The title of the page
Sardar Sinhala Subtitle
Sardar Sinhala Subtitle
7.8
98

Sardar (2022) Sinhala Subtitles | “ඔත්තුකරුවා” | සිංහල උපසිරැසි සමඟ

(Sardar (2022) Sinhala Subtitles) (Sardar (2022) Sinhala Sub)

ඔන්න හැමෝම මේ ටිකේ හොයන සුපිරිම සුපිරි ටැමිල් ෆිලුම අරගෙන තමයි මන් අද ආවෙ…සිනෙරු ඇඩ්මින් සමිත රමේෂ් සහෝදරයා හරියටම සතියකට වගේ කලින් මට Msg එකක් දාල වැඩේ බාරදුන්නේ.. ස්තුතියි මුලින්ම ඔහුට.. මෙච්චර සුපිරි ෆිලුමක් කරන්න මට බාර දීපු එකට ❤️🥺..මේක දෙන්න මෙච්චර පරක්කු උනේ ඇයි කියලා කට්ටිය මට බනිනවා ද දන්නෑ 😛.. සමාවෙන්න ඕන මුලින්ම මේක පරක්කු කරාට.. කැම්පස් වැඩ.. කරන්ට් කපන ප්‍රශ්න.. ඔක්කොම අස්සේ බොහොම අමාරුවෙන් ලොකු කට්ටක් කාල උනත් හරිම අසාවෙන් Sub එක ගැහුවේ.. මේකට එන්ග්ලිෂ් sub එකක්වත් හොයාගන්න තිබ්බේ නෑ.. ඒ නිසා time line පවා තනියම හදන්න සිද්ද උනා 🥺❤️

Sardar කියන්නෙ මේ අවුරුද්දේ ඔක්තෝම්බර් 21 වෙනිදා රිලීස් උන Active, Crime Category එකට අයත් වෙන,පැය 2යි විනාඩි 43ක්‌ පුරා දිවෙන,IMBD අගය 7.8ක්‌ වගේ ඉහළ අගයක් අරන් තියෙන, මේ වෙද්දී කෝටි 100 බ්ලොක් බාස්ටර් අදායම ලේසියෙන්ම පන්නලා තියෙන , හැමෝම අසාවෙන් එනකම් ඇගිලි ගැනපු ටැමිල් ෆිල්ම් එකක් කිව්වොත් හරි… මොකද ඒ තරම් සුපිරි ෆිල්ම් එක..මගහැරගන්න එපා ලොකු පාඩුවක් ඇ..

ප්‍රධාන නළුවා ගැන මන් අමුතුවෙන් අටුවා ටීකා කියන්න ඕන නෑ නෙ… හැමෝම ආදරය කරන සුපිරි නළු “කාර්ති” තමයි මේකේ ඉන්නේ.. මේක එයාගේ මේ අවුරුද්දේ ආපු 3 වෙනි බ්ලොක් බ්ලාස්ටර් ෆිල්ම් එක.. මට නම් කලින් දෙකටම වැඩිය මේක හොදයි 😁. කාර්ති සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා වගේ වැඩේට…සුපිරි ඇක්ෂන් සීන් ටිකක් තියෙනවා.. ගින්දර 🔥

මේක අධ්‍යක්ෂනය කරන්නේ P. S. Mithran කියන අධ්‍යක්ෂකවරයා.. මෙයා ගැන දන්නෙ නැත්තම් 2018 ආපු විශාල් ඉන්න Irumbu Thirai ෆිල්ම් එකයි, 2019 ආපු ශිවකාර්ති ඉන්න Hero ෆිල්ම් එකයි බලන්න.. මේ අධ්‍යක්ෂකවරයාගේ එක සුවිශේෂීත්වයක්‌ වෙන්නෙ ප්‍රධාන චරිතයට අමතරව තවත් සුපිරි දෙවනි චරිතයක් (සුපිරි නළුවෙක්) ෆිල්ම් එකට දාන එක.. ඒ දෙවනි චරිතේ එක්කෝ විලන් වෙන්න පුළුවන්.. එක්කෝ ප්‍රධාන චරිතය සමග සම්බන්ද වෙනත් චරිතයක් වෙන්න පුළුවන්… මන් කියපු කලින් ආව ෆිල්ම් දෙකේම නම්, ඒ චරිත වලට රංගනයෙන් දායක උනේ ඇක්ෂන් කිංග් අර්ජුන් නේ .. මේකෙත් එහෙම උප ප්‍රධාන චරිතයක් තියෙනවා, හැබැයි ඉන්නේ අර්ජුන් නම් නෙවෙයි.. ඒක ඔයාලා ෆිල්ම් එක බලලම දැනගන්න…

එතකොට මියුසික් කරලා තියෙන්නේ අපි කවුරුත් දන්න G. V. PRAKASH KUMAR.. සුපිරි මියුසික් ටිකක් තියෙනවා.. සින්දු 4කුත් එක්කම..ඒවත් Sub කරා.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය විදිහට අපිට දකින්න ලැබෙන්නේ කාගේත් ක්‍රෂ් එකක් වෙලා ඉන්න RASHI KHANNA… ලගදි ආපු Pakka Commercial එකෙනුත් අපි එයාගේ ලෝයර් වැඩ දැක්කනේ.. ඒවගේම ලෝයර් වැඩ ටිකක් මේ ෆිල්ම් එකෙනුත් බලාගන්න පුළුවන් ඔයාලට…

තව අනිවාර්යෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේකේ තවත් සුවිශේෂී නිලියක් ඉන්නවා.. එයා තමයි Laila Mehdin..අවුරුදු 15කට හෝ 16කට පමණ පසුව තමයි මැය චිත්‍රපටයක් සදහා දායකත්ව ලබා දීල තියෙන්නේ..2003 තිරගත උන Vikram – Surya ඉන්න Pithamagan ෆිලුමේ, Dil 2001 ෆිලුමේ ඉන්නෙ අන්න එයා.සර්දාර් ෆිල්ම් එකේ Main Story එකට Enter වීම සිද්ද වෙන්නෙ මේ නිළිය හරහා තමයි.. එතරම් සුවිශේෂී චරිතයක් කරන්නේ…

තව Rajisha Vijayan, Chunky Panday, Sahana Vasudevan වගේ ගොඩක් දමිළ සිනමාවේ හමුවන නළු නිලියන් රැසක් අපිට මේ ෆිලුමේ බලාගන්න පුළුවන්…

ෆිලුමේ විස්තරේ පොඩ්ඩක් කියන්නම් වැඩිය නැතුව 😋

ඉන්ස්පෙක්ටර් විජෙයි ප්‍රකාශ් කියන්නේ තමිල්නාඩු පොලිසියේ ඉන්න ප්‍රසිද්දම පොලිස් නිලධාරියා.. පොලිසිය trending වෙන්නෙ කොතනද.. ඒක පිටිපස්සේ විජෙයි ඉන්නවා… අනික් දේ තමයි, මෙයාගේ තාත්තා දේශද්‍රෝහියා කියන ලේබල් එක අලවාගෙන හැංගිලා ඉන්න පුද්ගලයෙක්..විජෙයි මොනතරම් දේවල් පොලිසිය වෙනුවෙන් කරත් මේ දේශද්‍රෝහියෙක්ගේ පුතෙක් කියන ලේබල් එක ගලවගන්න නම් ලැබෙන්නේ නෑ…

විජෙයි පොඩි කාලේ ඉදන්ම ශාලු කියලා කෙල්ලෙක් පස්සෙනුත් යනවා 😂 එයා සෙට් කරගන්නත් try කරන ගමන් ඉන්නේ..

ඔන්න ඔහොම ඉද්දි තමයි මෙයාට, වතුර බෝතල් කරලා විකුණන සමාගමකට විරුද්දව ලොකු කැම්පේන් එකක් අරන් යන සමීරා කියන කාන්තාව උද්ගෝෂණයකදී හමුවෙන්නේ..ඔතනින් තමයි සම්පුර්ණ කේස් එකම පටන් ගන්නේ..ගොඩක් සංවේදී තැන් තියෙනවා ෆිලුමේ…බලන්නකෝ.

කව්ද මේ සමීරා කියන්නේ.. ඇයි එයා එහෙම වතුර බෝතල් සමාගම් වලට විරුද්දව ඉන්නේ…?

එතකොට මේ ෆිලුමේ විශේෂයම දේ… කව්ද මේ සර්දාර් කියන්නෙ 😈💪..

සර්දාර් ගැන මන් මොකුත්ම නොකිය ඉන්නම්.. ඒක ෆිල්ම් එක බලලම දැනගන්නකෝ…

වටිනා දෙයක් කියලාම ඉවර කරන්නම්:(ෆිලුමට අදාලයි ඇ 😛) වෙළද පොලේ විකුනන්න තියෙන වතුර බෝතල් එදිනෙදා පාවිච්චියට ගන්න එපා.. වෙළදපොලෙන් වතුර බෝතලයක් අරන් බීලා ඒ බෝතලේ අයින් කරමු .. වැඩට යද්දී, පාසල් යද්දී වතුර අරන් යනවා නම්, වීදුරු බෝතලයක් හෝ එදිනෙදා පාවිච්චියට සුදුසු සෞඛ්‍යට හිතකර බෝතලයක් අරන් යමු..සෞඛ්‍ය ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමු!

එහෙනම් මං ගිහිල්ල එන්නම්.. තවත් හොද ෆිලුමක් එකක් සෙට් වෙමු.. බුදුසරණයි..ජේසු පිහිටයි හැමෝටම ❤️

“එකපාරක් ඔත්තුකාරයෙක් උනා කියන්නේ…
සදහටම ඔත්තුකාරයෙක්…”

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

12 comments

  1. Chaturange Madanayake

    Hardcoreded sub one..

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. Love today 2022 tamil film eke subtitles dala dennako

  4. tharaka dharmapriya

    sub eka hariyata play wenne na ne

  5. Sub ekata thanks Wednesday 2022 tv series ekatath sub danna puluvanda

  6. Thank You!!!

  7. Thank you ❤️❤️❤️

  8. Dinushka Miyuranga Weerasekara

    Sub එක web dl ගැලපෙන්නේ නැහැ නේ හරියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login