The title of the page
Samjin Company English Class (2020) Sinhala Sub
Samjin Company English Class (2020) Sinhala Sub
6.6
90

Samjin Company English Class (2020) Sinhala Subtitles | උසස්වීමක් | සිංහල උපසිරැසි සමඟ

(Samjin Company English Class (2020) Sinhala Subtitles) ඔන්න එහෙනම් අද මම තවත් උපැසිරසියක් ගෙනාවා මේ අවුරුද්දේ සම්මාන කීපයකටම පාත්‍ර වුණ පවුලේ සැමට එකට නරඹන්න පුළුවන් තවත් ලස්සන කොරියානු චිත්‍රපටියක්.ඒ තමා Samjin Company English Class 2020 ඔක්තෝම්බර් 21 නිළ වශයෙන් තිරගතවීම් ආරම්භ කරපු මේ චිත්‍රපටියට 6.6 ක IMDb අගයකුත්, 90% ක තරම් ඉහළ ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබාගන්න පුළුවන් වුණා.ඒ වගේම ඇමෙරිකානු ඩො.මි 12.7 ක ආදායමකුත් ලබාගන්න මේ චිත්‍රපටිය සමත් වුණා

♦ Directed and Screenplay – Lee Jong-pill
♦ Produced by – Park Eun-Kyung
♦ Music by – Dalpalan

මේ චිත්‍රපටියට ප්‍රධාන නිළියන් තුන්දෙනා විදිහට Ko Ah- Song (ලී ජා-යොන්ග්), Esom ( ජන්ග් යූ-නා),Park Hey-soo (සිම් බෝ-රාම්) රංගනයෙන් දායක වෙනවා.ඒ වගේම Kim Jong-Soo, Lee Sung-Wook, Lee Bong-Ryun වගේ ජනප්‍රිය නළුනිළියනුත් චිත්‍රපටියට දායක වෙනවා.ඒ වගේම මේ අවුරුද්දෙ පෙබරවාරි මාසයේ පැවැත්වුණ 2020 41st Blue Dragon Film Awards සම්මාන උළලේදී,

හොඳම සහය නිළියට හිමි සම්මානය (Esom)
හොඳම සංගීත නිර්මාණය හිමි සම්මානය(Dalpalan)
හොඳම කලා නිර්මාණයට හිමි සම්මානය(Bae Jung-yoon)

යන සම්මානවලින්ද කොරියානු සිනමා රසිකයින් කවුරුත් දන්න මෙවර 2021 57th BaekSang Arts Awards උළලේදී හොඳම චිත්‍රපටියට හිමි සම්මානයත් ලබා ගන්න සමත් වුණා. කතාව ගැනත් චුට්ටක් කියලම මම නවතින්නම්…..

1995 දී ලී ජා-යොන්ග්, ජන්ග් යූ-නා ඒ වගේම සිම් බෝ-රාම්, සම්ජින් කොරියානු සමාගමේ වැඩ කරන යාළුවෝ තුන් දෙනෙක්.තමන් වැඩට දක්ෂ වුණත් තුන්දෙනාටම තියෙන්නෙ සාමාන්‍ය අධ්‍යාපන පසුබිමක් නිසා සමාගමේ අඩියෙම තැනක ඉන්නෙ.කොරියාව ගෝලීයකරණයට මුහුවීමත් එක්ක ඉංග්‍රීසි දැනුමට වැඩි වටිනාකමක් ලැබෙන්න ගන්නවා.ඒ අතරේ TOEIC(ජාත්‍යන්තර සන්නිවේදනය සඳහා ඉංග්‍රීසි පරීක්ෂණය) විභාගයෙන් ලකුණු 600 වඩා ගන්න අයට සහකාර කලමණාකරන උසස්වීමක් දෙනවා කියලා සමාගම නිවේදනය කරනවා.මේ තුන්දෙනත් උසස්වීම බලාපොරොත්තුවෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න පටන් ගන්නවා.මේ දේවල වෙන අතරේ ලී ජා-යන්ග් කාර්‍යාලීය වැඩකට සමාගමේ කර්මාන්තශාලාවකට යද්දි දකිනවා අවට මුළු ගමක්,පරිසරයක් විනාස වෙමින් කර්මාන්තශාලාවෙන් වෙන ෆීනෝල් රසායනික ද්‍රව්‍ය කාන්දුවක්.ඒ ගැන පරීක්ෂණ වුනත් ඒවායේ ඇත්ත වසන් වෙලා බොරු පරීක්ෂණ වාර්තා ලැබෙනවා.මේ නිසා මේ අපරාදයේ සුලමුල,කවුද පරීක්ෂණ වසන් කරන්නෙ කියලා හොයාගන්න තමන්ගේ යාළුවො දෙන්නත් එක්ක ජා-යොන්ග් හොරෙන්ම පරීක්ෂනයක් පටන් ගන්නවා….

අන්තිමේට මොකද වෙන්නෙ කියලා දැනගන්න මේ චිත්‍රපටිය බලලම ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරන ගමන් තවත් උපැසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

7 comments

  1. මේ සබ් එකට ගොඩක් ස්තූතියි. Tunnel Kdrama Series එකටත් සබ් දෙන්නකෝ.

  2. Thank you❤ කොරියානු කතා මාලාවකටත් සබ් දෙන්න පුළුවන් නම්.

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. සබ් එකට බොහෝම ස්තූතියි සහෝ! තවත් කොරියන් movies වලට දිගටම සබ් දෙමු!

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Sub ekata thank you😊. Pluwan nam Miss & Mrs Cops kiyana korean movie ekatath sub eka denna plz 🙏

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login