The title of the page
RJ Madonna Sinhala Subtitle
RJ Madonna Sinhala Subtitle
7.7

RJ Madonna (2021) Sinhala Subtitles | “නිවේදිකාවකගේ ඉරණම” | සිංහල උපසිරැසි සමඟ

(RJ Madonna (2021) Sinhala Subtitles) (RJ Madonna 2021 Sinhala Subtitle)

ඔන්න එහෙනම් අදත් ඉක්මනින්ම ආවේ අළුත්ම මලයාලම් සිනමාපටයකට සිංහල උපසිරසි අරගෙනයි. 2021 දෙසැම්බර් මස 24 වෙනිදා රිලීස් වුණ මලයාලම් සිනමාපටයක්.එහෙනම් මුලින්ම මේකට උපසිරසි කරන්න අවස්ථාව සලසා දීපු සිනෙරු උපසිරසි කණ්ඩායමට මුලින් ස්තූතිය පුද කරනවා. 

ඔබව ප්‍රහේලිකාවකට ඇද දමන Amalendu K Raj ගේ රංගනයෙන් හැඩවු  ත්‍රාසජනක චිත්‍රපටයකි. අභිරහස් කෝණයක් සහිත ත්‍රාසජනක චිත්‍රපටයකි. චිත්‍රපටිය නිකුත් වන්නේ 2021 දෙසැම්බර් 24 වන දිනයි. කතාව ගෙතෙන්නේ නිර්භීත ගැහැණු ළමයෙකුගේ ජීවිතය වටා ය. ඇය අද්භූත සිදුවීම් වලට මුහුණ දෙන අතර, ඇයට ඇති වන ගැටළු විසදාගන්නා ආකාරයත්ය.

නවක අධ්‍යක්ෂකවරයකු වන ආනන්ද් ක්‍රිෂ්ණා රාජ් විසින් RJ Madonna  ආර් ජේ මැඩෝනා සිනමාපටය අධ්‍යක්ෂණය කරන ලදී. Survival Thriller එකක සම්පූර්ණ අත්දැකීමක් ලබා දෙන අතරම, චිත්‍රපටය අභිරහස් පැත්තටද යොමු කරනු ලබයි. තරුණ නිළියක වන මේඝනා (Amalendu K Raj) නුහුරු නුපුරුදු නිවසකදී ඇය මුහුණ දෙන අනපේක්ෂිත සිදුවීම් කිහිපයක් වටා කථාව ගෙතී යයි. ප්‍රධාන චරිතය නිවසේ සිටින ආගන්තුකයෙකු සමඟ ඇයට මුහුණ දීමට වන සිදුවීම් සමග ගලායයි.. නමුත් උච්චතම අවස්ථාව ඔබව ප්‍රහේලිකාවකට පත් කරන බව නිසැකයි, මොකද ඕනෑම කෙනෙකුට කථා වස්තුව ගැන නැවත වරක් සිතා බැලීමට ඉඩ සලසන බැවිනි.

කතාව පැත්තට ගියොත්,

අචු නැමති අයෙකු චිත්‍රපටයකට කථාංගයක් වෙනත් අයෙකුට පවසන තැනකින් ආරම්භ වේ.  රේඩියෝ නාලිකාව වැඩසටහන් මෙහෙයවන අයකු වන මේඝනා ඔහුගේ  කලින් පෙම්වතා සමග පාළු ප්‍රෙද්ශයක දිනක් ගත කිරීමට යයි. ඒ පෙර පෙම්වතා වු විවේක් සමගිනි.  මොවුන් දෙදෙනා නගරයෙන් වෙන් වූ හුදෙකලා පාළු ප්‍රදේශයකට යන්නේ විවේක්ගේ යහළුවෙක්ගේ නිවසට යැයි මේඝාට පවසමිණි. නිවස සොයා නිවස ඇතුලට යන දෙදෙනාම විවේක් මේඝණාව පුදුම කරන්නට සිතා යමක් සිදු කිරීමට මේඝනාගේ ඇස් බැද තබයි. ඉන් පසු මේඝනාටත්, විවේක්ටත් අනපේක්ෂිත අමුත්තෙකුට මුහුණ දෙන අතර, ඉන්පසු අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දීමට සිදු වෙයි.

එහෙනම් කථාව මොකද වෙන්නේ කියලා බලන්න කියන ගමන් මම යනවා. සියළු දෙනාට තෙරුවන් සරණයි.

 

– චිත්‍රපටය පිළිබද විස්තර බිදක් –

 කාණ්ඩය                :  Thriller\ Drama

 අධ්‍යක්ෂණය           : Anand Krishna Raj

 නිෂ්පාදනය        :  Anand Krishna Raj

 රංගන ශිල්පීන්      : Amalendu K. Raj, Anil Anto, Sher Shah Sheriff

 ධාවන කාලය         : 91 mins

 තිරගත කල දිනය     :  24 Dec 2021

 IMDB අගය       :  7.7/10

(RJ Madonna Sinhala Subtitle) (RJ Madonna Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

7 comments

  1. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    පට්ට සබ් හැදිල්ලක් හදන්නේ සුපිරි ආ සුපිරි.. 👌👌

  2. Thanks brother
    Aaha Malayalam filumatath sub denna

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Badva rascal sub plz

  6. .බොහෝම ස්තූතියි උපසිරැසියට.p

  7. Lalani Maduwanthi

    Thank you,,,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login