The title of the page
Sinkhole (2021) Sinhala Sub
Sinkhole (2021) Sinhala Sub
6
93

Sinkhole (2021) Sinhala Subtitles | සින්ක්හෝල් | සිංහල උපසිරැසි සමඟ

(Sinkhole (2021) Sinhala Subtitles) (Sinkhole (2021) Sinhala Sub) ඔන්න එහෙනම් මේ අවුරුද්දේ කොරියානු සිනමා රසිකයෝ කවුරුත් මගබලාගෙන හිටපු බොක්ස් ඔෆිස් හිට් වුණ සුපිරි චිත්‍රපටියකට උපැසිරැසි අරගෙන මම ආවා.ඒ තමා Kim Ji Woon අධ්‍යක්ෂණය කළ Sinkhole චිත්‍රපටිය.වොන් බිලියන 15ක වියදමකින් නිර්මාණය වුණ මේ අවුරුද්දේ අගෝස්තු 11 වනදා තිරගතවුණ මේ චිත්‍රපටිය කොවිඩ් උවදුර මධ්‍යයේ වුණත් 2021 අවුරුද්දේ සාර්ථකම ආරම්භයක් සනිටුහන් කරපු කොරියානු චිත්‍රපටිය වෙන්න සමත් වෙනවා.ඒවගේම තිරගත වෙලා සතියකටත් වඩා අඩු කාලෙකින් මේ චිත්‍රපටිය නරඹපු ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවූවා කියලයි වාර්තා වල සඳහන් වෙන්නේ.

මේ වෙනකොටත් IMDb මීටරේ 6/10 අගයක් කරවකවා ගන්නත් මේ චිත්‍රපටියට පුළුවන් වෙලා තියෙනවා.Kim Sung kyun( පාක් ඩෝන්ග් වොන්), Cha Seung-won (ජියොන්ග් මෑන් සූ), Lee Kwang-soo(කිම් සියුං-හියොන්), Kim Hye-jun(ඉයුන් ජු) යන රංගන ශිල්පීන්,ශිල්පිනියන් ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා.

වැඩිකතා නැතුව කතාව ගැනත් කෙටියෙන් සඳහනක් දාන්නම්.පාක් ඩොන්ග් අවු.11 තිස්සේ මගන්සිවෙලා අවසානෙට සෝල් නුවරට කිට්ටුවෙන් නිවාස සංකීර්ණයක ගෙදරක් අරගෙන තමන්ගේ නෝනයි දරුවයි එක්ක පදිංචියට එනවා.ඒ සංකීර්ණයේම තමා මෑන් සූත් ජීවත් වෙන්නෙ.පාක්ට දකින්න ලැබෙනවා මේ නිවාස සංකීර්ණය තියෙන බිල්ඩිමේ ගැටලුවක්.ඒත් අනික් නිවාස හිමියන් නම් එයාගෙ කතාව ගනන් ගන්නෙ නෑ.දවසක් තමන්ගේ සමාගමේ සගයින් කීප දෙනෙක්ට පාටියකට තමන්ගේ ගෙදරට එන්න කියලා පාක් ඇරයුම් කරනවා.පාටිය ඉවරවුණාට පස්සෙ සගයෝ දෙන්නක් ගෙදර ගියත් ඉයුන් ජූයි, කිම් සියුං-හියොන් ගෙදර නිදාගන්නවා.ඒත් පහුවෙනිදා උදේ අවාසනාවකට වගේ ඒ බිල්ඩිම පොළව හැදෙන කුහරයකට කඩාගෙන වැටෙනවා.ඒ වගේ පොලවේ ඇතිවෙන ලොකු කුහර ගැන ඔයාලත් ටීවී එකෙන්,ඉන්ටර්නෙට් එකෙන් දැකලා ඇති.ඒකට කියන්නෙ සින්ක්හෝල් එකක් කියලා.වැඩිපුර කියන්නෙ නැතුව කතාව මෙතනින් නවත්තන්නම්.පාක් ඇතුළු සගයෝ ටික කොහොමද ඒ කුහරයෙන් ගොඩට එන්නෙ කියලා දැනගන්න ඔයාලට චිත්‍රපටිය නරඹන්න කියලා මම ආරාධනා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

13 comments

  1. Thnq bro. La Brea series ekata denna gannako plz

  2. උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. Krishani
    Cineru_users

    Thank you 💐💖

  6. Thanx for sub👍

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request:
    Rise of the Footsoldier: Origins (2021)

  9. Thankxx.The Last Warrior: Root of Evil 2021 puluwannam sub dennooo

  10. ඒකට මචං තාම සබ්වත් ඇවිල්ලා නෑ.ආපු ගමන් අපි දෙන්නම්

  11. Sub ekata thanx

  12. Shan Shenow
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤🔥

  13. Thanks for the sub!!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login