The title of the page
6.3

Stand Up Rahul (2022) Sinhala Subtitles | “නැගීසිටින්න රාහුල්” | සිංහල උපසිරැසි සමඟ

(Stand Up Rahul (2022) Sinhala Subtitles) (Stand Up Rahul (2022) Sinhala Sub)

Standup Rahul | Telugu | 2022

IMDb 6.4/10 
Coming of age romantic | Comedy
2 hrs 15 mins
” අනාගතේ හදා ගන්න කියලා තමන් පණ වගේ ආදරේ කරන කෙල්ලව අතාරිනවද? ඔව් එහෙම අයත් නැතුවාම නෙවේ…. ” 
ඔන්න ආයෙත් ලස්සන තෙළුගු සිනමා සිත්තමකට උපසිරැසියක් අරන් ආවා… 
“Standup Rahul” කියන්නෙ මේ අවුරුද්දේ මාර්තු 18 වනදා තිරගත වූ චිත්‍රපටයක්. Raj Tharun සමගින් Varsha Bollamma ප්‍රධාන රංගනය. Santo ගේ නිර්මාණයක් වන අතර සංගීතය Sweekar Agasthi වෙනවා. රොමෑන්ටික් කොමඩි කැටගරිය යටතේ තමා මෙය බලන්න වෙන්නෙ.. 
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් රාහුල් කියන්නෙ අවු.25ක් වූ තරුණ කොල්ලෙක්. ස්තීර ජොබ් එකක් නැති වුණත් ඔහු Stage Comedy කලාවට හරි හපනෙක්. මේ නිසා ඔහුට ඇති වෙන නැති වෙන දේවල් බොහෝමයි. ශ්‍රෙයා නම් වූ සුන්දර තරුණියක් සමග ආදරේ කරමින් ඇය සමග living together ජීවත් වෙන ඔහු අනාගතේ ගැන කිසිම බලාපොරොත්තුවක් තියාගෙන නැත. ඉතින් ඔහුගේ අනාගතේ හදා ගැනීම වෙනුවෙන් ගොඩක් දේවල් කැප කරනවා. ඒ අතර ඔහුගේ පෙම්වතිය ද ඇතුලත්… ඉතින් කතාව ඔහොම තමා ගලාගෙන යන්නෙ.  වෙලාවකට රාහුල් හරි මෝඩයි කියලා හිතෙනවා. ඔයාලත් බලලම තේරුම් ගන්න රාහුල් මොන වගේ කෙනෙක්ද කියලා.. 
තරුන් හා වර්ෂාට අමතරව මෙහි සෙසු චරිත මෙහේ පෙළ ගැස්විය හැකිය..
✤Murali Sharma
✤Indraja 
✤Vennela Kishore ඒ අතර වෙනවා.
ලස්සන ගීත කීපයක්ද ඇතුලත් වෙනවා. 
තමන්ගේ ජීවතය තමන්ම හදා ගන්න ඕනේ විදිහ හරි අපූරුවට මේ චිත්‍රපටයේ කියලා දෙනවා. අභියෝග වලට බය වුනාම නිකන්ම පරාද වෙනවා. අභියෝග හමුවෙ පලා යන්නෙ නැතුව ස්තාවර වෙනවා කියන්නේ ඇත්තටම ජීවිතය කියන්නෙ හරි සුන්දර දෙයක් වෙනවා අපි නොහිතන තරමටම… 
ඔක්කොටම බලන්න කියලා ආරාධනා කරනවා. තවත් ලස්සන කතාවකින් හමු වෙන්නම්.
✍🏻 සිනෙරූ වෙනුවෙන් මම…
– නිත්‍යා රූපසිංහ –
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිත්‍යා රූපසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිත්‍යා රූපසිංහ

February 4, 2020


21
Total Subtitles

9 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. ගොඩක් ස්තුතියි . තව film oneee😍

  3. Thank you……….

  4. Sub akata thanks

  5. Tanq for the sub…

  6. බොහොම ස්තූතියි ඔබට
    ජය වේවා!

  7. Thnx sub ekta

  8. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.bn

  9. මට පොඩි උදව්වක් කරන්නකො රාහුල් 2001 hindi movie එකට subtitle ekak ඇඩ් කරලා දෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login