The title of the page
Spy X Family (2023) S02E04 Sinhala Subtitles
Spy X Family (2023) S02E04 Sinhala Subtitles

Spy X Family (2023) S02E04 Sinhala Subtitles | “ෆ්‍රැන්කිගේ සැලැස්ම” | සිංහල උපසිරැසි සමඟ

2023 වසරේ fall season එකේ උපහාසයෙන් ත්‍රාසයෙන් ක්‍රියාදාමයෙන් පිරුනු Spy x Family Season 2 හි Episode 4 සිංහල උපසිරැසිය සමඟිනුයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. මේ අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිද්ධ වුනු දේවල් ගැන කෙටියෙන් මතක් කර ගනිමු.

යෝර් ෆෝජර්ගෙ එහෙම නැත්නම් යෝර් බ්‍රයර්ගේ මල්ලි වෙන, රාජ්‍ය ආරක්ෂක සේවයේ රාජකාරි කරන යූරි බ්‍රයර් යම් කිසි පුවත්පත් වාර්තා කාරයෙක් පස්සෙ පන්නනවා. ඒ රට ගැන ව්‍යාජ තොරතුරු සමාජ ගතකරල රටේ කලබලයක් ඇති කරන්න මේ පුද්ගලයා කටයුතු කරන බවට තොරතුරු ලැබෙනවා. රහසේ හැමදේටම ඇහුම් කන් දෙමින් රහසේ හැමදෙයක් ගැනම ඇහැ ගහන් ඉන්න යූරි මේ පුද්ගලයාව හරිම ලේසියෙන් අත්අඩංගුවට ගන්නවා. තමන්ගෙ පවුල වෙන තමන්ගෙ අක්කා රකින්න යූරි කරන මේ රාජකාරිය ගැන තවමත් යෝර් දන්නෙ නම් නෑ.

මේ කොටසින් දකින්න ලැබෙන්නෙ ආන්යා ප්‍රමුඛ ඊඩ්න් විද්‍යාලයේ තවත් අපූරු සිදුවීමක්. ඒක සිද්ධ වෙන්නෙ දැනුමේ අතුරුපස කියන ආහාරය වෙනුවෙන්. මොකක්ද මේ දැනුමේ අතුරුපස? ඇයි ඒකට එහෙම කියන්නෙ? ඒ වගේම ටුවිලයිට්ගේ එකම සහයකයා ෆ්‍රැන්කි තනියම සැලැස්මක් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. මේ සැලැස්මට යෝර් පවා උදව් කරනවා. යෝර්ගේ පවා උදව් ලැබෙන ඒ සැලැස්ම මොකක්ද? වැඩි දෙයක් කියන්නෙ නෑ. නරඹන්න එහෙනම් මේ කොටස. මීළඟට Spy x Family Season 2 Episode 5 තුළින් මුණ ගැහෙමු.

Episode Name : The Pastry of Knowledge/The Informant’s Great Romance Plan II
Aired Date : 2023.10.28
IMDB Rating : 7.5

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login