The title of the page
Rules Ranjann (2023) Sinhala Subtitles
Rules Ranjann (2023) Sinhala Subtitles
4.6
63

Rules Ranjann (2023) Sinhala Subtitles | නුඹයි මගේ හුරතලී | සිංහල උපසිරැසි සමඟ

(Rules Ranjann (2023) Sinhala Subtitles) (Rules Ranjann (2023) Sinhala Sub) (Rules Ranjann Sinhala Subtitles) (Rules Ranjann Sinhala Sub)

සුභ නත්තලක් වේවා ඔයාලට 😌♥️ ඔන්න නත්තල් තෑගිත් අරන් මං සයිට පැත්තට ගොඩ උනා කාලෙකින්..

ඉතින් හා හා බුරා කියලා කාලෙකට පස්සේ මං සාමන්‍යයෙන් ගේන්නේ නැති ජාතියේ හැබැයි ගොඩක් ආසම Rom-Com කියන ටයිප් එකේ ෆිලුමක් අරගෙන ආව.. වැඩේ බාර දුන්නු සමිත අයියාවත් මතක් කරගෙනම ෆිලුම දිහාට යං…

මේ අවුරුද්දේ ඔක්තෝම්බර් 06 වෙනිදා නිකුත් වෙච්ච මේ තෙළිගු ෆිලුම අයත් වෙන්නෙ Romantic / Comedy කියන Category එකට.. එතකොට මේක අධ්‍යක්ෂණය කරන්නේ කියන Rathinam Krishna කියන අධ්‍යක්ෂකවරයා විසින්..එතකොට මේකෙ ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නේ Kiran Abbavaram කියන තෙළිගු නළුවා විසින්.. මේක මෙයාගේ මේ අවුරුද්දේ ආපු තුන්වනි ෆිල්ම් එක..

රංගනය පැත්ත ගැන කියනවා නම් Rom-Com නිසා ඉතින් රංගනය නම් නෝමල් ඉතින්.. ඔයාලම බලලා තීරණය කරන්නකෝ.. එතකොට ප්‍රධාන නිළිය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ මගේ ක්‍රෂ් එකක්..ගොඩක් අයගේත් ක්‍රෂ් එකක්.. ඒ වෙන කවුරුත් නෙවෙයි ගොඩක් අය DJ Tillu ෆිල්ම් එක හරහා අදුරගත්ත Neha Shetty..ඇත්තටම මට නම් DJ Tillu ෆිලුමත් එක්ක බලද්දී මේකෙ මෙයාගේ රංගනය ගොඩක් නම් මදි..

අනික Screen Time උනත් මෙයාට වෙන්වෙලා තිබ්බ මදි.. ඊළගට තෙළිගු කොමඩි කිව්වොත් අපිට මතක් වෙන එකම නම Vennela Kishore නේ.. එයත් මේකෙ ආතල් Character එකක් කරනව..ඇත්තටම කිව්වොත් නේහාට වඩා ක්‍රිෂෝර්ට වැඩි ඉඩක් ෆිලුමේ දීලා තියෙනවා වගේ එකක් මට නම් දැනුනා.. අන්තිම ටිකේ මං කල්පනා කරේ මේකෙ Main Character එක කිෂෝර් ද කියල, කන්ෆියුස් උනා..කොහොමින් කොහොමින් හරි ඔලුවට ලොකු බරක් නැති කේක් වගේ ෆිලුමක් මේක..අනිවාර්යෙන්ම බලන්න ලස්සන ෆිල්ම් එකක් ❤️

Cast
Kiran Abbavaram as Manoranjan (Ranjan)
Neha Shetty as Sana
Meher Chahal as Swapna
Vennela Kishore as Kamesh
Subbaraju as Sana’s brother
Hyper Aadhi
Harsha Chemudu
Annu Kapoor

විස්තරේ පොඩ්ඩක් කියන්නම්කො

මනෝරන්ජන් කියන්නේ සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙක්.. මෙයා වැඩ කරන්නේ මුම්බයි වල.. මෙයා වැඩ කරන තැන කට්ටිය මෙයාට කියන්නේ රූල්ස් රන්ජන් කියලා..ඒකට හේතුව තමයි පොරගේ දඩ නීති.. ඔෆිස් එකේ බොසාටත් මේ නීති අදාලයි.. උදාහරණයක් විදිහට ගත්තොත් 8 වෙනකොට ඔෆිස් එකට එන්න ඕන්නම් හැමෝම ඊට කලින් එන්න ඕන..

ඔහොම නීති දාගෙන කෙල්ලෙක් වත් නැතුව පොර වේලි වේලි ඉද්දි හදිස්සියේ පොරට, අවුරුදු 4කට කලින් කොලේජ් කාලේ ලව් කරපු “සනා” කියන කෙල්ලව සෙට් වෙනවා..ඇත්තටම කියනවා නම් කොලේජ් කාලේ මෑන් one side ලව් එකක් තමයි කරල තියෙන්නේ.. කෙල්ල දන්නෙත් නෑ.. හැබැයි ඉක්මනට කෙල්ලව ෆිට් කරගෙන දවසක් කෙල්ලත් එක්ක ගත කරනව පොර..ඔහොම ඉදල අන්තිමට කෙල්ල ගෙදර යද්දී නම්බර් එක ඉල්ලගන්න බැරි වෙනවා කොල්ලට.. කෙල්ල ගියාට පස්සේ තමයි කොල්ලට අප්සට් යන්නෙ..

ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නේ.. ඉතුරු ටික ඔයාලටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනව..

ගිහිල්ල එන්නම් ❤️ හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

තවත් නත්තල් තෑග්ගක් එක්ක ඉක්මනින් එන්නම්කො..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. laKMal
    Cineru_users

    සුබ නත්තලත් වගේම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ශානෝ….
    සබටත් තෑක්ත්ස් මචෝ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login