Seetha Payanam (2026) Sinhala Subtitles
Seetha Payanam (2026) Sinhala Subtitles
6.3

Seetha Payanam (2026) Sinhala Subtitles | “ මේ ගමන ලස්සනයි ” | සිංහල උපසිරැසි සමඟ

(Seetha Payanam (2026) Sinhala Subtitles) (Seetha Payanam (2026) Sinhala Subtitle) (Seetha Payanam (2026) Sinhala Sub)

Seetha Payanam (2026) කියන්නෙ මේ අවුරුද්දෙ පෙබරවාරි 14 වෙනිදා නිකුත් වුණු ලස්සන පවුලේ ආදර කතාවක්.. මේක අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරලා තියෙන්නෙ ප්‍රසිද්ධ නළු අර්ජුන් සර්ජා.. මේකෙ තියෙන විශේෂත්වය වෙන්නෙ ප්‍රධාන චරිතය වෙන සීතාගෙ චරිතය කරන්නෙ එයාගෙම දුව වෙන අයිශ්වර්යා අර්ජුන්..

සීතා කියන්නෙ තමන්ගෙ අම්මා නැති වුණාට පස්සෙ තාත්තාගෙ ආදරය මැද හැදෙන කෙල්ලෙක්.. ඇයගෙ තාත්තා විදිහට රඟපාන්නෙ සත්‍යරාජ්.. තාත්තයි දුවයි අතරෙ තියෙන්නෙ ගොඩක් ලොකු බැඳීමක්.. මේ නිසාම සීතා කසාද බඳින්නෙත් නෑ තාත්තාව දාලා යන්න බැරි නිසා..

සීතා දක්ෂ කෝකියෙක්.. දවසක් ඇය වැඩමුළුවකට සහභාගි වෙන්න වයිසැග් වල ඉඳන් හයිද්‍රාබාද් වලට කාර් එකේ යනවා.. මේ යන අතරමගදී ඇයට අභි කියලා කෙනෙක්ව මුණගැහෙනවා.. අභිගෙ වාහනේ කැඩිලා තියෙන නිසා සීතා එයාට ලිෆ්ට් එකක් දෙනවා.. මේ ගමන අතරතුර එයාලට ගොඩක් අයව මුණගැහෙනවා වගේම ගමන ටිකක් පරක්කු වෙනවා..

මේ පරක්කු වීම නිසා සීතා ලොකු අනතුරකින් බේරෙනවා.. ඒ කියන්නෙ ඇය සහභාගි වෙන්න ගිය වැඩමුළුව තියෙන තැන ලොකු ගෑස් පිපිරීමක් වෙලා ගොඩක් අය මැරෙනවා.. සීතාට තේරෙනවා ඇය මේ ගමනෙදි මුණගැහුණු අය නිසා පරක්කු වුණු එකෙන් තමයි ඇයගෙ ජීවිතේ බේරුණෙ කියලා.. ඉතින් ඇය තීරණය කරනවා ආපහු ගිහින් ඒ මුණගැහුණු හැමෝටම වගේම අභිටත් ස්තූති කරන්න.. මේ ආපහු යන ගමනෙදි අභිගෙ හැබෑ ස්වරූපය මොකක්ද සහ එයාලගෙ ආදර කතාවට මොකද වෙන්නෙ කියන එක තමයි චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන් වෙන්නෙ..

නළු නිළියන්

  • අයිශ්වර්යා අර්ජුන් – සීතා විදිහට

  • නිරංජන් සුධීන්ද්‍ර – අභි විදිහට

  • සත්‍යරාජ් – රාජේන්ද්‍ර ප්‍රසාද් (සීතාගෙ තාත්තා)

  • ප්‍රකාශ් රාජ් – ආංජනේයුලු (අභිගෙ සීයා)

  • මීට අමතරව අධ්‍යක්ෂක අර්ජුන් සර්ජා සහ ධ්‍රැව් සර්ජා විශේෂ චරිත වලින් මේකට සම්බන්ධ වෙනවා..

මේක පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් ලස්සන කතාවක්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

2 comments

  1. සබ් එකට තෑන්ක්ස්

  2. Arawinda Sunimal

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    A S H

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login