The title of the page
Spy x Family 2022 Sinhala Subtitles
Spy x Family 2022 Sinhala Subtitles
8.7
87

Spy x Family (2022) Complete S01 Sinhala Subtitles | “සීතල යුධයක්” | සිංහල උපසිරැසි සමඟ

මම පුංචි කාලෙ අඬන කොට මගේ අතින් අල්ලගන්න කවුරුවත් හිටියෙ නෑ.
ඒක නිසා වෙන්න ඇති මට මේක මෙච්චර දැනෙන්නෙ…
ළමයින්ට තවත් අඬන්න වෙන්නෙ නැති ලෝකයක් නිර්මාණය කරන්න…
ඒක නිසයි මම ඔත්තුකාරයෙක් වුනේ.”

ආයුබෝවන් හැමෝටම.ඔන්න ඔයාල මේ එකතු වෙන්නෙ මගේ 7 වන සිංහල උපසිරැසි නිර්මාණය එක්කයි.මගේ පෞද්ගලික වැඩත් එක්ක ඉතින් මේක නිකුත් කරන්න මම හිතුවට වඩා ගොඩක් කල් ගත වුනා.

ඔයාලා 2005 වසරේදී Brad Pitt හා Angelina Jolie රංගනයෙන් දායක වුනු Mr.& Mrs.Smith කියන Hollywood චිත්‍රපටය නරඹලා තියෙනවද? ඔයාලා නරඹලා තිබුනත් නැතත් ප්‍රශ්නයක් නෑ මොකද මම මේ කියන්න යන්නේ ඒ චිත්‍රපටය ගැනවත් ඒ ආශ්‍රයෙන් නිර්මාණය වුනු වෙනත් චිත්‍රපටයක් ගැනවත් නෙමෙයි, ඒ චිත්‍රපටයට ටිකක් ළඟින් යන…ඒත් ඒ වගේ නොවෙන…ක්‍රියාදාම‍යත් උපහාසයත් සමබරව අරන් ආපු හරිම ලස්සන ඇනිමෙ කතා මාලාවක් ගැනයි.🤗
      2022 වසරෙදි spring season එකේදි ප්‍රදර්ශනය ආරම්භ වුනු මේ කතා මාලාවෙ නම තමයි 𝗦𝗣𝗬𝘅𝗙𝗔𝗠𝗜𝗟𝗬. 𝘈𝘤𝘵𝘪𝘰𝘯,𝘊𝘰𝘮𝘦𝘥𝘺,𝘊𝘩𝘪𝘭𝘥𝘤𝘢𝘳𝘦,𝘚𝘩𝘰𝘶𝘯𝘦𝘯 යන Genre වලට අයත් වෙන,මිනිත්තු 24 බැගින් කොටස් 24 ක් පුරා දිවෙන මේ කතා මාලාවෙ Cour 1 විදිහට මුල් කොටස් 12ක් නිකුත් වුනා.Tatsuya Endo සෙන්සේගෙ Manga එක ඇසුරෙන් නිර්මාණට වුනු මේ කතාව IMDB දර්ශකයේ 8.70 ක අගයක් වගේම MyAnimelist දර්ශකයේ 8.80 ක අගයක් ලබා ගනිමින් Top Anime අතර 31 ක් වන ස්ථානයේ රැඳෙන්නට සමත් වෙනවා.😋
ඒ වගේම 2021 වසරේදි Aya Yajima අතින් කෙටි කතන්දර 4ක් සමඟින් Light Novel එකකුත් නිකුත් වෙලා තියෙනවා.✌️

🎞️ Animation නිෂ්පාදන කටයුතු Attack on Titan,Vinland Saga,Kabaneri in the Iron Fortress,Bubble,Hal යන ඇනිමෙ නිර්මාණය කරපු 𝑾𝒊𝒕 𝑺𝒕𝒖𝒅𝒊𝒐 එකත් Darling in the FranXX,The Promised Neverland,My Dress-up Darling,Horimiya යන ඇනිමෙ නිර්මාණය කළ 𝑪𝒍𝒐𝒗𝒆𝒓𝒘𝒐𝒓𝒌𝒔 𝑺𝒕𝒖𝒅𝒊𝒐 එකත් එකතු වෙලා සිදු කරල තියෙනවා.ඉතින් මේ කතාවේ තේමාවට රසයට ගැළපෙන ගැළපෙන animation බලාගන්න ලැබෙන බවට කිසිම සැකයක් නෑ.🔥

🎶 Music ගැන කියනවනම් ඒ කතාවෙ තේමාවට ගැළපෙන නාද රටා කිහිපයකින්ම මේ කතාව හැඩ වෙනව වගේම, Opening Theme එක වෙන “Mixed Nuts” ගීතය Official HIGH DANdism සංගීත කණ්ඩායමත්, Ending Theme එක වෙන “Kigeki” ගීතය Gen Hoshino විසිනුත් ගායනා කරනු ලබනවා.මේ හරිම ලස්සන චාම් ගීත දෙක ඔයාට අමුතුම හැඟීමක් අරන් ඒවි.❤️

🎛️ ඒ වගේම තමයි මේ කතාවෙ Producing Staff එකට Draling in the FranXX,Fate Grand Order,Guilty Crown,Bubble,Hal යන ඇනිමෙවලට දායකත්වය ලබා දුනු පිරිස් වගේම Voice Acting Staff එකට Darling in the FranXX,Dr.Stone,Beastars,Fruit Basket,86 යන ඇනිමෙ සඳහා තම දායකත්වය ලබා දුන්නු පිරිසකුත් මේ කතාවෙ ප්‍රධාන චරිත සඳහා එකතු වෙනවා.🤩
       ඉතින් මේ කතාව මේ වගේ සාර්ථකත්වයක් ජනප්‍රියත්වයක් ලබා ගත්තු එක ගැන තවත් සැකයක් තියා ගන්න දෙයක් නම් නෑ.😌

📝 අපි දැන් යමු කතාව පැත්තට… Westalis හා Ostania කියන රටවල් දෙක තොරතුරු යුද්ධෙක පැටලිලා තියෙන්නෙ.කොටින්ම කතාව දිවෙන්නෙ සීතල යුධ පසුබිමක කිව්වොත් හරියටම හරි.ඒ මේ එක රටක දේශපාලනයට සම්බන්ධ කෙනෙක් සැබෑ යුද්ධයකට මාන බලනව කියල එළිදරව් වෙනවා.ඉතින් මේ කෙනාට ළං වෙලා මේ ගැන තොරතුරු දැනගන්න භාරවෙන්නෙ නියෝජිත Twilight ටයි.මෙයා කවුද? මොන රටේද? යුද්ධය පටන් ගන්න හදන කෙනා ඉන්නෙ කවුද? ඉන්නෙ මොන රටේද කියල මම ඔයාට කියන්නෙ නෑ.
    Operation Strix කියන මේ මෙහෙයුම සාක්ෂාත් කරගන්න නම් Twilight විසින් සතියක් වගේ කෙටි කාලයක් ඇතුළත ළමයෙක් හදාගන්න ඕනි වෙනවා.ඉතින් කොහොම හරි හොයාගන්න ලැබෙන ළමයත් හරි අරුම පුදුම හැකියාවක් තියෙන ගැහැණු ළමයෙක්.හැබැයි මේ හැකියාව ගැන කවුරුවත් දන්නෙ නෑ.මෙහෙයුමේ ටිකෙන් ටික ඉස්සරහට යද්දි අම්මා කෙනෙකුගේ වුවමනාවකුත් මතු වෙනවා.අන්තිමේදි හොයා ගන්න අම්මත් හරිම අපූරු වගේම අභිරහස් අම්මා කෙනෙක්.🤭
      අම්මගේ රහස මොකක්ද? ළමයගෙ රහස මොකක්ද? මේ මෙහෙයුමට ළමයෙක් ඕනි ඇයි? මෙහෙයුමේ විශේෂත්වය මොකක්ද? නියෝජිත Twilight ට මේ මෙහෙයුම සාර්ථක කරගන්න පුලුවන් වෙයිද? මේ අමුතු පවුලෙ කතන්දරයට මොකක් වෙයිද?  කියල දැනගන්න නම් ඔයා මේ කතාව අවසානය වෙනකල් නරඹන්න සිද්ධ වෙනවා.😉😎

📝 අපි දැන් යමු කතාව පැත්තට… Westalis හා Ostania කියන රටවල් දෙක තොරතුරු යුද්ධෙක පැටලිලා තියෙන්නෙ.කොටින්ම කතාව දිවෙන්නෙ සීතල යුධ පසුබිමක කිව්වොත් හරියටම හරි.ඒ මේ එක රටක දේශපාලනයට සම්බන්ධ කෙනෙක් සැබෑ යුද්ධයකට මාන බලනව කියල එළිදරව් වෙනවා.ඉතින් මේ කෙනාට ළං වෙලා මේ ගැන තොරතුරු දැනගන්න භාරවෙන්නෙ නියෝජිත Twilight ටයි.මෙයා කවුද? මොන රටේද? යුද්ධය පටන් ගන්න හදන කෙනා ඉන්නෙ කවුද? ඉන්නෙ මොන රටේද කියල මම ඔයාට කියන්නෙ නෑ.
    Operation Strix කියන මේ මෙහෙයුම සාක්ෂාත් කරගන්න නම් Twilight විසින් සතියක් වගේ කෙටි කාලයක් ඇතුළත ළමයෙක් හදාගන්න ඕනි වෙනවා.ඉතින් කොහොම හරි හොයාගන්න ලැබෙන ළමයත් හරි අරුම පුදුම හැකියාවක් තියෙන ගැහැණු ළමයෙක්.හැබැයි මේ හැකියාව ගැන කවුරුවත් දන්නෙ නෑ.මෙහෙයුමේ ටිකෙන් ටික ඉස්සරහට යද්දි අම්මා කෙනෙකුගේ වුවමනාවකුත් මතු වෙනවා.අන්තිමේදි හොයා ගන්න අම්මත් හරිම අපූරු වගේම අභිරහස් අම්මා කෙනෙක්.🤭
      අම්මගේ රහස මොකක්ද? ළමයගෙ රහස මොකක්ද? මේ මෙහෙයුමට ළමයෙක් ඕනි ඇයි? මෙහෙයුමේ විශේෂත්වය මොකක්ද? නියෝජිත Twilight ට මේ මෙහෙයුම සාර්ථක කරගන්න පුලුවන් වෙයිද? මේ අමුතු පවුලෙ කතන්දරයට මොකක් වෙයිද?  කියල දැනගන්න නම් ඔයා මේ කතාව අවසානය වෙනකල් නරඹන්න සිද්ධ වෙනවා.😉😎

ඔන්න ඔය විදිහට ත්‍රාසයෙන්,ක්‍රියාදාමයෙන්,හාස්‍යයෙන් සමබරව හරි අපූරුවට ලස්සනට ගොඩ නගල තියෙන මේ කතාව සිංහල උපසිරැසිත් එක්ක රස විඳින්න කියල මම ඔයාට ආරාධනා කරනවා.මේ කතාවෙ cour 2 ට අදාළ මීළඟ කොටස් 12 නිකුත් වෙන්නෙ ඔක්තෝම්බර් මාසයෙදියි.
උපසිරැසිය ගැන අදහස් වගේම ගුණ දොස් කියල පහළින් Comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.මේ වගේ තවත් සිංහල උපසිරැසියකින් මුණ ගැහෙනකන් හැමෝටම සුභ වේවා! ජය වේවා!

📌️ ඔස්තානියාව(Ostania) කියන රටට පදනම් වෙලා තියෙන්නෙ බර්ලින් සීතල යුද සමය තුළ කොමියුනිස්ට් ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය වූ නැගෙනහිර ජර්මනිය වන අතර, රාජ්‍ය ආරක්ෂක සේවය ‘ස්ටාසි’ නම සහ හැසිරීම දැඩි ලෙස අනුකරණය කරල තියෙනවා.
📌️ වෙස්ටලිස්(Westalis) කියන රටට පදනම් වුනේ ජර්මනියේ ෆෙඩරල් ජනරජය වූ බටහිර ජර්මනියයි.

🔎 ඒත් බටහිර ජර්මනිය වගේ නෙවෙයි වෙස්ටලිස් නගරයට වෙනස් අගනුවරක් තිබුනා.ඔස්තානියාව නැගෙනහිර ජර්මනිය, ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය මත පදනම් වුනා.කෙසේවෙතත්, නැගෙනහිර ජර්මනිය වගේ නෙවෙයි, ඔවුන්ට බර්ලින්ට් නුවර තිබුනා.
හරියටම කිව්වොත්, SpyxFamily  ජර්මනිය ජාතීන් දෙකකට බෙදී ගිය කාලපරිච්ඡේදයක් පිළිඹිබු කරනවා.

🔎 දෙවන ලෝක යුද්ධය අවසානයේ, නාසි ජර්මනිය පරාජය උනහම, ජර්මානු දේශය ජයග්‍රාහකයින් අතර බෙදී ගියා. අවසානයේදී, මේක එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය විසින් කළමනාකරණය කරන ලද ජර්මනියේ ෆෙඩරල් ජනරජය (බටහිර ජර්මනිය) සහ සෝවියට් සංගමයේ කොටසක් ලෙස ක්‍රියාත්මක වූ ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (නැගෙනහිර ජර්මනිය) කියන ජාතීන් දෙකට හේතු වුනා.

🔎 සීතල යුද්ධය අතරතුර, කුප්‍රකට බර්ලින් තාප්පය(The Berlin Wall) නැගෙනහිර සහ බටහිර ජර්මනිය වෙන් කිරීමත් සමඟ බර්ලිනය දෙකට බෙදී ගිහින් තියෙනවා. බොහෝ දෙනෙකුට, බර්ලිනය සීතල යුද්ධ සමයේ ආතතීන්ගේ කේන්ද්‍රස්ථානය විදිහට සැලකෙනවා. බර්ලින් තාප්පය බෙදීමේ සංකේතයක් බවට පත් වූ අතර පස්සෙ ඒක සාමයේ සංකේතයක් බවට පත් වෙලා තියෙනවා.🧱✌️

 

📎 ජර්මනියේ සහ විශේෂයෙන්ම බර්ලිනයේ 1990 ගණන්වල මැද සිට අග දක්වා කාලය තුළ SpyxFamily කතාව ඇතුළෙ දේශපාලනය සහ ජීවිතයේ යථාර්ථය දිහා බලන කොට බොහෝ සමානකම් තියෙනවා. ඔත්තු බැලීම, රහස් සංවිධාන සහ දේශපාලන සිදුවීම් කියන තේමාවන් සියල්ලම ඒ කාල පරිච්ඡේදයට උදාහරණ දක්වනවා.🤫

 ඉතින් ඔන්න ඔය විදිහට සැබෑ සිදුවීමක් මේ ඇනිමෙ කතා මාලාවට ආරූඪ වෙලා තියෙනවා.ඇනිමෙ බලද්දි මේ වගේ යම් නොදන්න දෙයක් දැනගන්න හැමවෙලේම උත්සහ කරන්න.එතකොට ඒක කවදාවත්ම නිකන්ම ඇනිමෙ බැලිල්ලක් නොවේවි…නොදන්න දෙයක් දැනගන්න ලැබුනු කාටුන් බැලිල්ලක් වේවි…🤗

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන්:- හසරංග නදීෂ

ලංකන් weebs Sub Team

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


59
Total Subtitles

17 comments

  1. Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  2. thanks bro..😘

  3. Enakan balan hitiye..sub eka gana ahanna deyak ne supiriyatama sub eka deela thibba….

  4. ammoo patta thanks aaa…

  5. ලංකන් weebs

    බොහොම ස්තූතියි හැමෝටම☺️❤️

  6. Love you bro

  7. Episode 12n passe tika nane 🙁

    • ලංකන් weebs

      මේ වෙනකොටත් සීරීස් එක විකාශය වෙන ගමන් තියෙන්නෙ.සීසන් එක එන්නෙ කොටස් දෙකක් විදිහට.complete වුනාම ඉතුරු ටිකත් දෙනවා.✌️

  8. 12න් පස්සෙ එපිසෝඩ් වලට සබ් නැද්ද තාම..😊

  9. watinawa. ❤️❤️

  10. season 2 ekak oniiiii

  11. බොහෝම ස්තූතියි…

  12. Subtitle tika vada karanne na ne

    • Anjula Umesh
      Cineru Family Member

      වැඩ..Zip file එක Unzip කරලා සබ් ඇඩ් කරගන්න වීඩියෝ කොපි වලට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login