Rob1n (2025) Sinhala Subtitles
Rob1n (2025) Sinhala Subtitles
3.6

Rob1n (2025) Sinhala Subtitles | “ රොබින් කියන්නෙ මගෙ පුතා ” | සිංහල උපසිරැසි සමඟ

(Rob1n (2025) Sinhala Subtitles) (Rob1n (2025) Sinhala Subtitle) (Rob1n (2025) Sinhala Sub)

ආයුබෝවන් යාලුවනේ! අද මම අරගෙන ආවේ 2025 අවුරුද්දේ රිලීස් වුණු ටිකක් වෙනස් විදියේ ෆිල්ම් එකක් ගැන විස්තරයක්. ෆිල්ම් එකේ නම තමයි Rob1n (2025).

ඔයාලා M3GAN, Chucky වගේ බෝනික්කන්ගෙ ෆිල්ම් බලන්න ආස කෙනෙක් නම්, මේකත් ඒ වගේම අත්දැකීමක් ගන්න පුළුවන් ෆිල්ම් එකක්.

කතාව පැත්තට ටිකක් හැරුණොත්… මේ කතාව ගෙතිලා තියෙන්නේ රොබෝ තාක්ෂණය පිළිබඳ විශේෂඥයෙක් වටා. මෙයාට එයාගේ අවුරුදු 11ක ආදරණීය පුතාව අවාසනාවන්ත විදියට අහිමි වෙනවා. තමන්ගේ දරුවා නැතිවුණු දුක දරාගන්න බැරිම තැන, මේ තාත්තා තීරණය කරනවා තමන්ගේ දැනුම පාවිච්චි කරලා ඒ පුතාගේ රූපෙටම සමාන, සම්පූර්ණයෙන්ම වැඩ කරන රොබෝ බෝනික්කෙක් නිර්මාණය කරන්න. එයා මේ රොබෝට දාන නම තමයි ‘රොබින්’ (Robin). පුතාගේ අඩුව පුරවගන්න හදපු මේ රොබෝ බෝනික්කා නිසා මේ තාත්තාගේ ජීවිතේට ඉස්සරහට මොන වගේ දරුණු දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා දැනගන්න නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා.

IMDb දර්ශකයේ මේ ෆිල්ම් එකට 3.6/10 ක අගයක් තමයි ලැබිලා තියෙන්නේ. රේටින්ග්ස් ටිකක් අඩු මට්ටමක තිබුණත්, රොබෝ තාක්ෂණයයි, ත්‍රාසයයි එකතු වුණු වෙනස්ම concept එකක් තියෙන නිසා කම්මැලි නැතුව එක පාරක් බලන්න පුළුවන් ෆිල්ම් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

එහෙනම්, ෆිල්ම් එක බලන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. තවත් මේ වගේම ෆිල්ම් එකකින් ඉක්මනින්ම හමුවෙමු. හැමෝටම ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


740
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login