The title of the page
Skater Girl 2021 Sinhala Sub
Skater Girl 2021 Sinhala Sub
6.6
76

Skater Girl (2021) Sinhala Subtitle | සිහින කරා පියමනින්නට.. | සිංහල උපසිරැසි සමඟ

(Skater Girl 2021 Sinhala Sub)

ඔන්න එහෙනං තවත් උපසිරැසියක් අරගෙනයි ආවේ.මේකේ විශේෂත්වයක් තියෙනවා මොකද මේක තමයි මගේ 50වෙනි උපසිරැසි ගැන්වීම වෙන්නෙ.මම සිනේරූ පවුලත් එක්ක එකතුවෙලා දැනට අවුරුද්දකට වඩා වැඩි කාලයක් තමයි වෙන්නේ.ඒ වගේම 50වෙනි උපසිරැසිය කියන්නෙ උපසිරැසිකරුවෙක්ගේ එක කඩයිමක්.මම ඒ කඩයිමට එනකොට මට උදවු කරපු,දේවල් කියලා දුන්නා සමිත අයියා,අශේන්(චූටියා),අංජුල,වගේම සිනේරූ පවුලේ අනිත් හැමෝමත් අමතක කරන්න බෑ.ඒ වගේම උපසිරැසිවලට කමෙන්ට් කරලා මාව දිරිමත් කරපු හැමෝමවත් මතක් කරන්න ඕන.

අද උපසිරැසිය අරගෙන ආවේ හින්දි චිත්‍රපටයකට.ඒක තමයි Skater girl කියන චිත්‍රපටය.මේක ගොඩක්ම Drama පැත්තට බර කතාවක් වගේම වෙනස්ම විදිහක කතාවක්.ඒ වගේම මේක තමයි ඉන්දියාණු ඉතිහාසයේ ස්කේටින් පිළිබඳව නිර්මාණය උන පළමු චිත්‍රපටය.මේකට 6.6/10 imdbක අගයක් වගේම 80%ක ගූගල් පරිශීලක කැමැත්තත් ලැබිලා තියෙනවා,මේකට රංගනයෙන් Amrit Maghera,Weheeda Rehman,Jonathan Readwin,Rachel Saanchita Gupta,යන අය රංගනයෙන් දායක වෙලා තියෙනවා.ඒ වගේම මේක අධ්‍යක්ෂණය වෙන්නෙ Manjari Makijany,අතින් වගේම Skatepark films සහ Mac productions යන ආයතන වලින් නිෂ්පාදනය කරලා තියෙනවා.මේක පසුගිය ජූනි 11 වෙනිදා තමයි Netflix හරහා විකාශනය ඇරඹුනේ.

කතාවේ පෙන්නන්නේ එක දුප්පත් ගැහැණු ළමයෙක් තමන්ගේ ආශාවන් සහ අරමුණු වෙනුවෙන් සමාජයත් එක්ක පොරබදන එක ගැනයි.මං කිවුවා වගේම මේක ගොඩක්ම Drama පැත්තට බරයි වගේම ගොඩක් ඉන්දියාණු සමාජයේ තියෙන කුල භේද,ගැහැණු ළමයින්ට ලැබිලා තියෙන සීමිත නිදහස,දුගී බව,වගේ දේවල් ගොඩක්ම අන්තර් ගතවෙලා තියෙනවා.මේ හැමදෙයක්ම මැඩපවත්වගෙන තමන්ගේ ඉලක්කවලට යන්න ඕනම කෙනෙක්ට පුළුවන් කියන inspiration එක තමයි මේකෙන් ගොඩක්ම මතු කරලා පෙන්නන්නේ.එහෙනං හැමෝම චිත්‍රපටය බලලා රසවිඳින්න.පවුලේ හැමෝමත් එක්ක උනත් එකට නරඹන්න පුළුවන් චිත්‍රපටයක් මේක.හැමෝටම ජයවේවා…!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

9 comments

  1. 50 ට සුබ පැතුම් මචං..😍😍

  2. එල සහෝදරයා සුබ පැතුම් ඔබට ඉල්ලීමක් තියෙනවා The Minions of Midas මේ tv series එකට සබ් කරන්නකෝ

  3. Shehan Sachintha
    Cineru Family Member

    50* ට සුභ පැතුම් මචං💚💕
    නියම කතාවක් සබ් එක කරාට තෑන්ක්ස්

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ සුබ පැතුම් 50වෙනි සබ් එකට

  5. 50 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ! සබ් එකටත් බොහෝම ස්තූතියි සහෝ!

  6. නිපුන රමේශ්
    Cineru Family Member

    Thank හැමෝටම❤️❤️

  7. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. (Nipuna Ramesh)

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Priyashan Jayarathna
    Cineru Family Member

    50 වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ ❤️
    100 ත් ගහමු ⚡🔥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login