The title of the page
Special Delivery (2022) Sinhala Subtitles
Special Delivery (2022) Sinhala Subtitles
6.5
95

Special Delivery (2022) Sinhala Subtitles | “මරණීය ගමනක්..!!” | සිංහල උපසිරැසි සමඟ

(Special Delivery (2022) Sinhala Subtitles) (Special Delivery Sinhala Subtitle) (Special Delivery 2022 Sinhala Sub) (Special Cargo (2022) Sinhala Subtitle) (Special Cargo Sinhala Subtitle)

සුභ දවසක් කියලා ඔයගොල්ලො හැමෝටම කියනවා…සුභයි කිව්වට අද වෙනකොට අපේ රට යන විදිහට සුභයි කියලත් කියන්න බෑ. කොහොමින් හරි ඔන්න මම ටික කාලෙකට පස්සෙ අද අරගෙන ආවා මේ අවුරුද්දෙ නිකුත් වුණ තවත් සුපිරි කොරියන් ෆිලුමක්.

මේකෙ නම තමා Special Delivery එහෙමත් නැත්තං Special Cargo..මේ අවුරුද්දේ ජනවාරි 12 වෙනිදා චිත්‍රපටිය නිකුත් වෙලා පෙබරවාරි මාසේ අවසන් වෙනකොට හොඳ පිටපත් අන්තර්ජාලයට ආවත් ගුණාත්මක ඉංග්‍රීසි උපසිරැසියක් මේ වෙනකම් නොතිබුන නිසා සිංහල උපසිරැසිය නිර්මාණය කරන්න බැරි වුණා.

Special Delivery නමින් 2022 ජනවාරි 12 දකුණු කොරියාවේ තිරගත වුණ මේ චිත්‍රපටියට Action/Crime කාණ්ඩයට අයිති වෙනවා.මේ වෙනකොට IMDb අගයෙන් 6.5 කුත් 94% ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබාගන්න මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා.2016 අවුරුද්දෙන් පස්සේ Dae min-Park අධ්‍යක්ෂණයෙන් පලවෙනියටම නිර්මාණය වුණ මේ චිත්‍රපටියට  Park So-dam (ජන්ග් එයුන්-හා), Hyun-jin Jung(කිම් සෝ-වොන්),Kim Eui-sang(බේ සැ-ජන්ග්) වගේම දකුණු කොරියාවේ පළවෙනිම අප්‍රිකානු සම්ව්හවයක් තියෙන නිරූපණ ශිල්පියා වෙන Han Hyun-min(ආසිෆ්)    ද ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට හැරෙමු එහෙනම්.

ජන්ග් එයුන්-හා වැඩකරන්නෙ පරණ කාර් ප්‍රතිචක්‍රීරණ තැනක, ප්‍රතිචක්‍රීරණය කියන්නෙ, කට්ටිය දන්නවනේ පරන කාර් අරගෙන අඩුපාඩු හදලා තුන්වෙනි ලෝකේ රටවල්වලට ප්‍රතිඅපනයනය කරන තැනක් මේක.

මෙතන තමා ආසිෆ් එහෙම වැඩකරන්නෙත්,අයිතිකාරයා තමා බේ සැ-ජන්ග්.එයුන්-හාට සලකන්නෙ තමන්ගෙ දුවෙකුට වගේ.ඔහොම ඉන්න අතරේ එයාලා තව ගේමකුත් හොරෙන් ගහනවා.මොකක්ද කිව්වොත් එයුන් හාට  සුපිරියට කාර් එලවන්න.ඒ හැකියාව අරගෙන මෙයාලා රටින් පනින අයව පොලීසියට මාට්ටු නොවී ආරක්ෂිතව හොරෙන්ම නැවට අරගෙන එනවා.මෙයලා ඒකට කියන්නෙ ඩිලිවරි සර්විස් එකක් කියලා.ඔහොම ඉන්න අතරේ එයුන්-හාට ලැබෙනවා ප්‍යොන්ග්ටේක් වරායට රටින් පැනලා යන්න හදන කිම් දු-ෂික්ව අරගෙන යන්න.මේ කිම් දු-ෂික් රටේ බේස්බෝල් ක්‍රීඩකයොන්ට අල්ලස් දුන්නා කියලා විමර්ශනයට පොලීසිය හොයන අතරේ. හැබැයි ඒ තරඟ පාවාදීම් සිද්ධියේ මහ මොළකරුවා පොලීසියේ ලොක්කෙක්.කිම් දු-ෂික් පැනලා යන්නෙත් නිකම්ම නෙවෙයි,තමන්ගෙ ලොක්කාගේ බැංකු සේප්පුව අරින්න පුළුවන් සිකියුරිටි ෆොබ් එකත් අරගෙනමයි.දැන් ඒ පොලිස් ලොක්කත් තමන්ගේ මැරයෝ දාලා එයාව හොයනවා.කිම් දු-ෂික්ගේ පුතා තමා කිම් සෝ-වොන්.

මේක තමා කතාවේ පටන් ගැන්ම.ඊටපස්සෙ වෙන ටික කියන්නෙ නෑ කිව්වොත් රහ නැතිවෙන නිසා.කතාව ඉස්සරහට යන්නෙ කොහොමද කියලා ඔයගොල්ලෝ බලලම ඉන්න කියලා මම කියනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

6 comments

  1. Denakam Balan Idiye🔥
    Sub ekata Godak Thanks Saho🔥🔥🔥

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  4. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියටghj

  5. Ravindu Perera

    Whispering Corridors 6: The Humming
    Me Film ekata Sub denna puluwanda

  6. Ruchira Lakmal

    Thanks for the sub!!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login