(Shadow and Bone 2021 S01E02 Sinhala Sub)
පසුගිය අප්‍රේල් මාසෙ 23 වෙනිදා, හැමදාමත් වගේ සුපිරිම කතා මාලාවන් සහ චිත්‍රපටිය අපිට වෙනුවෙන් අරගෙන Netflix ස්ට්‍රීම් එක හරහා නිකුත් වුණු තවත් සුපිරිම කතා මාලාවක් තමයි Shadow and Bone කියලා කියන්නෙ. Shadow and Bone කතා මාලාව නිකුත් වුණු දවසෙ තවත් සුපිරිම කතා මාලාවක අවසානය සහ සුපිරම සිනමාපට කිහිපයකුත් වෙනවා. ඒ හේතුව නිසා මේ කතා මාලාව නිකුත් වුණු දවස් ටිකේ ඒ තරම්ම මේක ගැන කතා බහක් ඇතිවුණේ නෑ. හැබැයි ඊට දවස් කීපයකට කලින් මේ කතා මාලාව ගැන හැමෝගෙම වගේ කතාබහට ලක්වුණා කිව්වොත් මං හරි. ඒ වගේම මේ කතා මාලාවට හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙන්නත් පටන්ගත්තා. මේ කතා මාලාව නිකුත් වුණු දවසෙ මේ කතා මාලාවට IMDb 9.1 ක අගයක් ලැබිලා තිබුණත් මම උපසිරැසිය නිම කරලා අපේ වෙබ් අඩවියේ පළ කරන වෙලාවෙදි IMDb අගය 8/10 බැහැලා තිබුණා. IMDb 8 අගයක් කියන්නෙ සෑහෙන හොඳ මට්ටමක්. ඒ වෙනකොට Rotten Tomatoes වල 86% කුත් අගයක් මේ කතා මාලාවට හිමිවෙලා තිබ්බා.
සුපුරුදු විදිහටම Netflix එකෙන් මේ වැඩේ කරන්නෙත් Novel Series එකක් බේස් කරගෙන. මේ Novel Series එක කියවලා නැති කෙනෙක් විදිහට මේ කතා මාලාව බලන්න ගත්තම නම් මේ කතා මාලාවෙ කිසිම දෙයක් තේරෙන්නෙ නැති තරම්. හරියටම කිව්වොත් මීට කලින් Netflix එකෙන් රිලීස් කරපු The Witcher සීරීස් එක වගේම තමා. ඒ වගේම Game of Thrones කතා මාලාවෙත් මුලින් බලනකොට කිසිම දෙයක් තේරෙන්නෙ නෑ. ඒකට හේතුව වෙන්නෙ මේ කතා මාලාවටත් යුනිවර්ස් (Universe) එකක් තියෙනවා. එහෙමත් නැත්තන් විශ්වයක්. හරියට Witcher Universe එක වගේ.
මේ යුනිවර්ස් එක ගැන කිසිම දෙයක් නොදැන මේ කතා මාලාව බලනවා කියන්නෙ බලන්නම් වාලෙ බලනවා වගේ වැඩක්. හැබැයි ඉතින් එහෙම බැලුවට වැඩක් නෑ කිසිම දෙයක් තේරෙන්නෙ නැත්තන්. අන්න ඒ හින්දම මම හිතුවා මේ කතා මාලාවෙ පසුබිම ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරොත් හොඳයි කියලා.
මම කලින් කිව්වා වගේම මේ කතා මාලාව නිර්මාණය කරන්න පාදක කරගෙන තියෙන්නේ Grisha Trilogy එක සහ Six of Crows Duology එක. මේ දෙකේම එකතුවක් විදිහට මේ කතා මාලාව නිර්මාණය වෙන්නෙ.
Six of Crows Duology සහ Grisha Trilogy
මේ නවකතා රචනා කරන්නෙ ඊශ්රායල්-ඇමරිකානු ලේඛිකාවක් වෙන Leigh Bardugo විසින්. මීට අමතරව මෙයා තව පොත් දෙකක් රචනා කරලා තියෙනවා ඒත් ඒවා මේ කතා මාලාවට පාදකවෙලා නෑ.
ඒ නිසා මං ඒ ගැන කියන්න යන්නෙ නෑ. මෙන්න මේ පොත් හතට තමයි Grishaverse (ග්රිශාවර්ස්) එක කියලා කියන්නෙ. මේ කතා මාලාවෙ ප්රධානම පිරිස වෙන්නෙ ග්රීශාවරු. මේ පිරිස සාමාන්ය මිනිස්සුන්ට වඩා ටිකක් වෙනස්. ඒ මොකද කිව්වොත් මෙයාලා සතුව මායා බලයන් තියෙනවා. මායා බලයන් කිව්වට මේ අයට හැකියාව තියෙන්නේ ස්වාභාවික දේවල් පාලනය කිරීමේ හැකියාව විතරයි. සාමාන්ය මිනිස්සුත් එක්කම ගත්තම ග්රීශාවරුන්ගෙ තියන වෙනස්කම තමයි ඒක. මේ ග්රීශාවරු ආයෙම කොටස් තුනකට බෙදෙනවා Corporalki, Etherealki සහ Materialki වශයෙන්. ඒ වගේම මේ අයගෙත් තව කට්ටිය වෙන වෙනම ඉන්නවා. ඒ හැමෝවම වගේ අපිට මේ සීරීස් එකෙන් හම්බවෙන නිසා ඒ අය ගැනත් පැහැදිලි කරලම ඉන්නම්.
Corporalki
මේ අයව ප්රධාන වශයෙන් හඳුන්වන්නෙ “ජීවිතය සහ මරණය පාලනය කරන කොටසක්” විදිහට. මෙයාලා ආයෙ කොටස් තුනකට බෙදෙනවා Heartrenders, Healers සහ Tailors කියල.
Heartrenders
Heartrenders/හාර්ට්රෙන්ඩර්ස් ලා ගත්තම දෙවනි හමුදාවෙ ඉන්න වටිනාම අය සහ භයානකම අය විදිහට තමයි මෙයාලා සැලකෙන්නෙ. මොකක්ද මේ දෙවනි හමුදාව කියන්නෙ මේ ගැන ඉස්සරහට පැහැදිලි කරන්නම්. මෙයාලට තියන බලය ගැන කිව්වොත් මෙයාලට පුළුවන් “මිනිහෙකුගෙ හද ගැස්ම නවත්තන්න වගේම පෙණහළුවලට වාතය ගමන් කරන එක නවත්තන්න”.
Healers
Healers/හීලර් ලා කියන්නෙත් මේ අතර විශේෂ කට්ටික්. කෙටියෙන්ම කිව්වොත් මෙයාලට පුළුවන් ජීවය දෙන්න. ඒ කිව්වෙ මිනිස් සිරුර හසුරවන්න සහ තුවාල සුව කරන්න පුළුවන් හැකියාවක් මෙයාලට තියෙනවා.
Tailors
මෙයාලා නම් ඒ හැටි විශේෂ කට්ටියක් නෙවෙයි කියලා තමයි කියන්නෙ. මෙයාලට තියන එකම හැකියාව තමයි මනුස්සයෙකුගෙ ස්වරූපය කරන්න පුළුවන් එක. මේ කට්ටිය ගැන ලොකුවට පැහැදිලි කිරීමක් කරන්න යන්නෙ නෑ මොකද ලිපිය දිග වෙන නිසා.
Etherealki
මෙයාලට Summoners ලා කියලත් කියනවා. ඒ කියන්නෙ අණ කරන්නෝ කියන අදහස. මෙයාලට ස්වාභාවික දේවල් හැසරවීමේ හැකියාව තියෙනවා. මෙයාලත් ආයෙ Squallers, Inferni සහ Tidemakers කියලා කොටස් තුනකට බෙදෙනවා. මේ කතා මාලාවෙ ප්රධාන චරිතය වෙන ඇලීනා කියන්නෙත් මේ අයගෙන් කෙනෙක්.
Squallers
මෙයාලට තියෙන්නේ වාතය පාලනය කරන්න පුළුවන් හැකියාව.
Inferni
මෙයාලට මීතේන් සහ හයිඩ්රජන් වගේ දහනය කරන්න පුළුවන් වායු හැසිරවීමේ හැකියාව තියෙනවා. ඒවා පාවිච්චි කරලා මෙයාලට ගින්දර නිර්මාණය කිරීමේ හැකියාවත් තියෙනවා.
Tidemakers
මෙයාලට උෂ්ණත්වය මගින් වතුර පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සුළි කුණාටු පවා නිර්මාණය කරන්න පුළුවන්.
Materialki
විවිධ සංයෝග එකතු වෙලා හැදුන භෞතික දේවල් පාලනය කිරීමේ හැකියාව මෙයාලට තියෙනවා. උදාහරණයක් විදියට වීදුරු, යකඩ, රෙදිපිළි සහ විවිධ රසායනික සංයෝග වගේ. ඇදුම්, ග්රීශා යකඩ, විසිතුරු වීදුරු, වෙඩිබෙහෙත් වගේ දෙවල් නිර්මාණය කරන එක තමා මෙයාලගෙ රාජකාරිය. Durasts සහ Alkemi කියලා මෙයාලත් තවත් කොටස් දෙකකට බෙදෙනවා.
Durasts
මෙයාලා වැඩි හරියක්ම වැඩ කරන්නේ යකඩ, වීදුරු වගේ ඝණ ද්රව්ය එක්ක.
Alkemi
මෙයාලගේ විශේෂත්වය තමයි විෂ වර්ග සහ වෙඩිබෙහෙත් නිශ්පාදනය කරන එක. ඔන්න ග්රීශාවරු ගැන පැහැදිලි කරලා ඉවරයි. ඒ වගේම කියන්න ඕන මේ අයටම වෙන් වුණු විවිධ ලාංජන තියෙනවා. හරියට Witcher එකේ වගේ. මම පහළින් ඒ සෙට් එකත් දාන්නම්.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
April 19, 2020
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ela ela thanks machan jayawewa
තෑන්ක්ස් සබ් එකට
Thanks 👍👍 brooo 👌
Thank you very much brthr
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Godak sthuthi..Jaya wewa
Thank You Very Much Bro!