The title of the page
Shadow and Bone (2021) S01E06 Sinhala Subtitles
Shadow and Bone (2021) S01E06 Sinhala Subtitles
8
94

Shadow and Bone (2021) S01E06 Sinhala Subtitles | “ප්‍රතික්ෂේප කරන්න..” | සිංහල උපසිරැසි සමඟ

(Shadow and Bone 2021 S01E06 Sinhala Sub)

පසුගිය අප්‍රේල් මාසෙ 23 වෙනිදා, හැමදාමත් වගේ සුපිරිම කතා මාලාවන් සහ චිත්‍රපටිය අපිට වෙනුවෙන් අරගෙන Netflix ස්ට්‍රීම් එක හරහා නිකුත් වුණු තවත් සුපිරිම කතා මාලාවක් තමයි Shadow and Bone කියලා කියන්නෙ. Shadow and Bone කතා මාලාව නිකුත් වුණු දවසෙ තවත් සුපිරිම කතා මාලාවක අවසානය සහ සුපිරම සිනමාපට කිහිපයකුත් වෙනවා. ඒ හේතුව නිසා මේ කතා මාලාව නිකුත් වුණු දවස් ටිකේ ඒ තරම්ම මේක ගැන කතා බහක් ඇතිවුණේ නෑ. හැබැයි ඊට දවස් කීපයකට කලින් මේ කතා මාලාව ගැන හැමෝගෙම වගේ කතාබහට ලක්වුණා කිව්වොත් මං හරි. ඒ වගේම මේ කතා මාලාවට හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙන්නත් පටන්ගත්තා. මේ කතා මාලාව නිකුත් වුණු දවසෙ මේ කතා මාලාවට IMDb 9.1 ක අගයක් ලැබිලා තිබුණත් මම උපසිරැසිය නිම කරලා අපේ වෙබ් අඩවියේ පළ කරන වෙලාවෙදි IMDb අගය 8/10 බැහැලා තිබුණා. IMDb 8 අගයක් කියන්නෙ සෑහෙන හොඳ මට්ටමක්. ඒ වෙනකොට Rotten Tomatoes වල 86% කුත් අගයක් මේ කතා මාලාවට හිමිවෙලා තිබ්බා.

සුපුරුදු විදිහටම Netflix එකෙන් මේ වැඩේ කරන්නෙත් Novel Series එකක් බේස් කරගෙන. මේ Novel Series එක කියවලා නැති කෙනෙක් විදිහට මේ කතා මාලාව බලන්න ගත්තම නම් මේ කතා මාලාවෙ කිසිම දෙයක් තේරෙන්නෙ නැති තරම්. හරියටම කිව්වොත් මීට කලින් Netflix එකෙන් රිලීස් කරපු The Witcher සීරීස් එක වගේම තමා. ඒ වගේම Game of Thrones කතා මාලාවෙත් මුලින් බලනකොට කිසිම දෙයක් තේරෙන්නෙ නෑ. ඒකට හේතුව වෙන්නෙ මේ කතා මාලාවටත් යුනිවර්ස් (Universe) එකක් තියෙනවා. එහෙමත් නැත්තන් විශ්වයක්. හරියට Witcher Universe එක වගේ.

මේ යුනිවර්ස් එක ගැන කිසිම දෙයක් නොදැන මේ කතා මාලාව බලනවා කියන්නෙ බලන්නම් වාලෙ බලනවා වගේ වැඩක්. හැබැයි ඉතින් එහෙම බැලුවට වැඩක් නෑ කිසිම දෙයක් තේරෙන්නෙ නැත්තන්. අන්න ඒ හින්දම මම හිතුවා මේ කතා මාලාවෙ පසුබිම ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරොත් හොඳයි කියලා.

මම කලින් කිව්වා වගේම මේ කතා මාලාව නිර්මාණය කරන්න පාදක කරගෙන තියෙන්නේ Grisha Trilogy එක සහ Six of Crows Duology එක. මේ දෙකේම එකතුවක් විදිහට මේ කතා මාලාව නිර්මාණය වෙන්නෙ.

Six of Crows Duology සහ Grisha Trilogy

මේ නවකතා රචනා කරන්නෙ ඊශ්රායල්-ඇමරිකානු ලේඛිකාවක් වෙන Leigh Bardugo විසින්. මීට අමතරව මෙයා තව පොත් දෙකක් රචනා කරලා තියෙනවා ඒත් ඒවා මේ කතා මාලාවට පාදකවෙලා නෑ.

ඒ නිසා මං ඒ ගැන කියන්න යන්නෙ නෑ. මෙන්න මේ පොත් හතට තමයි Grishaverse (ග්රිශාවර්ස්) එක කියලා කියන්නෙ. මේ කතා මාලාවෙ ප්රධානම පිරිස වෙන්නෙ ග්රීශාවරු. මේ පිරිස සාමාන්ය මිනිස්සුන්ට වඩා ටිකක් වෙනස්. ඒ මොකද කිව්වොත් මෙයාලා සතුව මායා බලයන් තියෙනවා. මායා බලයන් කිව්වට මේ අයට හැකියාව තියෙන්නේ ස්වාභාවික දේවල් පාලනය කිරීමේ හැකියාව විතරයි. සාමාන්ය මිනිස්සුත් එක්කම ගත්තම ග්රීශාවරුන්ගෙ තියන වෙනස්කම තමයි ඒක. මේ ග්රීශාවරු ආයෙම කොටස් තුනකට බෙදෙනවා Corporalki, Etherealki සහ Materialki වශයෙන්. ඒ වගේම මේ අයගෙත් තව කට්ටිය වෙන වෙනම ඉන්නවා. ඒ හැමෝවම වගේ අපිට මේ සීරීස් එකෙන් හම්බවෙන නිසා ඒ අය ගැනත් පැහැදිලි කරලම ඉන්නම්.

🔰 Corporalki 🔰

මේ අයව ප්රධාන වශයෙන් හඳුන්වන්නෙ “ජීවිතය සහ මරණය පාලනය කරන කොටසක්” විදිහට. මෙයාලා ආයෙ කොටස් තුනකට බෙදෙනවා Heartrenders, Healers සහ Tailors කියල.

Heartrenders ⤵️

Heartrenders/හාර්ට්රෙන්ඩර්ස් ලා ගත්තම දෙවනි හමුදාවෙ ඉන්න වටිනාම අය සහ භයානකම අය විදිහට තමයි මෙයාලා සැලකෙන්නෙ. මොකක්ද මේ දෙවනි හමුදාව කියන්නෙ 🤔 මේ ගැන ඉස්සරහට පැහැදිලි කරන්නම්. මෙයාලට තියන බලය ගැන කිව්වොත් මෙයාලට පුළුවන් “මිනිහෙකුගෙ හද ගැස්ම නවත්තන්න වගේම පෙණහළුවලට වාතය ගමන් කරන එක නවත්තන්න”.

Healers ⤵️

Healers/හීලර් ලා කියන්නෙත් මේ අතර විශේෂ කට්ටික්. කෙටියෙන්ම කිව්වොත් මෙයාලට පුළුවන් ජීවය දෙන්න. ඒ කිව්වෙ මිනිස් සිරුර හසුරවන්න සහ තුවාල සුව කරන්න පුළුවන් හැකියාවක් මෙයාලට තියෙනවා.

Tailors ⤵️

මෙයාලා නම් ඒ හැටි විශේෂ කට්ටියක් නෙවෙයි කියලා තමයි කියන්නෙ. මෙයාලට තියන එකම හැකියාව තමයි මනුස්සයෙකුගෙ ස්වරූපය කරන්න පුළුවන් එක. මේ කට්ටිය ගැන ලොකුවට පැහැදිලි කිරීමක් කරන්න යන්නෙ නෑ මොකද ලිපිය දිග වෙන නිසා.

🔰 Etherealki 🔰

මෙයාලට Summoners ලා කියලත් කියනවා. ඒ කියන්නෙ අණ කරන්නෝ කියන අදහස. මෙයාලට ස්වාභාවික දේවල් හැසරවීමේ හැකියාව තියෙනවා. මෙයාලත් ආයෙ Squallers, Inferni සහ Tidemakers කියලා කොටස් තුනකට බෙදෙනවා. මේ කතා මාලාවෙ ප්රධාන චරිතය වෙන ඇලීනා කියන්නෙත් මේ අයගෙන් කෙනෙක්.

Squallers ⤵️

මෙයාලට තියෙන්නේ වාතය පාලනය කරන්න පුළුවන් හැකියාව.

Inferni ⤵

මෙයාලට මීතේන් සහ හයිඩ්රජන් වගේ දහනය කරන්න පුළුවන් වායු හැසිරවීමේ හැකියාව තියෙනවා. ඒවා පාවිච්චි කරලා මෙයාලට ගින්දර 🔥 නිර්මාණය කිරීමේ හැකියාවත් තියෙනවා.

Tidemakers ⤵️

මෙයාලට උෂ්ණත්වය මගින් වතුර පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සුළි කුණාටු 😮‍💨 පවා නිර්මාණය කරන්න පුළුවන්.

🔰 Materialki 🔰

විවිධ සංයෝග එකතු වෙලා හැදුන භෞතික දේවල් පාලනය කිරීමේ හැකියාව මෙයාලට තියෙනවා. උදාහරණයක් විදියට වීදුරු, යකඩ, රෙදිපිළි සහ විවිධ රසායනික සංයෝග වගේ. ඇදුම්, ග්රීශා යකඩ, විසිතුරු වීදුරු, වෙඩිබෙහෙත් වගේ දෙවල් නිර්මාණය කරන එක තමා මෙයාලගෙ රාජකාරිය. Durasts සහ Alkemi කියලා මෙයාලත් තවත් කොටස් දෙකකට බෙදෙනවා.

Durasts ⤵

මෙයාලා වැඩි හරියක්ම වැඩ කරන්නේ යකඩ, වීදුරු වගේ ඝණ ද්රව්ය එක්ක.

Alkemi ⤵️ මෙයාලගේ විශේෂත්වය තමයි විෂ වර්ග සහ වෙඩිබෙහෙත් නිශ්පාදනය කරන එක. ඔන්න ග්රීශාවරු ගැන පැහැදිලි කරලා ඉවරයි. ඒ වගේම කියන්න ඕන මේ අයටම වෙන් වුණු විවිධ ලාංජන තියෙනවා. හරියට Witcher එකේ වගේ. මම පහළින් ඒ සෙට් එකත් දාන්නම්.

මේ තමයි ඒ ඒ ග්රීශාවරුන්ට ආවේණික වුණු ලාංජන.
දැන් මම එන්නම් මම කලින් කියපු Second Army ඒ කියන්නෙ දෙවනි හමුදාව කියන මාතෘකාවට. දෙවනි හමුදාව කිව්වට පළවෙනි හමුදාව කියලත් තව Army එකක් තියෙනවා. මේකෙන් ග්රීශාවරු අයිති වෙන්නෙ දෙවනි හමුදාවට. එතකොට පළවෙනි හමුදාවෙ ඉන්නෙ කවුද? 🤨 පළවෙනි හමුදාවෙ ඉන්නෙ සාමාන්ය මිනිස්සු විතරයි. ඒ කියන්නෙ කිසිම බලයක් නැති රයිෆලයක් අතින් ගත්ත සාමාන්ය මිනිස්සු. ඒත් මේ හමුදා මොකටද කියලා දැන් හැමෝටම හිතෙනවා ඇති. මේ හැමදේම සිද්ධවෙන්නෙ Ravka (රව්කා) කියන රාජධානිය මුල් කරගෙන. මේ රාජධානිය ආරක්ෂා කරන්න තමයි මේ හමුදා දෙක නිර්මාණය කරලා තියෙන්නේ. First Army සහ Second Army කියන දෙක…
ඔය තියන සිතියම දිහා හොඳට බැලුවොත් රව්කා කියන රාජධානිය ඔයාලට පේනවා ඇති. ඔය රාජධානියේ තමයි ග්රීශාවරු කියන අය ඉන්නෙ. ඒ වගේම සාමාන්ය මිනිස්සත් ඉන්නවා. පළවෙනි හමුදාවෙ ඉන්න අය. මේ රාජධානිය උතුරු පැත්තෙන් Fjerda සහ දකුණු දෙසින් Shu Han කියන රාජධානිය දෙකත් එක්ක යුද්ධකට මැදිවෙලා ඉන්නෙ. යුද්ධය විතරයි නෙවෙයි මේ රාජධානිය Shadow Fold කියන එකේ කරදරේටත් මැදිවෙලා ඉන්නෙ. ඔයාලට බැලූ බැල්මටම පේනවා ඇති ඒ නිසා මේ රව්කා රාජධානියේ අයට කොහෙටවත් යාගන්න විදිහක් නැතුව අසරණ වෙලා ඉන්නෙ. මේකට Unsea කියලත් කියනවා. මේක ගැන තව කියන්න ගියොත් ස්පොයිල් වෙන්න පුළුවන් නිසා මේක ගැන කතාව මෙතනින් නතර කරනවා…
මෙන්න මේ ෆෝල්ඩ් එක නිසා මේ රාජධානියට වරායෙන් ලැබෙන දේවල් ගේන්නත් හුඟක්ම අමාරුයි. රව්කා රාජධානියේ අගනුවර තමයි Os Alta / ඔස් ඇල්ටා. දැන් මං කියන්නම් මේ කතා මාලාවෙ ප්රධාන චරිතෙ ගැන. එයාගෙ නම ඇලීනා ස්ටාර්කොව්. මෙයා පොඩි කාලෙම මෙයාගෙ දෙමව්පියෝ ෆෝල්ඩ් එක තරණය කරන්න ගිහින් මිය යනවා. ඒ නිසා මෙයා හැදෙන්නෙ අනාථයෙක් විදිහ. මෙයාගෙ හොඳම යාළුවා වෙන්නෙ මැල්. මැල් කියන්නෙ නම් සාමාන්ය කෙනෙක්. හැබැයි ඇලීනා කියන්නෙ Etherealki කුලයට අයිති කෙනෙක්. Shadow Summoner (සෙවනැලි කැඳවුම්කරු) සහ Sun Summoner (සූර්ය කැඳවුම්කරු) කියන අයට තමයි මෙයත් අයිති. මෙතනදි සෙවනැලි කැඳවුම්කරු කියන අයව නම් මේ කතාවෙ හැටියට මේකෙ මිනිස්සු දැකලා තියෙනවා ඒත් සූර්ය කැඳවුම්කරු කියන කෙනෙක්ව කවුරුත්ම දැකලා නෑ. ඒක මිත්යාවක් කියලා තමයි එයාලා කියන්නෙ. මේ සූර්ය කැඳවුම්කරුවෙක් හිටියොත් මෙයාලට පුළුවන් ෆෝල්ඩ් එක හරහා ලේසියෙන්ම එහා මෙහා යන්න. ඒ වගේම ෆෝල්ඩ් එක විනාශ කරලා දාන්න උනත් පුළුවන්. අන්න ඒ නිසයි මේ සූර්ය කැඳවුම්කරු කියන කෙනා හුඟක් වටින්නෙ. වැදගත්ම කරුණු ටිකක් විදිහට ඔය ටික තමයි කියන්න තියෙන්නෙ. මම මේ කියලා තියන විස්තරවල මොකක් හරි වැරැද්දක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා යන්න. මොකද මේ පොත් ටික කියවපු කෙනෙක් මේක ගැන මීට වඩා දන්නවා ඇති. හැබැයි මමනම් හිතන්නෙ නෑ පොත් ටික කියවපු කෙනෙක් ඇති කියලා. තව වැඩිදුර විස්තර ඕනි නම් thegrishaverse .fandom .com කියන වෙබ් අඩවියට ගිහින් හොයලා බලන්න. මමත් මේ වෙබ් අඩවියෙන් තමයි මේ විස්තර සේරම අරගත්තෙ. විශේෂයෙන්ම කියන්න ඕන මේ කතා මාලාවෙ භාෂාව ගැන. මේ කතා මාලාවෙ හුඟක්ම රව්කා කියන භාෂාවෙන් කතා වෙනවා. මේ භාෂාව නිර්මාණය කරලා තියෙන්නේ මේ කතා මාලාවටම කියලත් කියන්න ඕන. මේ භාෂාවට ආභාෂය අරගෙන තියෙන්නේ රුසියානු සහ මොංගෝලියානු භාෂා. ඒ නිසා උපසිරැසිය කරනකොට කවදාවත් අහලා නැති වචන පවා හම්බුණා. හුඟක්ම අමාරු වචන තමයි මේ කතා මාලාවෙ තියෙන්නෙ. ඉංග්රීසි උපසිරැසි එක්ක බැලුවොත් තේරුම් ගන්නත් හුඟක් අමාරුයි. ඒ නිසා පුළුවන් උපරිමයෙන් මහන්සිවෙලා තේරෙන සිංහලෙන් බලන්න උපසිරැසියක් අරගෙන ආවෙ. එහෙනම් මේ අපූරු කතා මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම Netflix එකෙන් මේ කතා මාලාව වෙනුවෙන්ම netflixshadowandbone .com නමින් වෙබ් අඩවියකුත් හඳුන්වාදීලා තියෙනව. මේ වෙද්දි Netflix එකෙන් මේ කතා මාලාවට නිල වශයෙන් කතා සමයන්වලට දීර්ඝ කිරීමක් ලැබිලා නැති උනත් මේ කතා මාලාව දැනට සීසන් 4 ක් දක්වා දීර්ඝ කිරීම ප්රමාණවත් බවත්, අවශ්ය නම් මේ Universe එක ඇසුරින් තවත් නිර්මාණයං කළ හැකි බවත් මේ කතා මාලාවෙ නිර්මාතෲ වන “Eric Heisserer” කියලා තියෙනවා. තව විශේෂ දෙයක් කියන්න ඕන මම කලින් උපසිරැසිය කරපු කොරියානු කතා මාලාව මග නතරවෙලා තියෙනවා. ඒක පුළුවන් ඉක්මන්ට සම්පූර්ණ කරනවා. මේ කතා මාලාවෙ මේ කොටසට විතරයි මම උපසිරැසිය අරගෙන එන්නෙ. අපේ සෙට් එක මගෙන් මේක කරන්න එකතුවෙන්න කියලා ඉල්ලපු නිසයි මේක කරෙත්. මොකද මේ දවස්වල උපසිරැසි කරන්න පුළුවන් තත්ත්වයක මම නෑ…
🔥
එහෙනම් ඊළග එපියෙන් හම්බවෙමු…හැමෝටම,
බුදු සරණයි..!!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

3 comments

  1. Thanx brother supiri

  2. සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  3. Godak sthuthi..Jaya wewa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login