන්නේ බ්ලූරේ කොපිවලට තමා. පළවෙනි එක නම් Starship.Troopers.1997.72 p.BrRip.x264.YIFY කොපියට සහ Starship.Troopers.2.Hero.of.the.Federation.2004.1080p.BluRay.H264.AAC RARBG_HI කියන කොපියට තමයි දීලා තියෙන්නේ. මේකේ 2වෙනි ෆිලුම 6GB වගේ තිබ්බා. ඔයාලා ඕනෙම බ්ලූරේ එකක් ගන්න සයිස් එක අඩු එකක්. කොහොමත් ඉතින් අපේ cineru.lk එකේ වීඩියෝ එකත් දෙන නිසා අවුලක් නෑ නේ. අනික තමා ටොරන්ට් සයිට්වල මේ ෆිල්ම් තුනක සෙට් එකක්ම දෙනවා. ඒකටත් සෙට් වෙනවා සබ් එක ඈ! දැන් මේකේ ෆිල්ම් ඔක්කොටම සබ් තියෙයි අන්තර්ජාලේ.

මේකේ මුල්ම ෆිල්ම් එකේ වෙන්නේ මෙන්න මෙහෙමයි; ක්ලෙන්ඩතූ කියලා ග්‍රහලෝකෙක අමුතු ජීවීන් කොටසක් ඉන්නවා. උන්ට කියන්නේ “බග්ස්” කියලා. මුන් ඉන්න ලෝකේ ගුරුත්වය වැඩියි. ඉතින් ඒ සත්තු ග්‍රාහක කැබලි හදලා විශ්වය පුරා යවනවා. ඒ අතරේ අපේ ලෝකෙටත් එනවා එකක්. මුලු ප්‍රාන්තයක්ම අතුගෑවිලා යනවා. ඉතින් අපේ ලෝකෙන් උන්ට විරුද්ධ සටනක් පටන් ගන්නවා. එතෙන්දී තමා අපේ කතානායකයා එන්නේ. හැබැයි මිනිහා නම් කෙල්ලෙක් නිසයි එන්නේ. ඒත් දක්ෂයා. මේකේ දුෂ්ටයෙක් නෑ. ඒත් සතුරෝ ඉන්නවා. ඔයාලා අරන්ම බලන්නකෝ.

ඉතින් දෙවනි ෆිලුමේ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපේ අය ලෝකෙක සටන් කරනවා. ඒත් කොටුවෙලා ඉන්නේ. ඒ අතරේ පරණ බංකරේකට පැනගන්නවා කට්ටියව ගලවාගන්න එනකල්. එතන හිරකරලා ඉන්නවා මිනීමරුවෙක්ව. එයාවත් නිදහස් කරනවා. ඒ අතරේ බංකරේ ඉන්න කට්ටිය ටිකක් අමුතු වෙනවා. ලොක්කෙක් මැරෙනවා. සමහරුන්ගේ ඇඟ කුණු වෙනවා. ඉතින් කවුරුහරි බේරෙයිද? ඔයාලා අරගෙනම බලන්න. ආ ඒ වගේම මේ ෆිල්ම් අතරේ ලොකු සම්බන්ධයක් නැ. ඒත් පිළිවෙලටම බලන්න. මේ starship troopers කියන ලයිව් ෆිල්ම් 3ක් සහ ඇනිමේශන් ෆිල්ම් 2ක් ඇවිල්ලා තියෙයි. අපේ සයිට් එකේ ඇනිමේශන් එකේ 1වෙනි එකටයි, ලයිව් මුල්ම දෙකටයි සබ් දීලා තියෙයි. ගූගල් බැලුවොත් ඉතුරුවාටත් සබ් හොයාගන්න පුලුවන් වෙයි.

ඔන්න ඉතින් ස්තූති කතාව දැන්, මුලින්ම මගේ සදහම් පුතාට. එයා නැත්නම් මං අදටත් කාලකන්නියෙක්. දැන් මං සයිට් එකක අංක 01 උපසිරැසිකරුවා! ඒ මගේ පුතා නිසයි. 300 කඩයිමටත් මුලින්ම යන්න හිතන් ඉන්නවා. ඊලඟට මගේ බිරිඳ, ලක්ෂ්මීටත් ගොඩක් ස්තූතියි. සමිතේ රමේෂ් කියන සයිට් එකේ ප්‍රධානීතුමාටත් ගොඩක්ම ස්තූතියි. මේ ගමන එන්න පළවෙනිම උදව්ව දුන්නේ සමිතේ තමා. බොහෝම ස්තූතියි මල්ලී. අශේන්, අංජුල, උදය, පීටර්, මධුවා, ශෙහාන්, සංදීප ඇතුලු සියලූම සිනෙරූ සාමාජිකයින්වත් ආදරෙන් මතක් කරනවා. මේකෙන් පස්සේ එන්නේ “සාලෙම්” ඉතුරු එපි ටික. එතකන් මුකුත්ම සීරීස් දෙන්නේ නෑ. කමෙන්ට් එකක් ලියන, ඩවුන්ලෝඩ් කරන, ඊමේල් එවන හැමෝටම ස්තූතියි.  ඉතින් මාව සම්බන්ධ කරගන්න ඕනේ නම් [email protected] එකට ඊමේල් එකක් දාන්න. කැමති අය මගේ මේ කඩයිමට සුභ පතන් යන්න. එහෙනම් මායාකාරියන්ගේ ලෝකයෙන් හමුවෙනකල් හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

19 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    250 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    250 වෙනි උපසිරැසියට සුබ පතනවා, දර්ශන අයියේ…

  3. 250 milestone ekata congratulations..
    Thanks spending your time for us..

  4. Congtzzzzzzz

  5. 250 ට සුබ පැතුම් අයියේ..❤

  6. Aruna Darshana (MR_X)
    Cineru Family Member

    250 සුබ පැතුම් අයියේ 🙂

  7. බොහොම ස්තුතියි සුපිරිම වැඩක්

  8. 250 වෙනි උපසිරැසියට සුබ පතනවා

  9. Well done broo .Broo 3 movie ekatath sub dennakoo eke sub nahe hoyaganna

  10. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ 250වෙනි සබ් එකට සුබ පැතුම්

  11. 250 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් 🎀🥳

  12. ස‍ඳමින් හර්ෂණ
    Cineru Family Member

    250 ට සුභ පැතුම් සහෝ ❤️,ඉස්සරහටත් මේ වගේ හොඳ සබ් අරගෙන එන්න,ජය වේවා!🤟

  13. Thanks jayawewa….!

  14. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    Starship Troopers 2 – 2004 ෆිල්ම් එක Yts Bluray පිටපතට සබ් එක ගැලපෙනවද?

    Starship Troopers 3 – 2008 ෆිල්ම් එකටත් සබ් දෙනවද?

  15. Thank you bro

  16. adoooo thq oi maru maru maru .congrats ahh .

  17. සුපිරි දර්ශන අයියේ ..250 ට සුබ පැතුම්

  18. චානක තිලංක

    අපිව මතක් නොකලට කමක් නෑ, 250 ට උණුසුම් සුභ පැතුම් හොදේ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😁😋

  19. 250වෙනි සබ් එකට සුබ පැතුම

    500වෙනි සබ් එකත් 2022 ඉවර වෙන්න කලින් ගහමු නේද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login