The title of the page
5.1
86

Simba (2019) Sinhala Subtitles | කන්ස කොල්ලයි ආතල් බල්ලයි | සිංහල උපසිරැසි සමග |

සිම්බා. චින්න තලපති බරත්ගේ රංගනයෙන් සහා Aravind Sridhar direction එකෙන්, ජනවාරි 25 වෙනිදා තිරගත වුන, විනෝදාත්මක චිත්‍රපටයක් තමයි සිම්බා කියන්නෙ. ෆිලුමනම් IMDb අගය 5.6 ක් දක්වා තල්ලුකරන්න සමත්වෙලා තියෙනවා වගේම මේක Romance / Dark Comedy විදියට වර්ගීකරණය කරල තියෙනවා.

අධ්‍යක්ෂණය හා කතාව Aravind Sridhar ගෙන් සංගීතය Vishal Chandrasekhar හා නිෂ්පාදනය K . Sivaneswaran විසිනුයි . මේ ෆිලුම ගැන ශ්‍රිදර් කියන්නේ මේ එයාගේ යාලුවෙක් ගන්ජා බීල එයාට වුන සිද්දියක් උපයෝගී කරගෙන ඔහුව තේමාකරගෙන ලියපු එකක් කියල. මේක ෆිලුමේ කතාව ලිව්වෙත් අධ්‍යක්ෂණය කලෙත් ශ්‍රිදර්. මේ කතාවේ තේමාව හා ආරම්භයම පෙන්වල දෙනදේ තමයි ගන්ජා ඉරීමට ඇබ්බැහි වූ පරම්පරාවක් හා ඒ අයට උරුම වුන Hellucination රෝගයගැන.

ඉතින් නූතන පරම්පරාවේ තනිකඩයා තමයි මේ අපේ කතානායක බරත් (මහේෂ්). මෙයා තමන්ට ඕන කරන ගන්ජා ගෙදරම හදාගන්න කෙනෙක්. එයාගේ ලෝකයතමයි මේ. ඉතින් මේ ද්‍ය්ම් ලෝකයේ තනිව කල්ගෙවන මේ කන්ස කොල්ලට අල්ලපු ගෙදර කෙල්ල මධු (Bhanu Sri Mehara) ඇවිත් බල්ලෙක්ව බලාගන්න පුලුවන්ද කියල අහනවා. (මේ බල්ලගැන වෙනම කියන්නම්) ඔන්න අපේ කන්ස කොල්ලගේ ලයිෆ් එක බල්ටිගහන අවස්ථාව මේක වෙනවා. ඉතින් මේ මධුව සෙට්කරගන්න මේ කන්ස කොල්ල කන කට්ට ඊට හපන් මේ බල්ල සොරි මේ සිම්බා, එයා කියනවා මේ මධුට ලව් කරන්නේ එයාව කියල. බල්ලෙක්ව ලව් කරන්න කෙල්ලෙක් , මේ ගැන ඊර්ෂ්‍යාවක් ඇතිවෙනවා මේ අපේ කන්ස කොල්ලට, මොකෝ දන්නවද අවුල මේ බල්ලව මෙයාට පේන්නේ මිනිහෙක් වගේ.

ඔන්න බල්ලා නැත්නම් අපේ ප්‍රධාන චරිතය සිම්බා ගැන කියන්නම්. මේ චරිතයේ තියෙන වෙනස තමයි, මේ බල්ලාගේ චරතයට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. ඉන්දියන් අධ්‍යක්ෂක වෙන්කට් ප්‍රරබුගේ මල්ලි වෙන Premgi Amaren. මෙයා නලුවෙක් වගේම දක්ෂ සංගීතවේදීයෙක් , මේ වෙනකොට චිත්‍රපට දහයකට වඩා සංගීතය සපයල තියෙනවා වගෙම විශාල චිත්‍රපටවල රගපාල තියෙන දක්ෂ Comedian කෙනෙක්. මේ නිසා තමයි මේ චිත්‍රපටය ටිකක් විනෝදාත්මක චිත්‍රපටයක් විදිහට පෙන්නුම් කරන්නේ.

ඒ වගේම මේ චිත්‍රපටයේ තව හොද දේකුත් පෙන්නුම් කරනවා, ඒ තමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමෙන්, අපේ එදිනෙදා ජීවිතයේදී අපිට වෙන හැම දුකක් සතුටක්ම කොයි විදිහට සිදු වෙන්නේ කියලා ගොඩක් හැගීම් බරයි පෙන්නුම් කරලා තියනවා මේ චිත්‍රපටයෙන්.

කොමඩි පැත්තෙන් බැලුවොත්. මේ චිත්‍රපටය Premgi Amaren නිසා උපරිමට ඇවිල්ලා තියෙනවා. හැබැයි බරත් ට මේ චිත්‍රපටිය වැඩිය ගැලපෙන්නේ නෑ. ගොඩක් දෙනෙක් හිතුවේ, බරත් ට මේ චිත්‍රපටිය ලොකු come back එකක් වෙයි කියලා. ඇයි කිව්වොත් එයාගේ 25වෙනි චිත්‍රපටයෙන් පස්සේ. අවුරුදු 5ක් තිස්සේ එයාගේ චිත්‍රපටයක් තිරගත වූනේ නෑ. ඒ නිසා එයාගේ රසිකයෝ මේ සිම්බා චිත්‍රපටයට ලොකු බලාපොරොත්තු වක් තියාගෙන හිටියා. හැබැයි හිතපු තරම් ජයග්‍රහණයක් ලැබුනේ නෑ මේ චිත්‍රපටයට.

හැබැයි කෙනෙක් ගේ රසාස්වාදය වැඩි කර ගන්න, මේ චිත්‍රපටය ගොඩක් උදව් කරනවා. මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ආදරය සහා විනෝදය මුල් කොට ගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ චිත්‍රපටය දවස් 15ක් තිරගත වුනේ.
ලස්සන චිත්‍රපටයක්. ඔයාගේ රසාස්වාදය සහා විනෝදාත්මක බාවය වැඩි කර ගන්න පුළුවන් වෙයි. මේ චිත්‍රපටයෙන්. ඒ නිසා අනිවාර්යෙන් ම බලන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


214
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. gdak thanks saho su ekta,digtma krn ynna oyta shakthiya dhairya lebenna kiyla mn prarthana krnwa

  3. බොහොම ස්තුතියි …අයියේ..ගොඩාක් පිං…….

  4. Thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login