The title of the page
Sound of Freedom (2023) Sinhala Subtitles
7.8
58
95

Sound of Freedom (2023) Sinhala Subtitles | පොලිස් නිළධාරියෙක් | සිංහල උපසිරැසි සමඟ

හායි ගායිස්  ඔන්න එහෙමනම් තවත් English + Spanish අති සුපිරියක්  අරන් තමයි අදත් ඔයාලව බලන්න ආවේ.. 

මගේ කලින් සබ් එකේ ෆිල්ම් එක බැලුවා නේ Gran Turismo , ඒ වගේම , ඊටත් වඩා 1000 ගුණයක් හොද  සත්‍ය කතාවක් පනදම් වුන සුපිරි ෆිල්ම් එකක් තමා මේක.. මම  භශා දෙකක් උඩ  දැම්මේ ඇයි කියලා කිව්වොත් මේකේ 50 -50 වගේ ම තියෙන්නේ ඔය භශා දෙකෙන්.. ආය ඉතින් මේ වගේ එකකට සබ් කරේ නෑ මම අම්මා මුත්තා කාලේවත්… පිස්සු හැදෙනවා… 😂  දන්නවා නේ මගේ සබ් දෙන ෆිල්ම් ටික…. කලින් වගේම චීස් කෑල්ලක් තමයි ඉතින් ඈ.. කලින් ඒවා බලන්න ඕන නම් මෙතන ඔබලා ගිහින් බලන්න.. 😋

ෆිල්ම් එකේ නම දැක්කම ඉතින් දන්නවා නේ භාන්ඩේ…මේ වෙද්දි අහලත් ඇති කට්ටිය ෆිල්ම් එක ගැන.. ⁣ෆිල්ම් එක ගැන මට කියන්න කිසිම දෙයක් නෑ…. මේක නම් Next ලෙවල් 🙏❤️ 

හරි හරි මගේ පම්පෝරිය පැත්තකට දාලා  අපි මේ ෆිල්ම් එක ගැන ටිකක් බලමු, 😖

  මේක ජූලි මාසයේ 4 වෙනිදා තමයි රිලීස් වෙන්නේ.. ඒ වගේම උඩදි කිව්වා වගේ සත්‍යකතාවක් පදනම් කරගන නිපද වුන ෆිල්ම් එකක්.. රිලීස් වෙද්දිත් ෆිල්ම් එකට වෙනමම ෆෑන්බේස් එකක් හැදිලා හිටියා කියලා මට තොරතුරු හම්බවුනා ට්‍රේලර් එක බලලා..  ඉතින් ෆිල්ම් එක ඇමරිකානු ඩොලරි මිලියන 14.5 ක වියදමින් කරලා මෙයා මේ වෙද්දි හම්බකරලා තියනවා ඇමරිකන් ඩොලර් මිලියන 217ක්..

තවත් විස්තර ඕනද ෆිල්ම් එක බලන්න..මදිද මේ..🤔  හරි ඉන්නකෝ.. මේ ටිකත් කියවන්නකෝ එහෙනම්..👇👇  

තව ගත්තොත් ෆිල්ම් එකට  IMDB දර්ශකයේ පරිශිලකියන් 70000 කින් දැනට 7.8 ඉතාමත් අතිවිශාල රේටින් එකක් ලැබිලා තියනවා, ඒ වගේම Rotten Tomatoes පරිශිලකයින්ගෙන් 10000+ වැඩිය රේට් කරලා එහි අගය 99% කුත්  , ඒ වගේම ගූගල් පරිශිලක අගය 96% කුත් ලබාගෙන තියන අතිදැවැත්ත සුපිරිම ෆිල්ම් එකක් කිව්වොත් මම 100%ක් ම හරි..  මට ඔයාලට මේක ගැන මීටත් වඩා කියන්න දේකුත් නෑ හැබැයි 😖😂. ඔයාලම හිතන්න කොහොම තත්වෙකද ෆිල්ම් එක තියෙන්නේ කියලා😊❤️ මේ ටික කියවලාත් ෆිල්ම් එක බලන්නැත්තං ඔයා මේ 2023 මේ වෙනකම් ආපු හොදම ෆිල්ම් එක මිස් කරගත්තා කියලා තමයි මට කියන්න තියෙන්නේ.. ඉතින් කෙල්ලනේ කොල්ලනේ මගේ වචනෙට හරි ෆිල්ම් එක බලන්න.. ඔයාලා මේකට ඇඩ්ට් වෙනවා..ඒකේ දෙකක් නැ 😊❤️🙏

හරි කතාව පැත්තට ගියොත් කතාව මම ඉතාම කෙටියෙන් කියන්නම්..

මේ කතාව සම්පූර්ණයෙන් ගලායන්නේ ළමා ලිංගික ජාවාරමක් ගැන. මේක Tim Ballard ගේ  සත්‍යකතාවක් ඇසුරෙන් නිර්මාණය වුන එකක්..

Tim Ballard කියන්නේ ලිංගික ජාවාරමට එරෙහි සංවිධානයක් වන OUR එහෙම නැත්තං Operation Underground Railroad හි නිර්මාතෘ හා හිටපු ප්‍රධාන විදායක නිලධාරියා..  ඉතින් මේකේ ඇත්ත කතාවේ සිද්ද  වුන සිද්දි දාමයම මේකේ නොඅඩුව තියනවා..බලද්දි හිතෙනවා මේ ලොකේ මෙහෙම තිරිසන් මිනිස්සු ඉන්නවද කියලාත්…

ළමයින්ව විවිද තරග වලට ගෙනියනවා කියලා බොරැ කියලා හා විවිද ආකාරයෙන් ලමයි පැහැරගෙන ගිහින් වැඩිවයස් වල මිනිස්සුන්ට ඒ ලමයිව ලිංගික කටයුතු වලට මුදලට විකුණනවා..විකුණන්නෙත් ඩාර්ක් වෙබි හරහා Video , Photos එහෙම දාලා.. ඉතින් හරිම ඛේදනීය කතාවක් තමයි ගලන් යන්නේ..

මේ වැඩේ කරන උන් පසුපස ඉතාමත් ඕනෑකමින් හබායන පොලිස් නිළධාරියෙක් ඉන්නවා..ඉතින් අපි බලමු ඇයි මෙයා විතරක් විශේෂයක් දෙන්නේ මේ කේස් එකට සහ මෙයට මේ ළමයා , ළමයිව හොයාගන්න පුලුවන් වේවිද.. නැතිනම් ඔහුත් මේකේ ගොදුරක් වේවිද , ඒත් නැතිනම් මේකේ ඉමක්කොනක් නැති කතාවක් විදිහට ඉවර වේවිද කියලා..

ඉතින් මම කතාව A to Z කියන්නෑ..කිව්වොත් මේකේ කිසිම රහක් නැති වෙයි බලද්දි.. මේක බලන්න.. මෙව්වා නේ ෆිල්ම් කියලා කියවෙයි අන්තිමට ඔයාටත්..🤩

එහනම් ආයෙත් මේ වගේ සුපිරියක් අරන් එනකන් සියලුම දෙනාට ජයවේවා!

පහලින් කමෙන්ට් එකකුත් දාගන යන්න අමතක කරන්න එපා ❤️✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තාරක ලහිරු මධුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තාරක ලහිරු මධුශාන්

July 7, 2023


20
Total Subtitles

7 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි තාරක සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Nalin Priyankara Pemarathana

    බොහොම ස්තුතිය සහෝ සබ් කට

  3. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  4. Thanks Brother…❤

  5. thamks bn.ptta

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login