Spy X Family (2025) S03 E06 Sinhala Subtitles
Spy X Family (2025) S03 E06 Sinhala Subtitles
8.2
90

Spy X Family (2025) S03 E06 Sinhala Subtitles | “”ඔත්තුකාරයෙක්ද? ද්‍රෝහියෙක්ද?”” | සිංහල උපසිරැසි සමඟ (18+)

ඇනිමෙ රසිකයන් අතරේ වඩාත් ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන ත්‍රාසය, ක්‍රියාදාමය, විනෝදය එකට කැටි වුනු Spy x Family Season 3 හි 6 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ.

කලින් දවසක ආන්යාට ඉස්කෝලෙදි කන්න ලැබුනු ස්නැක්ස් ආයෙත් වතාවක් ගෙදරදි කන්න ඕනි වෙනවා. හැබැයි ඒක ගේන්න යන්න වෙන්නෙ ආන්යාගෙ අම්මා වෙන යෝර් ෆෝජර්ට. යෝර් මේවා තියෙන තැනක් දන්නෙත් නෑ. ඉතින් ඒව තියෙන කඩයක් හොය හොයා යද්දි ගැහැනු කෙනෙක්ව වෙන්න ගිය පොඩි අනතුරකින් බේරගන්නවා. ඒක වෙනුවෙන් ස්තූති කර කර ඉන්නැද්දි යෝර්ට ආරාධනාවක් ලැබෙනවා ඒ ගැහැනු කෙනත් එක්ක ගිහින් ආර්යා සංගමය කියල සංගමයකට එකතු වෙන්න. ඒ ආරාධනාව පිළිගෙන තම තමන්ගෙ විස්තර කතා කර කර ඉන්නැද්දි තමයි දැනගන්නෙ මේ ගැහැණු කෙනා වෙන කවුරුවත් නෙමෙයි ආන්යාගෙ පන්තියේ ඩේමියන් ඩෙස්මන්ඩ්ගෙ අම්මා කියල. ඉතින් යෝර් සහ මේ ගැහැණු කෙනා හුඟක් හිතවත් වෙනවා මේ නිසා.

ඩේමියන් ඩෙස්මන්ඩ් කියන්නෙ ටුවිලයිට්ගේ මෙහෙයුමට අවශ්‍ය ප්‍රධාන පුද්ගලයන්ගෙන් කෙනෙක්. ඉතින් දැන් යෝර් සහ ඩේමියන්ගෙ අම්මගෙ යාළුකම නිසා ටුවිලයිට්ට තවත් මාර්ගයක් පෑදිලා තියෙනවා. ස්ට්‍රික්ස් මෙහෙයුමට තවත් මාර්ගයක් විදිහට හඳුන ගන්නවා. ටුවිලයිට් සමාජයට ලොයිඩ් ෆෝජර් විදිහට ඉන්න නිසා ඔහුගෙ රැකියාවෙන් ෆෝජර් මිනිස්සු අතරෙ ජනප්‍රියයි. ඒත් මේ ජනප්‍රියත්වය කෙනෙක්ට කොහෙත්ම බලන් ඉන්න බැරි වෙනවා. ඒ නිසා තවත් දෙන්නෙක්ට ගෝජර්ගෙ උදව්වට එන්නත් වෙනවා. ෆෝජර්ගෙ ජනප්‍රියත්වය බලන් ඉන්න බැරි කාටද? ෆෝජර්ගෙ උදව්වට ආවෙ කවුද? නරඹන්න මේ කොටස.

සුපුරුදු විදිහටම මේක ත්‍රාසය, විනෝදය එකට අරන් එන කතාවක් වේවි. එහෙනම් නරඹන්න පටන් ගන්න මේ Spy x Family Season 3. උපසිරැසි ගැන ඔයාලගෙ අදහස් කියගෙන යන්නත් අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

Episode Name :  White Jealousy, The Eden College Busjacking Incident
Released Date : 2025.11.08
IMDB Rating : 8.0

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


75
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login