The title of the page
She Hulk Sinhala Subtitles
She Hulk Sinhala Subtitles
5.9
94
84

She-Hulk: Attorney at Law (2022) E09 [END] Sinhala Subtitles | “මේ කාගේ ෂෝ එකද?” | සිංහල උපසිරැසි සමඟ

(She-Hulk: Attorney at Law (2022) E09 Sinhala Sub) (She Hulk Attorney at Law Sinhala Subtitles) (She Hulk Sinhala Subtitles)

අද She-Hulk කතා මාලාවේ පළවෙනි කතා සමයේ අවසාන කොටස නිකුත් වුණා. මේ කොටස, කාතාවේ අන්තිම නිගමනය අපිට ලබාදෙන කොටස කියලත් කියන්න පුළුවන්. කතා මාලාව පුරාවටම ප්‍රේක්ෂකයින්ට ගොඩක් දේවල් ලබා දෙන්න She-Hulk සමත් වෙලා තියෙනවා. හැබැයි, අපි හැමෝම දන්න දෙයක් තමයි තාමත් කතාවේ පැහැදිළි නොවුණු තැන් කීපයක් තියෙනවා කියන එක​.

ඉතින්, මේ කොටසෙදි ප්‍රමුඛත්වයක් දෙන්නෙ මොකකටද​?

අනිවාරයෙන්ම​, මේකෙදි ජෙන් වෝල්ටර්ස් අතරයි ඉන්ටෙලිජෙන්සියා අතරයි අවසාන ගැටීම බලාගන්න පුළුවන්. ඉන්ටෙලිජෙන්සියා සයිට් එකේ අය සම්මාන උත්සවය අතරතුරේදි She-Hulk ගේ පොද්ගලික ජීවිතය ගැන වීඩියෝ දර්ශන පෙන්නලා She-Hulk ව ලැජ්ජාවට පත් කරපු හැටි ඔයාලට මතක ඇති. මෙච්චර දවසක් සැහැල්ලුවෙන් විනෝදෙන් ගියපු කතා මාලාව ඒ කොටසත් එක්ක “අඳුරු, අනුකම්පා විරහිත” පැත්තට ගියපු එක කතාව තනිකරම කණපිට හැරවීමක්. දැන් තමයි ජෙන් වෝල්ටර්ස් හැමදේම බරපතළව ගන්නෙ. ඒක මේ කතා මාලාව පුරාවටම දකින්න ලැබුණු ලොකුම අඩුපාඩුවක්.

She-Hulk කතා මාලාවක් හැටියට ස්ථාවරව තියා ගනිපු එක දෙයක් තමයි, ගොඩක් හොඳින් ප්‍රතිස්ථාපනය වුණු භයානක විරුද්ධවාදියෙක් ඉන්නවා කියලා කතා මාලාව පුරාවටම ප්‍රේක්ෂකයාට අඟවපු එක​. ඒ වුණාට පළවෙනි කොටස් කීපයේ විරුද්ධවාදින් අතර මාරුවීමකුත් අපිට දකින්න ලැබුණා. අපි කාලයක් හිතුවා ටයිටේනියා, She-Hulk ට අභියෝගයක් වේවි කියලා. ඒත් පහුගිය සති කීපයට එයාගේ ලොකුම පරාජය වීමත් එක්ක අපිට එයාව දකින්න ලැබුණේම නැහැ. ඒ අතරතුරේ ඇබෝමිනේෂන්ගෙනුත් මොකක් හරි රහසිගත දෙයක් වෙනවා කියලා සැකයක් තිබුණා. ඒත් රචකයන් එයාව අරගෙන ගියේ වෙනස්ම පාරක​. ඉන්ටෙලිජෙන්සියා හැකර්වරු ජෙන්ට කරපු දේ ගැන ජෙන් ඉන්නෙ ගොඩක් ලොකු තරහකින්. ඒ හින්දා දැන් එයාලව තිරය පිටි පස්සෙන් එළියට අරගෙන එන්න කාලය හරි.

කොහොම හරි, අපි She-Hulk කතා මාලාවේ අවසානයට එන්නෙ ගොඩක් සතුටකින් වගේම She-Hulk ගේ ඉදිරි කතා සමයක් නැත්නම් MCU චිත්‍රපටිවලට අවතීර්ණවීමක් අපේක්ෂාවෙන්. මේ සම්පූර්ණ කතා මාලාවම අරගත්තාම කියන්න තියෙන එකම දේ මේක විනෝදාත්මක කතා මාලාවක් කියන එක විතරයි. ඔයාලා මොකද ඒක ගැන හිතන්නෙ? අද කතාවෙදි මොකක් වෙයිද​? සිංහල උපසිරැසිය බාගෙනම බලලා ඉඳිමු නේද​? අද කොටස රස විඳලා ඉවර වුණු හැටියේම ආපහු ඇවිත් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.

එහෙනම්, ඉස්සරහට එන්න තියෙන අලුත්ම Marvel කතා මාලාවකින් ආපහු මුණ ගැහෙමු!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

19 comments

  1. our next hope MCU PHASE 5 supiriyak wenwa dakinnay

  2. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  3. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  4. උදිත ඩිල්ෂාන්
    Cineru Family Member

    මේ අන්තිම එපිය සහෝ…👍

  5. Thanks…sub wlata♥️💯🥺

  6. ගොඩක් සයිට් වල අතෑරලා දාපු කතාවක් මේක ඔයාලා මේකට උපසිරසි දීපු එක ගොඩක් වටිනවා මුලු කතාවම තේරුම් ගන්න ඔයාලගේ උපසිරසිය උදවු වුනා ඒවගේම උපසිරසියත් හරිම පැහැදිලියි. දිගටම මේ වැඩේ කරගෙන යන්න. බුදුසරනයි සිනරු එකේ හැමෝටම

    • උදිත ඩිල්ෂාන්
      Cineru Family Member

      ස්තුතියි, සහෝ….👍 දිගටම සිනෙරු එක්ක ඉන්න.

  7. ස්තුතියි බොක්ක සබ් එකට ❤❤❤

  8. Video eka ganne khomada

    • වීඩියෝ පිටපත් කියන තැනින් ගන්න..VPN off කරලා සයිට් එකට එන්න..

  9. උපසිරසියත් හරිම පැහැදිලියි.දිගටම මේ වැඩේ කරගෙන යන්න.අලුතින් එන ෆිල්ම් වල සබ් ඉකමනට එවන නිසා උබලගෙන්ම තමා සබ් ගන්නේ ජයෙන් ජය සිනෙරු එකේ හැමෝටම 👍❤

    • උදිත ඩිල්ෂාන්
      Cineru Family Member

      ස්තුතියි, සහෝ….👍 දිගටම සිනෙරු එක්ක ඉන්න.

  10. thanks machan

  11. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login