The title of the page

Saaho (2019) Sinhala Subtitles|වාජි නගරයේ බලවතුන්ගේ සංග්‍රාමය|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන් 🙏

සිනමාලෝලී ආදරනීය යාලුවන් හැමෝටම..අදත් සිංහල උපසිරැසි ගැන්වීමක් එක්ක හම්බෙන්න ආවේ කව්රුත් ඔර්ජිනල් පිටපතක් එනකම් බලන් උන්නු සිනමා සලරුවකට..මෙය තෙලිඟු ,මලයාලම් ,දමිල,හින්දි ලෙසින් භාශා හතරකින් තිරගත වුනා..

තෙලිඟු සිනමාවේ දැවැන්තම වියදමක් කරමින් සාර්ථකව තම ගමන ගෙන ගිය (සාහෝ) saaho-2109 ගැනයි මේ..

මාශල් අයියගෙන් විසතරයක් අහමු එහෙනම් .

නම කිව්ව සැනින් දන්නවානේ ඉතින් මේක Imbd නම් 5.7 වගේ තමා ඒ වගේම කුනුතක්කාලි වල 9% අගයක් අරන් තියෙනවා .

සාහෝ, අධ්‍යක්ෂක වරු සුජිත් ගේ අධ්‍යක්ෂණයෙන් සහා අතිදැවැන්ත නළුවෙක් වෙන ප්‍රභාස් ගේ රංගනයෙන් නිර්මාණය වුන අතිදැවැන්ත චිත්‍රපටයක්, කෙටියෙන් කිව්වොත් හොලිවුඩ් රේන්ජ් එකක් විදිහට නිර්මාණය වුන චිත්‍රපටයක් තමයි සාහෝ කියන්නේ, අවුරුදු දෙකක නිර්මාණයක්, කෝටි 350ක වියදම් කිරීමක්. 2019 අගෝස්තු මස 30වෙනිදා තිරගත වීමට ආරම්භ වුනා මේ චිත්‍රපටය.

ප්‍රභාස්ට රංගනය බෑ කියලා අපිට කියන්න බෑ, ඒකට හේතුව බාහුබලි 1/2, මේ චිත්‍රපටි දෙකම බලපු අයට දැන ගන්න පුළුවන් ප්‍රභාස් ගේ රංගනයේ ලෙවල් එක කොච්චරක්ද කියලා. අධ්‍යක්ෂක සුජිත් උපරිම උත්සාහයක් දක්වලා ප්‍රභාස්ව ගැම්මට පෙන්නුම් කරලා තියෙනවා.

මේ චිත්‍රපටයේ scriptඑක පැත්ත බැලුවොත්. ඒකත් හොලිවුඩ් script එකක් තමයි. ඒ කියන්නේ Mission impossible වගේ. Tom cruise ට මොනවහරි mission එකක් බාර දෙයි. ඒක ඒයාගේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා complete කරන්න සුදානම් වෙයි, මේ අතර Tom cruise ලොකු කන්දක් උඩ ඉදන් පනිනවා,ඉටපස්සේ බයික් එකට පනිනවා, බයික් එකෙන් කාර් එකට පනිනවා, කාර් එකෙන් ලොරියකට පනිනවා, ලොරියෙන් හෙලිකොප්ටර් එකකට පනිනවා, අන්තිමට Mission එක ඉවර කරනවා.

පලමුවරට තෙලිඟු සිනමාවට අවතීර්ණ වෙමින් බොලිවුඩයේ සුපිරි තාරකාව Shradda Kapoor මෙහි ප්‍රධාන රංගනශිල්පිනිය ලෙසින් දායකත්වය සපයනවා..ඊට අමතරව ඉන්දියානු සිනමාවේ ඉහලින්  වැජඹෙන තරු රාශියකගේ රංගන දායකත්වය මීට හිමිව තිබෙනවා..

Screenplay, චිත්‍රපටයක script එකට වඩා ගොඩක් වටිනා දෙයක්. Script එක විනාඩි දෙකෙන් ඉවර කරන්න පුළුවන්, හැබැයි screenplay එක පැය තුනක හෝ දෙකක කාලයක ගමන් කරන දෙයක්. ඒ නිසා screenplay එක ගොඩක් වටිනවා චිත්‍රපටයකට.

• පලවෙනි එක,. සුජිත් හොලිවුඩ් රේන්ජ් එකටම චිත්‍රපටය නිර්මාණය කරන්න ඕන නිසා කොයිදෝ, මම trailer breakdown එකේ කිව්වා වගේ, මැදින් මැද Mission impossible, Trasfomer,Terminator, මේ වගේ හොලිවුඩ් චිත්‍රපටි වල කැපී පෙනෙන ඇක්ෂන් විශුවල් ගොඩක් සාහෝ චිත්‍රපටයේ screenplay එකට ඇතුල් වෙලා තියෙනවා.

• දෙවෙනි එක, හොලිවුඩ් විශුවල්, අධ්‍යක්ෂක වරු ශන්කර් හොලිවුඩ් රේන්ජ් එකක් විදිහටම චිත්‍රපටයක් නිර්මාණය කලා, 2.O කියලා, ගොඩක් දෙනෙක් එකට කැමති වුනා අකමැති වුනා, හැබැයි අධ්‍යක්ෂක වරු ශන්කර් ගේ හැකියාව හැමෝම දැන ගත්තා. ඒකට හේතුව, එයා 3D ලෙවල් එකකටම විශුවල් ටික අරන් ගියා, හැබැයි ඉන්දියාවෙන් පිට එයා එක විශුවල් එකක්වත් අරන් ගියේ නෑ. සම්පූර්ණ චිත්‍රපටයම එයා ඉන්දියාවේ තමයි නිර්මාණය කරලා තිබ්බේ, graphics කරත්, සීන් වලට ඉන්දියන් background place තමයි පාවිච්චි කරලා තිබ්බේ. ඒ නිසා ගොඩක් දෙනෙක් දැන ගත්තා අධ්‍යක්ෂක වරු ශන්කර්ට හොලිවුඩ් රේන්ජ් එකකට චිත්‍රපටයක් නිර්මාණය කරන්න 100% හැකියාවක් තියෙනවා කියලා.

හැබැයි අධ්‍යක්ෂක වරු සුජිත් ඒ දේ පෙන්නුම් කරලා නෑ. හොලිවුඩ් රේන්ජ් එකක් විදිහට, එක සීන් එකක්වත් ඉන්දියාවේ පෙන්නුම් කරලා නෑ. ෆෑන්ටසි සීන් ඔක්කෝම හොලිවුඩ් background වලින් තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. මේ දේ නිසා ඇත්තටම සුජිත් ට හොලිවුඩ් රේන්ජ් එකකට චිත්‍රපටයක් නිර්මාණය කරන්න පුළුවන් ද කියලා දැන ගන්න අමාරුයි. ඒ නිසා එයාට හැකියාවක් නැතුව නෙමෙයි. ඇත්තටම මේ සාහෝ චිත්‍රපටය සුජිත් ට ලැබුනු ලොකු ජයග්‍රහණයක්. ඔහුගේ දෙවෙනි චිත්‍රපටය මේ වගේ ලෙවල් එකකට ගෙනියලා තියෙනවා කියන්නේ, ඔහු ඇත්තටම හැකියාවන්ත අධ්‍යක්ෂකවරයෙක්.

VFX ගැන කියලා වැඩක් නෑ, VFX වල තත්වය කොච්චර බරපතලයි ද කියලා චිත්‍රපටය පටන් ගන්න කොටම පෙන්නුම් කලා. පොඩි සීන් එකක,කෙනෙක් ගේ අතක් පිච්චෙනවා ගින්දර වලට, ඒ සීන් එකේ Graphics එක උපරිම හොදට පේනවා. මේ අතර අපේ ප්‍රභාස් පොඩි රොකට් බෑග් එකක් කරට දාගෙන පියාඹගෙන යනවා . Big Screen එකේ බලනකොට උපරිම හොදට පෙනුනා. 😥. හැබැයි කෝටි 350ක budget එකක්, ඒ budget එකට ගැලපෙන විදිහට graphics විශුවල් ටික හොදට කරලා තියෙනවා. අගේ කරන්න ඕන දෙයක් 👏.

• මේ චිත්‍රපටයේ ඇක්ෂන් එකට වගේම රොමැන්ටික් පැත්ත අගනා විදිහට පෙන්නුම් කරල තියනවා

තව පොඩි විස්තර ටිකක කියන්නම්කො

මේ චිත්‍රපටයට ලැබුණු ලොකු ම හයියක් තමයි, Music Director #Mohamaad_Ghibran. එයාගේ සංගීතය ගැන මම කියන්න ඕනේ නෑ. රාච්චසන් චිත්‍රපටයෙන් ඔයාලම දැන ගන්න ඇති. ඒ වගේම තමයි ප්‍රභාස්, මේ චිත්‍රපටයට ලැබුණු ලොකු හයියක්. බාහුබලි එකෙන් පස්සේ ප්‍රභාස් අතිදැවැන්ත නළුවෙක් විදිහට මාරු වුනා. ඒක හැමෝටම දන්න දෙයක්. අවුරුදු දෙකක් තිස්සේ එයාගේ කිසිම චිත්‍රපටයක් ආවෙත් නෑ. ඒ නිසා සාහෝ චිත්‍රපටයට ගොඩක් දෙනෙක් ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියේ.

 එකෙ තියන සින්දු ටික ගත්තොත් විනාඩි 14 දාවන කාලයක් තියෙන්වා …. එවා නම් 

Track list Hindi

Track listing
No. Title Lyrics Music Singer(s) Length
1. “Psycho Saiyaan” Tanishk Bagchi Tanishk Bagchi Sachet TandonDhvani BhanushaliTanishk Bagchi 2:46
2. “Enni Soni” Guru Randhawa Guru Randhawa Guru Randhawa, Tulsi Kumar 4:18
3. “Bad Boy” Badshah Badshah Badshah, Neeti Mohan 2:58
4. “Baby Won’t You Tell Me” Manoj Yadav Shankar–Ehsaan–Loy Alyssa Mendonsa, Ravi Mishra, Shankar Mahadevan 4:22
Total length: 14:24

Track list Malayalam

Track listing
No. Title Lyrics Music Singer(s) Length
1. “Psycho Saiyaan” Vinayak Sasikumar Tanishk Bagchi Yazin Nizar, Dhvani Bhanushali, Tanishk Bagchi 2:46
2. “Ekaantha Thaarame” Vinayak Sasikumar Guru Randhawa Haricharan, Shakthisree Gopalan 3:13
3. “Bad Boy” Vinayak Sasikumar Badshah Badshah, Benny Dayal, Sunitha Sarathy 2:57
4. “Baby Won’t You Tell Me” Vinayak Sasikumar Shankar–Ehsaan–Loy Shweta Mohan, Shankar Mahadevan 4:22
Total length: 13:18

Track list Tamil 

Track listing
No. Title Lyrics Music Singer(s) Length
1. “Kadhal Psycho” Madhan Karky Tanishk Bagchi Anirudh Ravichander, Dhvani Bhanushali, Tanishk Bagchi 2:46
2. “Mazhaiyum Theeyum” Madhan Karky Guru Randhawa Haricharan, Shakthisree Gopalan 3:13
3. “Bad Boy” Vignesh Shivan Badshah Badshah, Benny Dayal, Sunitha Sarathy 2:57
4. “Unmai Edhu Poy Edhu” Madhan Karky Shankar–Ehsaan–Loy Shweta Mohan, Shankar Mahadevan 4:22
Total length: 13:18

Track list Telugu

Track listing
No. Title Lyrics Music Singer(s) Length
1. “Psycho Saiyaan” Sreejo Tanishk Bagchi Anirudh Ravichander, Dhvani Bhanushali, Tanishk Bagchi 2:46
2. “Ye Chota Nuvvunna” Krishna Kanth Guru Randhawa Haricharan, Tulsi Kumar 3:14
3. “Bad Boy” Sreejo Badshah Badshah, Neeti Mohan 2:57
4. “Baby Won’t You Tell Me” Krishna Kanth Shankar–Ehsaan–Loy Shweta Mohan, Siddharth Mahadevan, Shankar Mahadevan 4:22

 

මේ ආකරයට භාශා 4 කින් ගීත අඩන්ගු වෙනවා .

ඒ වගේම ……………..

•°ඇක්ෂන් විශුවල් ඔක්කොම කිසිම අඩුපාඩුවක් නැතුව නිර්මාණය කරලා තියෙනවා. Climax එක ඊට වඩා සුපිරියට නිර්මාණය කරලා තියෙනවා.

cinematography, ඇක්ෂන් විශුවල් ටික උපරිම හොදට අල්ලගෙන වැඩ කරලා තියෙනවා. ඒ වගේම තමයි කැමරා මෑන්. උපරිම උත්සාහයක් දක්වලා පැහැදිලි සහා ෆෑන්ටසි ෆ්රේම් එකක් පෙන්නුම් කරලා තියෙනවා.

ඔන්න ඉතින් මෙච්චර විස්තර කරල කියපු එකේ ආයි කතාවේ මොනා කියන්නද නේද..? මෙතෙක් තියාගෙන ආපු කුතුහලය ඒ විදියටම තියාගෙන බලන්න කතාව නොකිය ඉන්නම්..

එහෙනම් තවත් අද්විතීය තෙලිඟු සිනමා සලරුවක අත්දැකීම විඳගන්න ඇරයුම් කරමින්..ඔයාලගෙ වටිනා අදහසත් පහලින් දාන්න කියන ඉල්ලීමත් එක්ක මම යන්නම් නුදුරේදිම තවත් අපූර්ව සිනමා සලරුවකින් මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් ….

ඔබට ජය ✌

ලිපියට වටිනා කරුණු රාශියක් එක්ක අපේ මාෂල් ජෑන්ස් සොයුරාට ස්තූතිය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

17 comments

  1. error ekak enawa

  2. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 😊👊
    ජය වේවා.! 👍

  3. Pattanee bro ikmanatama sub dunna.. sthuthi sahooo

  4. හම්මෝ ෆිල්ම් එක ආපු ගමන්ම සෙනිකව සබ් එකත් ගෙනල්ලා.. 🙂
    බොහොම ස්තූතියි බ්රෝ (Y)

  5. thanks machan

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  7. Peter Barthelot
    Cineru Family Member

    පට්ට හලෝ ,

  8. madra raja malayalam sub eka dennoooo

  9. පට්ට

  10. Asanka Weerasinghe
    Cineru Family Member

    elama

  11. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  12. Thanks madhuwa..❤️

  13. Kohomada sahoo downloade karanne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login